UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍යෝත්සවයෙන්...

සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවගේ උරුමයක් වන අති පාරිශුද්ධ ථෙරවාදි තිි‍්‍රපිටකය, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව ජාතික උරුමයක් බවට නිල වශයෙන් පත් කිරීම පසුගියදා (05)මාතලේ අලුවිහාරයේ දී සිදු කෙරිණි. ක්‍රි.වර්ෂ 1956 වර්ෂයේ එළැඹි 2500වන ශ්‍රී සම්බුද්ධ ජයන්තියේ දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස සංරක්ෂණය කර පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කරන ලද අතර, බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ලබුගම ලංකානන්ද අනුනායක හිමියන්ගේ ප්‍රධාන සම්පාදකත්වයෙන් යුත් විද්වත් ධර්ම විනයධර මහා ස්වාමීන්වහන්සේලාගෙන් සමන්විත සම්පාදක මණ්ඩලයක් විසින් පූර්ණ වශයෙන් ලියා රජයේ නිල ප්‍රකාශයක් වශයෙන් මුද්‍රණය කර ඇත. ලොව පවතින ආගමික ග්‍රන්ථ අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ ත්‍රිපිටකයට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර, එය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ත්‍රිපිටකය ශී‍්‍ර ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කොට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදු කෙරිණි.

ඉතිරිය»

අසිරිමත් ජයසිරි මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර 19 වනදා

අසිරිමත් ජය සිරිමහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර මෙම 19 වෙනිදා සවස 4.30 ට අනුරාධපුර ජයසිරි මහ බෝධින් වහන්සේ අබියසදී පැවැත්වේ. ජය ශ්‍රීමහ බෝ සමිඳු මෙරටට වැඩමවා වසර 2326 සපිරීමත්, ප්‍රථම රන්වැට ඉදිකොට වසර 49 ක් සපිරීමත්, රට වැසි සැමට සාමය, සමෘද්ධිය , සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කර ගෙන සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම මගින් වාර්ෂිකව පවත්වනු ලබන එම අසිරිමත් ජය සිරි මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහරට මධ්‍යම වයඹ, උතුරුමැද බස්නාහිර, සබරගමුව වැනි පළාත් නියෝජනය කරමින් මහා සංඝරත්නය පෙරටු කරගත් විශාල පිරිසක් සහභාගි වෙති...

ඉතිරිය»

ධර්ම දේශනාව:

තණ්හා රැහැනට හසු නොවන්න

රාජා ච අඤ්ඤෙ ච බහූ මනුස්සා
අතිත්ත තණ්හා මරණං උපෙන්ති
ඌණො ච හුත්වාන ජහන්ති දෙහං
කාමෙහි ලොකම්හි න නත්ථි තිත්ති

 

මුලින් දක්වා ඇත්තේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ රාජ වග්ගයේ ඇතුළත් රට්ඨපාල සූත්‍රයේ එන ගාථාවක්. අපේ බුදු රජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ කුරු ජනපදයේ වෙසෙන සමයක ථුල්ලකොට්ඨිත කියන නියම් ගමට වැඩම කළා. ඒ ගම පුරා ම තථාගතයන් වහන්සේගේ වැඩම කරවීම පිළිබඳ ආරංචිය පැතිර ගියා. මේ ආරංචිය ලැබුණ බ්‍රාහ්මණ, ගෘහපති ආදි බොහෝ දෙනා උන්වහන්සේ සොයාගෙන ආවා. යමෙක් පැමිණියා ම සතුටින් පිළිගෙන කතා කිරීම උන්වහන්සේගේ සිරිතක්. මේ පිරිසත් එලෙසින් ම පිළිගත්තා. ආ ගිය තොරතුරු කතා කොට බුදුරදුන් ඔවුනට අනුශාසනා කළා. මේ පිරිස අතර හිටියා රට්ඨපාල නම් තරුණ ගෘහපතියෙක්. ඔහු හිතනවා මෙහෙම, “ගිහිගෙය සම්බාධ සහිතයි, කරදර සහිතයි.

ඉතිරිය»

දුරුතු මහා පෙරහර 25 දා:

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ දුරුතු මහා පෙරහර

ඇස්සැද්දුම, කුලියාපිටිය වාර්ෂිකව පැවැත්වෙන දුරුතු මහා පෙරහර මෙවර ද දුරුතු මස 25 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. ඇස්සැද්දුම, ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය මේ වන විට ප්‍රදේශයේ පොදු ජනයාගේ ගෞරවාදරයට පත් ධර්ම නිකේතනයක් බවට පත්ව තිබේ. විහාරස්ථානයේ පිහිටා ඇති ශ්‍රී දීපාලංකාරාම දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව දහසකට ආසන්න වී තිබේ. එසේ වීමට ප්‍රධාන හේතුව එයට අනුශාසනා කරමින් මෙහෙයවන විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති හිමියන්ගේත්, ආචාර්ය මණ්ඩලයේත් මග පෙන්වීම හා කැපවීම බව පැහැදිලි වේ. පොහෝ දිනවල විහාරස්ථානයේ සිල් සමාදන් වන උවසු උවැසියනට පමණක් නොව, පොදු මහ ජනයාට ද සෙතක්, ශාන්තියක් අපේක්ෂාවෙන් ආරාධිත ධර්ම කථිකයන් වහන්සේ වැඩම කරවා විශේෂ පින්කම් මාලා පැවැත්වීම කාගේත් පැසසුමට ලක්වූවකි.

ඉතිරිය»

සීවලී මහ රහතන් වහන්සේ

 

දුරුතු පුර අටවක පෝය


දුරුතු පුර අටවක පෝය ජනවාරි 13 වන දා ඉරිදා අපර භාග 11.42 ට ලබයි. 15 වන දා අඟහරුවාදා පූර්වභාග 00.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 14 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 20 වන ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]