[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නීග්‍රෝධාරාම විහාරස්ථානය

උතුරු කළුතර ශ්‍රී නීග්‍රෝධාරාමයේ සෑ රදුන් නිරාවරණ පුණ්‍ය මහෝත්සවය

උතුරු කළුතර නීග්‍රෝධාරාම විහාරස්ථානය පූජනීයත්වයට හා වන්දනීයත්වයට පත් ස්ථානයකි. කැලිඩෝ වෙරළ තීරයටත්, මුහුදුබඩ දුම්රිය මාර්ගයටත් මැදිව පිහිටි එම විහාරස්ථානය දිනෙන් දින දියුණුව වෙත පියමන් කරයි. අංක 1553 යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබා ඇති මෙහි විහාර ගෙයට වසර 300කට වඩා ඉතිහාසයක් ඇත. පැරැණි ධර්ම ශාලාව 1917 දී පුණ්‍යවර්ධන ශිෂ්‍ය සමිතිය මඟින් ඉදිකර ඇති අතර, එයට වසර 100 ක ඉතිහාසයක් ඇත. 1950 දී දැනට ඇති පැරැණි සංඝාවාසය නැසී ගිය වෙත්තමුනි ජිනේරිස් ද සිල්වා උපාසක මහතාගේ මූලිකත්වයෙන් ඉදි කර ඇත. උතුරු කළුතර ශ්‍රී නීග්‍රෝධාරාමය, මහවස්කඩුව නාගරුක්ඛාරාමය හා වෙනිවැල්පිටිය පුරාණ විහාරස්ථානයන් හි ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට අනුව මොරගල්ලේ පුඤ්ඤසාර හිමියෝ මෙහි ආරම්භක විහාරාධිපති ලෙස කටයුතු කර තිබේ. අනතුරුව ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් පමණ විවිධ වකවානුවල මේ විහාරස්ථානයේ වැඩ වාසය කර ඇත. පරතලාවේ සුමතිපාල තිස්ස හිමියන්ගේ හදිසි අපවත්වීමෙන් පසු මෙහි විහාරාධිපති ධූරයට පත් වූයේ ශාස්ත්‍රපති හල්වතුරේ චන්දරතන හිමියන් ය.

නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]