[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාටිකාවන්ගේ වන්දනාව

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි
12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.

වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

කොක්මාදුව ශ්‍රී සුධර්මාරාමයේ නව බුදුමැදුර විවෘත කිරීමේ පින්කම 16 දා

 

වැලිගම, වැලිපිටිය, කොක්මාදුව ශ්‍රී සුදර්මාරාම පුරාණ විහාරාධිපති මූනමල්පේ සුගතනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් අභිනවයෙන් ඉදිකරන ලද දර්ශනීය බුදු මැදුර විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය මැයි මස 16 වන දින සවස 3.00 ට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එයට සමගාමීව විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ උඩුකාවේ ශ්‍රී සෝභිත හිමියන් ප්‍රධාන විහාර පරපුරෙහි අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලාගේ හා පරලොව සැපත් දායක දායිකාවන්ගේ ගුණ සැමරීම ද අරමුණින් මෙම මස 15 වන දින සිට 22 දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.

 

ධර්ම දේශනාව:

ලෝකයේ සෑම දුකකටම මූලික හේතුව අවිද්‍යාවයි

 

"සත්ත්වයාගේ භව සන්තතියේ දී ප්‍රධාන වූ ධර්ම දෙකක් ඇත. එනම් අවිද්‍යා තණ්හාවයි. සුගතිගාමී කර්මයන්ට භව තණ්හාව විශේෂයෙන් හේතුවන අතර, අවිද්‍යාව දුගතිගාමී කර්මයන්ට හේතුවන්නේ ය." සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන්වහන්සේ සත්ත්වයාගේ පැවැත්ම හා එයට හේතුවත්, එයින් වන ප්‍රතිඵලයත් ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් දැන වදාළ සේක. තත්ථ කතමා අවිජ්ජා දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධෙ අඤ්ඤාණං,දුක්ඛ නිරෝධ ගාමිණීපටිපදාය අඤ්ඤාණං ,පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු අඤ්ඤාණං යනුවෙන් වදාළ පරිදි දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැසීම නොදැනීම, දුක් නැති කිරීමේ මාර්ගය නොදැනීම, පෙරඅන්තය, අපරන්තය, ඒ දෙකම නොදැනීම, හේතුඵල ධර්මය නොදැනීම යන මේ අටවැදෑරුම් කාරණා නොදැනීම අවිද්‍යාව නම් වේ. විද්‍යාව හෙවත් පැවැත්මේ යථාර්ථය නොදැනීම අවිද්‍යාව නම් වන්නේ ය. සත්ත්වයා ලොව ඇති වූ දා පටන් වර්තමානය දක්වා පෞද්ගලිකව හා පොදුවේ ඇති වූ, ඇතිවන සෑම ව්‍යසන මාත්‍රයක් ම අවිද්‍යාව නිසා ම සිදුවූ වග මානව ඉතිහාසයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ ය. එහෙත් එය ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන දේශනා කරන්නට තරම් කිසිම කෙනෙකු බුදුරදුන්ට පෙර ලෝකයේ පහළ වී නැත.

 

සතුරු වූයේ සතුරාද? මිතුරාද?

 

"සෑම අවස්ථාවක දී ම තමාගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කළ යුත්තේ තමා ම ය. තමා හොඳින් නොහිතා කළ ක්‍රියාව, කතා කළ වචනය අල්ලාගෙන ප්‍රසිද්ධියේ හෝ වෙනත් අය ලවා පහර දෙන්නේ ද ඔබගෙන් උදව් උපකාර ලබාගෙන, ඔබ වර්ණනා කළ මිතුරා ම බව අමතක නොකළ යුතු ය. එසේ නොවූ විට ඔබ මුලාවට පත්වේ. “මතු යම් දවසක ඔබගේ වල කපා ඈතක සිට සතුටට පත්වන්නේ ඔබගෙන් උපකාර ලබාගත් මිතුරා මිස සතුරා නොවන බව වටහා ගත යුතු ය. එබඳු අවස්ථා ඔබගේ ජීවිතයේ දී ද අත්විඳ ඇත." යහපත් ඇසුර කල්‍යාණ මිතු දහමයි. යහපත් උතුමන් ඇසුරු කළ යුතු වන්නේ යහපත් දෙයම මනසට හුරු පුරුදු කර ගැනීම සඳහායි. හදවතෙහි කරුණාව හා දයාව නැති පුද්ගලයකුට කවදාවත් යහපත් පුද්ගලයෙකු බවට පත්විය නොහැකි වන්නේ සද්භාවයෙන් කටයුතු කිරීමට වඩා ස්වාර්ථය පිළිබඳව සිත් යොමු කරන බැවිනි. තමා යහපත් වූවා යැයි කියන්නේ තමාගෙන් සමාජයට අර්ථවත් දෙයක් පිරිනැමීම යි. එසේ වුවද, සෑම අවස්ථාවක දී ම තමාගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කළ යුත්තේ තමා ම ය. තමා හොඳින් නොහිතා කළ ක්‍රියාව, කතා කළ වචනය අල්ලාගෙන ප්‍රසිද්ධියේ හෝ වෙනත් අය ලවා පහර දෙන්නේ ද ඔබගෙන් උදව් උපකාර ලබාගෙන, ඔබ වර්ණනා කළ මිතුරා ම බව අමතක නොකළ යුතු ය. එසේ වූ විට ඔබ මුලාවට පත්වේ. “මතු යම් දවසක ඔබගේ වල කපා ඈතක සිට සතුටට පත්වන්නේ ඔබගෙන් උපකාර ලබාගත් මිතුරා මිස සතුරා නොවන බව වටහා ගත යුතු ය. එබඳු අවස්ථා ඔබගේ ජීවිතයේ දී ද අත්විඳ ඇති.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]