UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රට දැය සමය එකලු කළ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

"දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය ලෙස ලේක්හවුස් ආයතනය ප්‍රතිෂ්ඨාපනය කර ශ්‍රී ලාංකේය ජනතාවගේ නැණ පහන් දැල්වීමට කර ඇත්තේ සුවිසල් මෙහෙවරකි." පත්තර මහ ගෙදර නමින් විරුදාවලීලත් ලේක්හවුස් ආදි කර්තෘතුමන්ගේ 133 වන ජන්ම දිනය නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ලේක්හවුස් පාලන අධිකාරියේ පූර්ණ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් ලේක්හවුස් මන්දිරයේ දී මෙම 21 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වේ. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ පූජනීය මහ සඟරුවනෙහි ප්‍රධානත්වයෙන් එම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කෙරේ. 22 වන දා දවල් ගංගාරාමස්ථ ස්වාමීන් වහන්සේලා, කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථ ස්වාමීන් වහන්සේලා ඇතුළු සම්භාවනීය පූජනීය තෛ‍්‍රනිකායික මහ සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනමා පරලොව සැපත් ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් වෙත පුණ්‍යානුමෝදනාව පැවැත්වේ. ලේක්හවුස් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් පැවැත්වෙන එම ආදි කර්තෘ ජන්ම සමරු පින්කම සියලු සේවක සේවිකාවන්ගේ ද සහායෙන් ලේක්හවුස් බෞද්ධ සංගමයේ ද මෙහෙයවීමෙන් පැවැත්වේ.

ඉතිරිය»

තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක් පිරිනැමේ

 

තායිලන්ත රාජ්‍යයට අභිනවයෙන් පත්වන රජුගේ රාජාභිෂේක මෞලි මංගල්‍යය එළැඹෙන මැයි මස දී පැවැත්වීමට නියමිත ය. රාජාභිෂේකය ලබන නව රජුට මෙරට ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුභාශිංසනය සමඟ උතුම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් තිළිණ කිරීමට කටයුතු යොදා ඇත. එම ශ්‍රී මහා බෝධි ශාඛාව එළැඹෙන 19 වැනි දා බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් අභිනව තායිලන්ත රජු වෙත පිළිගැන්වීමට නියමිත අතර තායිලන්තයේ අයෝධ්‍යා නුවර වජිරධර්මාරාම විහාරස්ථානයේ රෝපණය කිරීමට ද කටයුතු යොදා ඇත.

ඉතිරිය»

පුරාතන සංස්කෘතිකාංග අනාගතයට රැකදෙන කොළඹ නවම් මහා පෙරහර

 

තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සිරිතේ සහ සම්බුද්ධ ශාසනයේ ද ඓතිහාසික උදාර සිද්ධීන් රැසක් සිදු වූ පින්බර පොහොය දිනයකි, නවම් පුර පසළොස්වක පොහොය දිනය. සැරියුත් මහරහතන් වහන්සේත්, මුගලන් මහ රහතන් වහන්සේත් තථාගත සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලබන ලද පූජනීය ඓතිහාසික දිනය නවම් පුන් පෝදා ය. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වූයේ ද, සම්බුදු පියාණන් වහන්සේ මහ සඟරුවන වෙත ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලද්දේ ද අද වන් නවම් පුන් පෝ දිනක ය. නවම් මහ උදාවෙත්ම අපගේ මනසට නැගෙන තවත් එක් සුවිශේෂී කරුණක් වේ. ඒ කොළඹ නවම් මහා පෙරහර පිළිබඳ මතකයයි. කොළඹ ගංගාරාමය කලකට පෙර ජූලි මාසයේ දී දෙවුන්දර වාචිස්සර නාහිමියන් දවස, ඇසළ පෙරහර නමින් පෙරහරක් පවත්වා ඇත. කොළඹ නවම් මහ පෙරහර පෙබරවාරි 18 සහ 19 දෙදින වීථි සංචාරය කරනු ලබන්නේ මෙවර හතළිස්වනවරට ය.ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එදා මෙන් අදත් බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමිනි. දෙස් විදෙස් පතළ කීර්තිමත් යතීන්ද්‍රයන් වහන්සේ නමකි ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ශාසනික වශයෙන් අනුස්මරණීය වූ නවම් පුර පසළොස්වක

 

අද නවම් පුරපසළොස්වක පොහොය දිනය යි. බුද්ධ ශාසනයේ මෙවන් පොහෝ දිනක දී ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වී ඇත.  1බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝ සම්මේලනය රජගහනුවර වේළුවනාරාමයේ දී පැවැත්වීම, සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා සම්බුදු සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හැරීම යනු එකී වැදගත් සිද්ධි කිහිපයකි. මෙනිසා බෞද්ධයන් හට මෙම නවම් පොහොය දිනය ශාසනික වශයෙන් අනුස්මරණීය දිනයකි. අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රධානයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු මහා සංඝයා විෂයයෙහි ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලදී. ඕවාද යනු අවවාද යන්නයි. බුද්ධත්වයෙන් මුල් විසිවස අවසන් වන තුරු ශ්‍රාවකයන් හට විනය ශික්ෂාපද පැනවීමට හෙවත් ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට තරම් ප්‍රබල වරදක් සංඝයාගෙන් විද්‍යමාන නොවී ය. එබැවින් සංඝයාගේ හික්මීම පිණිස ඕවාද හෙවත් අවවාද ප්‍රාතිමෝක්ෂය පමණක් ප්‍රමාණවත් වුණි.

ඉතිරිය»

කොළඹ නවම් මහා පෙරහර පැවැත්වෙන ගංගාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]