UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ලෝකයෙහි හිත පිණිස අධ්‍යාත්මික සංවර්ධනය

 

මිනිසා සතු කායික මානසික ශක්තිය කොපමණ අවදි කළ හැකි ද? කොතෙක් අර්ථ සම්පන්නව පරිහරණය කළ හැකි ද? යන්න තීරණය වනුයේ ඔහු සතු දැක්ම, ආකල්ප සහ කැපවීම අනුව ය. ජීවිතය සහ ලෝකය පිළිබඳව මිනිසා සතු දැක්ම අනුව ජීවන ප්‍රවේශයන් සතරක් හඳුනාගත හැකි ය.මානවීය ප්‍රවේශය, මානසික ප්‍රවේශය, මානුෂීය ප්‍රවේශය, අධ්‍යාත්මික ප්‍රවේශය යනුවෙනි." මෙහි ඇත්තේ ආත්ම මූලික දැක්මකි. සුඛ පරම ආකල්පයකි. සත්වයෙකු වශයෙන් තමන් සතු හැකියාවන් මෙහි දී ප්‍රයෝජනයට ගනී. තම ජීවිතය ආරක්ෂා කර ගැනීම, අවශ්‍යතා සපුරා ගැනීම, බාධක අවම කර ගෙන සුවසේ දිවි පැවැත්වීම, ඉන්ද්‍රිය පිනවීම, අඹුදරුවන් පෝෂණය කිරීම, තමන් සහ තම වර්ගයාගේ අයිතීන් දිනා ගැනීම වැනි කරුණු ජීවිතයේ පරමාර්ථ ලෙස දැකීමට පෙළඹෙයි. ඒ සඳහා සම්මුති ඇතිකර ගැනීම, නීති පනවා ගැනීම ආදි වශයෙන් මානව සංස්කෘතියක් ගොඩ නැගෙයි. සිතීමේ සහ තීරණ ගැනීමේ හැකියාවක් තමන්ට ඇති බව පිළිගන්නා නමුත් ඒ සියල්ල ඉහත හඳුනාගත් පරමාර්ථ වටා කේන්ද්‍ර ගතවෙයි.

ඉතිරිය»

 

නවම් අමාවක පෝය


නවම් අමාවක පෝය මාර්තු 05 වන දා අඟහරුවාදා අපර භාග 07.07 ට ලබයි. 6 වන දා බදාදා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 06 වනදා බදාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]