UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සම්බුදු දහම නිවැරැදිව ප්‍රගුණ කරමු

බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා යැයි කියමින් ඇතැම් ස්ථානවල පිරිසක් දේශන පවත්වමින් යනවා. තව කොටසක් මෙච්චර කාලයකට අපි අහලාවත් නැති, අදහස් ඉදිරිපත් කරමින්, බුදුබණ විකෘති කරලා කියනවා. ඒ අතර ඇතැම් ස්වාමීන් වහන්සේලා, තවත් ස්වාමීන් වහන්සේ විවේචනය කරනවා, මේ හැමදෙනා එක්කම යන ගිහි පිරිසකුත් ඉන්නවා, මේ විදියට ගියොත් ධර්මයට මොකද වෙන්නේ? වැඩි කාලයක් යන්නට කලින් බුද්ධාගම නැතිවෙලා යයි’ මෙලෙස හිතන, එමෙන් ම කියන විශාල පිරිසක් රටතුළ සිටින බව පෙනෙයි, ඇතැම්විට ඔබට ද එලෙස සිතෙන්නට ඇත. එනිසා ම දහම හා දහමේ අතුරුදහන් වීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ අදහස් ස්වල්පයක් ගෙනහැර දැක්වීම යෝග්‍ය යැයි සිතුවෙමි. ධර්මය ලෙස අප සලකන්නේ සුත්ත, ග්‍යෙය, වෙය්‍යාකරණ, ගාථා, උදාන ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වෙදල්ල යන නවාංග ශාස්තෘ ශාසනයයි. ත්‍රිපිටකය තුළ ඇතුළත් ව ඇත්තේ මෙම නවාංග ශාස්තෘ ශාසනයයි. එනම්, අප ධර්මය ලෙස සැලකිය යුත්තේ ද ත්‍රිපිටකයයි. ධර්මයේ අතුරුදහන්වීම, පිරිහීම පිළිබඳ හේතු දක්වන තථාගතයන් වහන්සේ, ‘ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මං න පරියාපුනන්ති සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං උදානං ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං අයං භික්ඛවෙ පඨමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති’ යනුවෙන් සඳහන් කරන්නේ ධර්මය පිරිහෙන, අතුරුදහන් වන පළමු හේතුව, භික්ෂූන් වහන්සේ නවාංග ශාස්තෘ ශාසනය නිවැරැදිව ප්‍රගුණ නොකිරීම බවයි. එයින් ධර්මය යනු නවාංග ශාස්තෘ ශාසනය ම බවත් පැහැදිලි වෙයි.

ඉතිරිය»

 

උඳුවප් අව අටවක පෝය


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.52 ට ලබයි. 30 වන දා ඉරිදා පූර්ව භාග 2.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]