[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙරට ප්‍රථම බෞද්ධ රූපවාහිනී නාලිකාව වන බෞද්ධයා නාලිකාව ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ආර්.ජී. සේනානායක මාවතෙහි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට පැමිණ ධාතු මන්දිරය වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත් අයුරු. විහාරාධිපති බොරලන්දේ වජිරඤාණ හිමියෝද ඊට එක්වූහ.

ජාතියේ චීවර පුජාව

ශාසනාභිවෘද්ධිය උදෙසා වූ සම්මා වායාමය 22 වැනි දා අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ දී

වත්මනෙහි රටේ පවතින සංකීර්ණ වාතාවරණය පිළිබඳව පෙරදාට වඩා වැඩි අවධානයකින් හා වුවමනාවකින් ජාතියේ මුරදේවතාවුන් ලෙස සාකච්ඡා කරමින් ඊට අදාළ මැදිහත් වීම් කරමින්, අනේකවිධ අවලාද, ගැරහුම් මැද තමන් වෙත පැවරුණු ඓතිහාසික ජාතික වගකීම හිසින් දරා ගනිමින් හා සක්‍රීය ලෙසත්, උජුපටිපන්න ව හා ආදීන ලෙසත් ක්‍රියාත්මක වන ආකාරය දැක අපි මහත් සතුටට පත් වන්නෙමු. රට තුළ ඉතා වේගයෙන් ගම්බිම් සිසාරා මුදාහැර ඇති ඉතා සියුම් සංස්කෘතික ආක්‍රමණික බලවේග යුහුසුළුව හඳුනාගෙන ඊට ප්‍රතික්‍රියා දැක්වීමත්, අපේ දායක ජනයා දැනුවත් කොට තම විහාරස්ථානයට අයත් සතරපේරුව ආරක්ෂා කර ගැනීමට ඉක්මන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. වීදි සටන්, විරෝධතා, පෙළපාළි හා සාකච්ඡා, සම්මන්ත්‍රණ තුළින් පමණක් ඒ අභියෝග ජයගත හැකි නොවේ. ජාතික ව්‍යාපාරයක් ලෙස අපි බොහෝ දේ උගත්තෙමු. ලද අත්දැකීම් තුළින් ශක්තිමත් හා උපායශීලී ව මෙන්ම ඥානවන්තව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පන්නරය ලබා ගත්තෙමු. අප හමුවේ ඇති අභියෝගවලට ප්‍රායෝගික ව හා උපායික ලෙස මුහුණදීමට ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස ම එක රොදකට ගොනු කිරීමේ මහා ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කළෙමු. මේ උත්තම කටයුත්ත සම්පූර්ණ කරගැනීමට ඔබ වහන්සේලාගේ අනුශාසනාවත්, ආශිර්වාදයත් සහයෝගයත් පතමින් අපගේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්නෙමු.


නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසෙලාස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]