[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

  ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

 

ඩී.ආර්. විජයවර්ධන මහතාගේ 134 වැනි ජන්ම දිනය නිමිත්තෙනි:

දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය බිහි කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

ගෞතම බුදුපියාණන් වහන්සේ තෙවරක් ම අපේ රටට වැඩම කළ සේක. තෙවන වර වැඩම වූයේ ඓතිහාසික කැලණිය පුදබිම වෙත ය. බුදුරදුන්ගේ තෙවනවර ලංකා ගමනය සිහියට නැඟෙත් ම නිරන්තරයෙන් සිහිපත් වන ඓතිහාසික පුණ්‍ය භූමියකි ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය. ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථ නව විහාර කර්මාන්තය විසිතුරු සිතුවම් පිරි අසිරිමත් කලාගාරයක් වැනි ය. මෙරට සිතුවම් කලාවෙහි අමරණීය නාමයක් රැන්දූ සොයිලියස් මැන්දිස් කලාකරුවාගේ තෙලිතුඩින් නිම වූ එම අභිනව විහාර කර්මාන්තය අසිරිමත් බුදු සිරිතේ වෙසෙස් අවස්ථා රැසකින් යුක්ත ය. ලෝ වැසි සිත් සතන් පහන් කරවීමටත්, සිතුවම් කලාවෙහි අග්‍රගණ්‍ය කලාගාරයක් බවට එය පත් කිරීමටත් එම අභිනව විහාර කර්මාන්තය කරවනු ලැබුයේ හෙළේනා විජයවර්ධන ළමාතැනිය විසිනි. සියවස් ගණනක් පුරා ලෝවැසියන්ගේ සිත් පහන් කරවන ආගමික මෙහෙවරක් ඉටු කළ හෙළේ්නා විජයවර්ධන ළමාතැනියගේ දයාබර පුත්‍රරත්නය ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය ලෙස ලේක්හවුස් ආයතනය ප්‍රතිෂ්ඨාපනය කර මෙරට ජනතාවගේ නැණ පහන් දැල්වීමට සිදු කර ඇත්තේ යුග මෙහෙවරකි. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ යුග මෙහෙවර පුවත්පත් කලාවට පමණක් සීමා වූවක් නොවේ. සම්බුදු සසුනේ චිරස්ථිතිය පතා ද අනූපමේය මෙහෙවරක් සිදු කර ඇත.


නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]