UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දහම නුවණින් මෙනෙහි කරන්න

ලෝකවාසීන් දුක හටගන්නා හැටි නොදන්නා නිසා ඇහැට පෙනෙන රූප තුළින් සැප සොයා යනවා. කනට ඇසෙන ශබ්ද තුළින් සැප සොයනවා. දිවට ගන්නා කෑම බීම වලින් සැප සොයනවා. නාසයට දැනෙන ගන්ධයන් තුළින් සැප සොයනවා. ශරීරයට දැනෙන ස්පර්ශයන් තුළිනුත් එලෙසයි. බුදුරජාණන් වහන්සේ අද ජිවමාන ව වැඩ නොසිටිය ද, ධර්ම විනය දෙක පවතී. ගිහි පැවිදි දෙපිරිස ම ඊට ගරු කළ යුතු ය. වර්තමානයේ යමෙකු ධර්ම විනය දෙකට අගෞරවය කරන මොහොතක් පාසා බුදුරදුන්ට අගෞරව කළා වෙනවා. වර්තමානයේ ඇතැම් පැවිදි අය උතුම් ධර්ම විනයෙන් ඈත් වන බව දක්නට ලැබෙනවා. මේ අකුසල් ගති වර්ධනය වී යෑමෙන් අනාගතයේ යම් දවසක සිවුරත්, පාත්‍රයත් අතුරු දහන්වී බෙල්ලේ කහපාට නූලක් පමණක් ගැටගසා ගත් කාසාව කණ්ඨකයන් බිහිවිය හැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයන් වත්මන් සමාජය විසින් බලවත් විකෘති කිරීම් වලට ලක්කර ඇති බව ඇසීමට හා දැකීමට ලැබේ. ධර්මයට වැරැදි අර්ථ කථනයන් දෙනු ලැබේ. ප්‍රාතිමෝක්ෂශීලයට අදාළ විනය කරුණුවලටත් තම හිතූ මනාපයට අනුව අර්ථයන් දෙයි. මේ වැරැදි කරන්නේ ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ ලොවේ වැඩ ඉන්නවාය කියන කාරණය ගැන අවබෝධයක් නැති ගිහි පැවිදි ඇත්තන් ය.

ඉතිරිය»

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 02 වනදා අඟහරුවාදා පූර්ව භාග 04.10 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 02 වනදා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 08 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]