UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

දුරුතු මහා පෙරහර 25 දා:

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ දුරුතු මහා පෙරහර

ඇස්සැද්දුම, කුලියාපිටිය වාර්ෂිකව පැවැත්වෙන දුරුතු මහා පෙරහර මෙවර ද දුරුතු මස 25 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. ඇස්සැද්දුම, ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය මේ වන විට ප්‍රදේශයේ පොදු ජනයාගේ ගෞරවාදරයට පත් ධර්ම නිකේතනයක් බවට පත්ව තිබේ. විහාරස්ථානයේ පිහිටා ඇති ශ්‍රී දීපාලංකාරාම දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව දහසකට ආසන්න වී තිබේ. එසේ වීමට ප්‍රධාන හේතුව එයට අනුශාසනා කරමින් මෙහෙයවන විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරති හිමියන්ගේත්, ආචාර්ය මණ්ඩලයේත් මග පෙන්වීම හා කැපවීම බව පැහැදිලි වේ. පොහෝ දිනවල විහාරස්ථානයේ සිල් සමාදන් වන උවසු උවැසියනට පමණක් නොව, පොදු මහ ජනයාට ද සෙතක්, ශාන්තියක් අපේක්ෂාවෙන් ආරාධිත ධර්ම කථිකයන් වහන්සේ වැඩම කරවා විශේෂ පින්කම් මාලා පැවැත්වීම කාගේත් පැසසුමට ලක්වූවකි. විහාරස්ථානය හා සම්බන්ධ දායක සභාව, අනුලා කුළඟන සමිතිය, තරුණ බෞද්ධ සංගමය හා තවත් එවැනි සංවිධාන, සමිති මගින් සමාජයේ යහ පැවැත්මට, උන්නතියට, බුදු සසුනේ චිරස්ථිතියට කරන වැඩසටහන් බොහෝ ය. විශේෂයෙන් ම තරුණ බෞද්ධ සංගමය සම්බන්ධ වී වැඩිහිටි නිවාස දෙකක් ආරම්භ කර ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාම මෙහි දී සඳහන් කළ යුතු ය.

ඉතිරිය»

 

දුරුතු පුර අටවක පෝය


දුරුතු පුර අටවක පෝය ජනවාරි 13 වන දා ඉරිදා අපර භාග 11.42 ට ලබයි. 15 වන දා අඟහරුවාදා පූර්වභාග 00.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 14 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 20 වන ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]