UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදාවට අයදුම්පත් භාර ගැනේ

ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 34 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මැයි 11,12,13 යන දිනයන් හි දී මාතර කොටුවේගොඩ රන්දූපත ශ්‍රී රෝහණ මංගල උපෝසථාගාර මහා විහාරයේ දී පැවැත් වේ. ඊට පෙර සිදු කෙරෙන උපසම්පදා අපේක්ෂක සියලු සාමණේරයන් වහන්සේලා සඳහා වූ භික්ෂු ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුව මැයි 7,8,9 යන දිනයන් හි දී මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. උපසම්පදාව සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2019 අපේ‍්‍රල් 10 වැනිදා ය. අයදුම්පත් එදිනට හෝ ඊට පෙර ලැබෙන සේ ප්‍රධාන ලේඛකාධිකාරි ඕමාරේ කස්සප අනුනාහිමි, ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරය, සපුගොඩ, කඹුරුපිටිය යන ලිපිනයට එවිය යුතු වේ. පහත විහාරස්ථානවලින් උපසම්පදාපේක්ෂක අයදුම්පත් ලබාගත හැකි බවද කියයි. උපෝසථාගාර මහා විහාරය, රන්දූපත, කොටුවේගොඩ , මාතර. සිරි රතනජෝති පිරිවෙණ,ඌරාපොළ, තිහගොඩ සිත්තම්ගල්ලෙන රජමහා විහාරය , රම්මල, වරාපිටිය ශ්‍රී සුමනාරාමය, කොට්ටවගම , ගාල්ල රන්කොත්මළු රජමහා විහාරය,වගේගොඩ, තංගල්ල, ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරය , සපුගොඩ, කඹුරුපිටිය. මිහිඳු ආරණ්‍ය සේනාසනය, කුරන්දම්කුලම, අනුරාධපුරය. අශෝකාරාමය, අනගාරික ධර්මපාල නගරය, මාතර.

ඉතිරිය»

කළුබෝවිල හත්බෝධි විහාරස්ථානයේ ධර්ම දේශනා පින්කම හා ශ්‍රී උපනන්ද ගුණ සමරු පින්කම

දෙහිවල, කළුබෝවිල හත්බෝධි විහාරාධිපතිව වැඩ විසූ කළුබෝවිල විමලසිරි මා හිමි තම ගුරු දේවයන් වහන්සේ වන කිරුළපනේ උපනන්ද මා හිමියන් වහන්සේට පින් අනුමෝදන් කිරීම පිණිස අටවිසි බුද්ධ පූජාව සහිත ධර්ම දේශනා පින්කම 1956 දී ආරම්භ කෙරිණි. කළුබෝවිල විමලසිරි මා හිමියන්ගෙන් ආරම්භ වූ එම පින්කම නොකඩවා ශ්‍රී බෝධිරාජ කුළඟන සමිතිය මගින් පවත්වාගෙන එනු ලැබේ. ඒ අනුව මෙම වර්ෂයේත් අටවිසි බුද්ධ පූජාව සහිත ධර්ම දේශනා පින්කම් හා ශ්‍රී උපනන්ද ගුණානුස්මරණ පූජෝත්සවය පෙබරවාරි 27 දින ඇරඹුණු අතර මෙම මස 16 දින දක්වා පැවැත් වේ. දිනපතා පිළිවෙළින් ධර්මදේශනා සඳහා කැලණියේ ශාසනවංශ හිමි, ගම්පහ පාසාදික හිමි, සියඹලාගොඩ ධම්මින්ද හිමි, වේරදූවේ මහින්ද හිමි, අලුත්ගම පඤ්ඤාසාර හිමි, හඟරංගල සුමේධ හිමි, බොරැල්ලේ අතුල නා හිමි, මාවරලේ භද්දිය හිමි, සෝමපුර සිරිසුධම්ම හිමි, පුහුල්වැල්ලේ සාරද හිමි, ලේනව මංගල හිමි....

ඉතිරිය»

ධර්ම දේශනාව:

ලෝකයෙහි හිත පිණිස අධ්‍යාත්මික සංවර්ධනය

 

මිනිසා සතු කායික මානසික ශක්තිය කොපමණ අවදි කළ හැකි ද? කොතෙක් අර්ථ සම්පන්නව පරිහරණය කළ හැකි ද? යන්න තීරණය වනුයේ ඔහු සතු දැක්ම, ආකල්ප සහ කැපවීම අනුව ය. ජීවිතය සහ ලෝකය පිළිබඳව මිනිසා සතු දැක්ම අනුව ජීවන ප්‍රවේශයන් සතරක් හඳුනාගත හැකි ය.මානවීය ප්‍රවේශය, මානසික ප්‍රවේශය, මානුෂීය ප්‍රවේශය, අධ්‍යාත්මික ප්‍රවේශය යනුවෙනි." මෙහි ඇත්තේ ආත්ම මූලික දැක්මකි. සුඛ පරම ආකල්පයකි. සත්වයෙකු වශයෙන් තමන් සතු හැකියාවන් මෙහි දී ප්‍රයෝජනයට ගනී. තම ජීවිතය ආරක්ෂා කර ගැනීම, අවශ්‍යතා සපුරා ගැනීම, බාධක අවම කර ගෙන සුවසේ දිවි පැවැත්වීම, ඉන්ද්‍රිය පිනවීම, අඹුදරුවන් පෝෂණය කිරීම, තමන් සහ තම වර්ගයාගේ අයිතීන් දිනා ගැනීම වැනි කරුණු ජීවිතයේ පරමාර්ථ ලෙස දැකීමට පෙළඹෙයි. ඒ සඳහා සම්මුති ඇතිකර ගැනීම, නීති පනවා ගැනීම ආදි වශයෙන් මානව සංස්කෘතියක් ගොඩ නැගෙයි. සිතීමේ සහ තීරණ ගැනීමේ හැකියාවක් තමන්ට ඇති බව පිළිගන්නා නමුත් ඒ සියල්ල ඉහත හඳුනාගත් පරමාර්ථ වටා කේන්ද්‍ර ගතවෙයි.

ඉතිරිය»

බෝසත් දරුවන්ට :

දෙවියන්ගෙන් වැඳුම් ලබමු

කෙලෙස් සහගත ජනයාගේ හදවතේ මෝහය නමැති අන්ධකාරය දුරු කරන්නා වූ ප්‍රඥාව නමැති ප්‍රදීපය දරන්නා වූ, පස් මරුන් පැරදූ තථාගතයන් වහන්සේ මේ ප්‍රදීපයෙන් පුදමි. පින්වත් දරුවනේ, මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ දිව්‍ය ලෝක සහ අපාය පිළිබඳව කියලා සතර පෝදා බුදුසරණ කියවීමට පුරුදු වී සිටින ඔබ දන්නවා නේ. අපි තෙරුවන් වන්දනාමාන කර අවසානයේ ඒ ලබාගත් පින දෙවියන්ට අනුමෝදන් කරනවා. ඉතින් දරුවනේ, දෙවිවරු පි‍්‍රයකරන විශේෂිතම දෙයක් වන්නේ වන්දනා ගාථා නිවැරැදි ව සජ්ඣායනා කිරීම යි. ගීත වැනි දේ ගායනා කරනවා මිස ඒවා සජ්ඣායනය කරන්නේ නෑ. ඒ වගේම පිරිත්, ගාථා සජ්ඣායනය කරනවා මිස ගායනා කරන්නේ නෑ. සජ්ඣායනා කිරීමේත්, ගායනා කිරීමේත් වෙනස දරුවන් දන්නවා ද?දරුවනේ, ගාථාවල මහප්‍රාණ අක්ෂර තිබෙනවා. ඒවා හරියටම ශබ්ද විය යුතුයි. නවත්වන තැන්වලදී හරියටම නවතන්නටත් ඕනෑ. එයට කියන්නේ ‘යතිය’ කියල යි.

ඉතිරිය»

කඩුවෙල ඉහළ බෝමිරියේ කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව සම්බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතින් විවෘත වන වගයි.

 

නවම් අමාවක පෝය


නවම් අමාවක පෝය මාර්තු 05 වන දා අඟහරුවාදා අපර භාග 07.07 ට ලබයි. 6 වන දා බදාදා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 06 වනදා බදාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]