UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

අග්‍රශ්‍රාවක මුගලන් මහ රහතන් වහන්සේ

මුගලන් මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහා මනා අවබෝධයකින් යුතුව කැපවීමකින් ක්‍රියා කළ පරමාදර්ශී රහතන් වහන්සේ නමකි. සිය සෘද්ධි බලය අනිසි ලෙස නො යෙදූ උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කළ බුදුරජාණන් වහන්සේ ඒවා බෙහෙවින් ම අගය කළ අවස්ථා ද සූත්‍ර පිටකයේ හමුවෙයි. මුගලන් මහරහතන් වහන්සේ ස්වකීය සෘද්ධි බලය යොදා ගනිමින් ධර්ම දේශනා කිරීම නිසා බොහෝ දෙනා රත්නත්‍රයෙහි ප්‍රසාදය ද, ධර්මාවබෝධය ද උපදවා ගත්හ. පෙර ආත්ම භවයක මව්පියන් ඝාතනය කිරීමේ පාප කර්මයෙහි විපාකය නො වැළැක්විය හැකි සේ තමා කරා එළඹ ඇති බව දැන සිටියෙන් උන්වහන්සේ නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්යෙන් පසු පිරිනිවන් පා වදාළහ.

****

මව්පිය ගුණ වරුණ

නිවසේ මහා බ්‍රහ්මයා යැයි එදා බුදුන් දෙසූ
මහාමායා දේවිය මෙන් සෙනෙහස දැක්වූ
මුළු නිවසම ආලෝකය මෙන් දිස් වූ
ඔබයි මගේ මුළු ලෝකය රැස් විහිදූ

නැති බැරි කමක් කිසි විටෙකත් නොපෙන්නූ
දුක් කරදර මැදින් මා ඇති දැඩි කෙරු
නිවැරැදි මාර්ගයේ මා රැගෙන ගිය
පියාණන් බබළයි පුර හඳ ලෙසිනී

****

සැබෑ බෞද්ධයා

සාමාන්‍ය සමාජය විසින් කෙනෙකුගේ උපතේදී ම ඔහු හෝ ඇය අයත් පරපුර පාරම්පරිකව ආගමික අනුගාමිකයෙකු ලෙස නම් කරනු ලැබේ. බෞද්ධ පවුලක ඉපදුණ නිසා ම නමින් පමණක් බෞද්ධයෙකු වේ ද? බුදුන් වදාළ ධර්මයෙහි නො හැසිරෙන, දස පින් නො කරන, උතුම් සීලාදී ගුණයන්හි නො යෙදෙන මිනිසුන්ට බෞද්ධ යැයි කිව හැකි ද? බෞද්ධ යැයි සම්මත සමහර මිනිසුන්ට මගේ පන්සල, අපේ පන්සල වන්නේ තමාගේ ගමේ පන්සල ය. නමුත් බුද්ධිමත් බෞද්ධයාට මෙලොව තිබෙන සෑම පන්සලක් ම තමාගේ ම පන්සල වේ. සමහර උදවිය බුදු හිමි කිනම් ගති ස්වභාවයෙන් යුතු ද? ධර්මය නම් කෙබඳු දෙයක් ද? සංඝ රත්නය යනු කො තරම් උතුම් ද? යන වග නො දෙනී. මෙවැනි බෞද්ධ යැයි නමින් සම්මත උදවියට උතුම් වූ ශ්‍රී සද්ධර්මය වටහා දිය නො හැකි ය. එනිසා යහපත් බෞද්ධයන් ලෙස අප අර්ථවත් ලෙස ධර්මය අවබෝධ කොට ලෞකික මෙන්ම ලෝකෝත්තර වශයෙන් ජීවිතය සාර්ථක කර ගැනීමට අදිටන් කරමු.

****

මගේ රට

සුන්දර ශ්‍රී ලංකාව මගේ රට යි. එය ඉන්දියන් සාගරයෙන් වට වූ දූපතකි. මනහර ගස්වැල්වලින් ද, ගංගා ඇළදොළවලින් ද මගේ රට පිරී ඇත. මුතු මැණික්වලට මගේ රට අතීතයේ සිට ප්‍රසිද්ධ ය. මේ නිසා මගේ රටට පැමිණීමට බොහෝ දෙනා ආශා කරති. මහවැලි, කැලණි, කළු සහ වලවේ යන ගංගා මගේ රටේ ප්‍රධාන ගංගා වේ. දුන්හිඳ, දියලුම හා බඹරකන්ද මගේ රටේ අලංකාර දිය ඇලි අතර කිහිපයකි. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගස වන අතර, ජාතික පුෂ්පය මානෙල් මලය. ජාතික පක්ෂියා වන්නේ වළි කුකුළා ය. මගේ සුන්දර රටට මම පණමෙන් ආදරය කරමි.

****

රුවන්වැලි මහා සෑය

අනුරාධපුර යුගයේ රජකම් කළ, සම්බුද්ධ ශාසනයට මහත් මෙහෙවරක් කළ දුටුගැමුණු නිරිඳුන් විසින් රුවන්වැලි මහා සෑය කරවනු ලැබ ඇත. මෙම චෛත්‍යය ස්වර්ණමාලී මහා චෛත්‍යය ලෙස ද හඳුන්වයි. සර්වඥ ධාතූන් වහන්සේ ද්‍රෝණයක් පමණ ප්‍රමාණයක් මෙම සෑයෙහි නිදන් කොට ඇත. රුවන්වැලි මහා සෑය බුබ්බුලාකාර හැඩය ගනී. චෛත්‍යයන් අතර සිළුමිණවන් මෙම චෛත්‍ය දකින බෞද්ධ අපගේ සිත්සතන් සැනහෙයි.

****

ජාතිකාභිමානය

විශ්වය නමැති කතගේ ඇකයේ වෙළුණු
මනහර මුතුවැලකි වටිනා ගෙල බැඳුණු
නැත වෙනසක් දන ගඟුලෙහි දිය එකවූ
හඬ නංවයි සිත් තුළ සැම එක බඳු වූ

නගනා නිල්ල බලනා හැම අත දිස් වේ
දිලෙනා ජල දහර කවදත් නොම හිස් වේ
ලක්මවගේ වටිනාකම නිති සිහි වේ
ලක්මව දිනේවා නිරතුරු වම සුව සේ

 

උඳුවප් අව අටවක පෝය


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.52 ට ලබයි. 30 වන දා ඉරිදා පූර්ව භාග 2.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]