[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභයගිරිය සෑරදුන් වහන්සේ

   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසෙලාස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

ජයභූමියෙහි ඉදිවන සඳහිරු සෑය

වසර 40 ක් අන්‍ය ආගමික පාලනයක් සතුව තිබූ ශ්‍රී ලංකාව එක් සේසත් කර මුදවා ගැනීමේ විජයග්‍රහණයේ සංකේතයක් ලෙස දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකරවීය. එය එදත් අදත් අපේ මහා ස්තූපයයි. 1980 සිට අපේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් පැවතිණ. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඍජු නායකත්වය හා මෙහෙයවීම මත ඒ යුද්ධය 2009 මැයි 19 වැනිදා විජයග්‍රහණය කිරීමට අපේ ආරක්ෂක හමුදාවලට හැකි විය. ථූපවංශයේ සඳහන් අයුරින් විශාල ස්තූප අපේ රට පු‍රා ඉදිවී ඇත්තේ මේ අයුරින් රට සැබෑ නිදහස හා ස්වෛරීභාවය ලැබූ අවස්ථාවල දී ය. ඒ අනුව යමින් ඒ යුද ජය සැමරීමත් එම යුද්ධයේදි ජාති, ආගම් භේදවලින් තොරව දිවි පිදූ සියලු‍ දෙනා හට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන 2009 දී ජනපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මෙහෙයවීම් හා අධීක්ෂණය ඇතිව මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යය ලෙස අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ සඳහිරු සෑය’ මහා චෛත්‍යය ඉදිවීම ඇරැඹිනි. 2010 නොවැම්බර් 22 වැනිදා එය ආරම්භ කළ අතර 2014 නොවැම්බර් 23 වැනිදා එහි ධාතු නිධන් කිරීම සිදුවිය. අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි දුටුගැමුණු රජ හා එළාර රජ මුහුණට මුහුණලා සටන් කර දුටුගැමුණු රජ ජයගත් ජය භූමියේ සඳහිරු සෑය ඉදිවීම ද විශේෂත්වයකි. එහි වැඩ කටයුතු දැන් වේගවත් අයුරින් සිදුවෙන අයුරු පසුගියදා එහි ගිය අපට දැකගත හැකි විය.

ධර්ම දේශනාව:

පාපය මී පැණි වැනි විඳින කල ගිනිදලු මෙනි

අත්තාහි අත්තනෝ නාථෝ - කෝහි නාථෝ පරෝ සියා - අත්තනාව සුදන්තේන - නාථං ලභති දුල්ලභං, රජගහ නුවර සිටුතුමාගේ දියණිය ඉතාමත් දැහැමි ගුණවන්තියකි. පැවිදිවීමට මිස ගිහි සැප පිළිබඳ ව එතරම් ඇලීමක් නැත. සිටු මව්පියෝ කුමරිය සිටු කුමාරයෙකුට සරණ පාවා (විවාහකර) දුන්හ. එම කුමාරයා ද කුමාරිය මෙන් පිනට දහමට කැමති ය. වැඩිකල් යන්නට පෙර කුමරිය ස්වාමියාගේ සිත දිනාගෙන මහණවීමට අවසර ලබා ගෙන මෙහෙණි ආරාමයක පැවිදි වූවා ය. එම ආරාමය දෙව්දත් තෙරුන්ගේ පාක්ෂික මෙහෙණින් වාසය කරන ස්ථානයකි. පැවිදි වූයේ විවාහයටපත් අලුතම ය. ඒ වන විට ද කුමරියගේ කුසෙහි දරු ගැබක් පිළිසිඳ ගෙන තිබුණි. පැවිදි වූයේ ඒ බව නොදැන ය. ටිකෙන් ටික කුස වර්ධනය විය. කුසෙහි ස්වභාවය දක්නට ලැබීමෙන් පසු, නේවාසික මෙහෙණින් වහන්සේලා ත්‍රාසයට, භීතියට, කුතුහලයට කළ කිරීමට පත්වූහ. මේ සිද්ධිය දෙව්දත් තෙරුන්ට දැන්වීමෙන් පසු වෙන කළ හැක්කක් නොවන බැවින් අන් මෙහෙණින් වහන්සේලාට ද මෙය අපහාසයක් නින්දාවක් නිසා සිවුරු හරවා යවන ලෙස දැන්වී ය. එම මෙහෙණින් වහන්සේ පැවිදි වූ පසු සිදු වූ දෙයක් නොවන බව හොඳාකාරව ම දනී. දෙවුදත්ගේ බසට කළකිරී ඒ බව බුදුරජාණන් වහන්සේට දැන්වූවා ය. බුදුරජාණන් වහන්සේ මෙහෙණියගේ දරු ගැබ ගිහි කළ සිදුවූවක් බව හොඳාකාර ව ම දනී. නමුත් මහජනතාවගේ සැකය දුරු කර නිවැරැදි විනිශ්චයක් ලබා ගැනීමට කොසොල් මහරජතුමා, අනේපිඬු සිටුතුමා විශාකා මහ උපාසිකාව යන අයට බාර කළහ. විනය සම්බන්ධ අගතැන්පත් උපාලි තෙරුන් වහන්සේ විනය පරීක්ෂණය සිදු කළහ. සියලු තොරතුරුවලින් ප්‍රකාශ වූයේ මෙහෙණින් වහන්සේ නිරවද්‍ය බවත්, පිරිසුදු බවත් ගිහි ජීවිතයේ දී සිද්ධ වූ දෙයක් ලෙසට සනාථ විය. විනයානුකූල ව හා සාකච්ඡා තුළින් ස්ථිර විය. මෙසේ දින සති මාස සම්පූර්ණ වීමෙන් පසුව මෙහෙණින් වහන්සේ මහා පුණ්‍යවන්ත පුත් රුවනක් බිහි කළා ය.

දැවෙන සිත් නිවන්නට සුමිතුරෙකි සාහිත්‍යය

ලෝකයේ අඳුරත්, ආලෝකයත් එක් වූ හැම විටම එම අඳුර ආලෝකයට බියෙන් පැන යයි. අඳුරු කුටියකට පහනක් රැගෙන ගිය විට එහි අඳුර ආලෝකයේ කෙළවර දක්වා පැන යයි. අඳුරත්, ආලෝකයත් සටන් කොට ජයගත් අඳුරක් නැත." සත්වයාගේ සම්භවය කවදා කෙසේ සිදු වූවා දැයි පැහැදිලි නිගමනයකට එළඹීමට තවමත් ලොව කිසිවෙකුටවත් නොහැකි වී ඇත. ඒ කෙසේ වෙතත් මානවයින්ගේ ආරම්භයෙන් දීර්ඝ කාලයකට පසුව විවිධ තර්ක විතර්ක වාද විවාද මගින් ඔවුනොවුන්ගේ දාර්ශනික මතවාදවල සංවාදවෙමින් ඥාන ගවේෂණයට පෙළඹී ගිය අයුරු මානව ඉතිහාසයේ සටහන් වී ඇත. මෙමගින් සිදු වූයේ මානවයින් ලොව අනෙක් සියලු සත්වයින් අභිභවා මොළය සංවර්ධනය කර ගනිමින් ඥාන ගවේෂණයේ පෙර ගමන් කරුවන් බවට පත් වීමයි. මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් පමණක් මිනිසා සම්පූර්ණත්වයට පත් නොවන බවට තේරුම් ගත් බවක් වැටහී යන්නේ මානසික සුවයක් බලාපොරොත්තුවෙන් ආගම දහම තම සමීපතමයින් ලෙස සලකා කටයුතු කිරීමට නැඹුරු වීමෙන් ය. ආගම දහම මෙන්ම මානව සිතට මෙකී සහනසීලී ආස්වාදයක් ලබාදෙන අනෙක් සුවිශේෂී අංගය වන්නේ සාහිත්‍යයි. සාහිත්‍ය සේවනයට යමෙක් මෙහෙයවනු ලබන්නේ ඔහු තුළ උපන් අසීමිත මානව දයාවයි. එහෙයින් ම සාහිත්‍යකරුවා සොඳුරු හිතවතෙකි. සාහිත්‍ය යනු සහෘදයා ආන්නදයෙන් ප්‍රඥාවට රැගෙන යාමය යන්න සාහිත්‍ය විෂය ක්ෂේත්‍රය කෙරෙහි දැක්විය හැකි පරිපූර්ණ එක් නිර්චනයෙකි.  අනුරාධපුර යුගයෙන් පටන්ගත් සිංහල සාහිත්‍ය වංශ කතාව පෝෂණය වූයේ බෞද්ධ දර්ශනය මුල් කොට ගෙන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එකී සාහිත්‍ය හෙළයන්ගේ ගමන් මඟ යහපත් ව ධාර්මික ව ඉදිරියට පවත්වා ගෙන යාමට මහඟු පිටුබලයක් සපයා ඇත. මෙහි දී අපගේ ව්‍යායාමය වන්නේ සිංහල සාහිත්‍ය තුළ අනර්ඝ නිර්මාණයක් වන පොළොන්නරු යුගයේ විද්‍යාචක්‍රවර්තීන් විසින් රචිත බුත්සරණ නම් කෘතියෙහි සමුදයාර්ථය විමසා බැලීමයි. බුදුන්වහන්සේ නාලාගිරි ඇතා දමනය කිරීම නිරූපණය කළ අවස්ථාව ලොව සමස්ත මානවයින්ට ම විශිෂ්ටතම පාඩමක් කියා දෙයි. එම අවස්ථාව නිරූපණය කළ අයුරු මෙසේ ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]