UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

තණ්හා රැහැනට හසු නොවන්න

රාජා ච අඤ්ඤෙ ච බහූ මනුස්සා
අතිත්ත තණ්හා මරණං උපෙන්ති
ඌණො ච හුත්වාන ජහන්ති දෙහං
කාමෙහි ලොකම්හි න නත්ථි තිත්ති

 

මුලින් දක්වා ඇත්තේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ රාජ වග්ගයේ ඇතුළත් රට්ඨපාල සූත්‍රයේ එන ගාථාවක්. අපේ බුදු රජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ කුරු ජනපදයේ වෙසෙන සමයක ථුල්ලකොට්ඨිත කියන නියම් ගමට වැඩම කළා. ඒ ගම පුරා ම තථාගතයන් වහන්සේගේ වැඩම කරවීම පිළිබඳ ආරංචිය පැතිර ගියා. මේ ආරංචිය ලැබුණ බ්‍රාහ්මණ, ගෘහපති ආදි බොහෝ දෙනා උන්වහන්සේ සොයාගෙන ආවා. යමෙක් පැමිණියා ම සතුටින් පිළිගෙන කතා කිරීම උන්වහන්සේගේ සිරිතක්. මේ පිරිසත් එලෙසින් ම පිළිගත්තා. ආ ගිය තොරතුරු කතා කොට බුදුරදුන් ඔවුනට අනුශාසනා කළා. මේ පිරිස අතර හිටියා රට්ඨපාල නම් තරුණ ගෘහපතියෙක්. ඔහු හිතනවා මෙහෙම, “ගිහිගෙය සම්බාධ සහිතයි, කරදර සහිතයි. එමෙන් ම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමත් පහසු නැහැ. ගිහිගෙය අතහැර පැවිදි ජීවිතයක් ගත කිරීම හොඳයි”. මෙහෙම හිතලා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් තමන් පැවිදි කරවන ලෙස ඉල්ලා සිටියා. ඒ සඳහා මව්පියන්ගේ අවසරය තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා.

ඉතිරිය»

 

දුරුතු පුර අටවක පෝය


දුරුතු පුර අටවක පෝය ජනවාරි 13 වන දා ඉරිදා අපර භාග 11.42 ට ලබයි. 15 වන දා අඟහරුවාදා පූර්වභාග 00.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 14 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 20 වන ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]