UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතෙහි නිවීම පිණිස...

සිතෙහි නිවීම පිණිස...

ලෝකයේ බොහෝ විට දක්නට ලැබෙන සුලභ කාරණය නම් භෞතික වස්තු හෝ අභෞතික වස්තු රැස් කිරීමේ ස්වභාවයයි. ආශාව, තෘෂ්ණාව, ලෝභය ඇති සියලු දෙනාම මෙම කුලකයට අයත් වූවෝ වෙති.

එසේම පෘථග්ජනයා යනුවෙන් හඳුන්වන්නේ ද මෙම ගුණයෙන් යුක්ත සහ මෙබඳු ම තවත් කාම ලෝකයේ සැප විඳීමට පි‍්‍රය කරන්නා වූ පුද්ගල කොට්ඨාසයයි. අර්හත් භාවයට පත් නොවූ සියලු දෙනා තුළ කුමන හෝ සංයෝජන ධර්මයක් තිබේ. සෝවාන් වීමේ දී සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස වැනි දස සංයෝජන ධර්මවලින් තුනෙක් ප්‍රහීණ වන අතර අනෙක් සත ම ඔහු කෙරෙහි සබැඳී පවතී.

මෙ තරම් කාලයක් සංසාරයේ අප පැමිණීමට ප්‍රධාන හේතුව තෘෂ්ණාව යැයි කීවොත් ඔබ විරුද්ධ නො වෙනවා නො අනුමානයි. මන්ද? මේ තරම් කාලයක් පුරා අප සංසාරයේ ඇද බැඳ තබා ගත්තේ අන් කිසිවක් නොව, මේ කියන ආශාව, තෘෂ්ණාව බැව් ඔබට ද ප්‍රත්‍යක්ෂ වී ඇති බැවිනි. ලෝකයේ සියලු දේ අනිත්‍යතාවට ලක්වන බව දැන දැනම අප යොමු වන්නේ ම එම වස්තූන් ළං කර ගැනීමට ම ය. බුදුදහමේ යථාර්ථවත් වූ දහම් කරුණු කෙතෙක් අත්වින්ද ද, ඒ සියල්ල ඈත් මෑත් කොට අප සොයන්නේ ම සදාකාලික සැපය නොව තාවකාලික සැපයම ය. සංසාරයෙන් එතෙර වී නිර්වාණාවබෝධය පසක් කරගන්නේමැයි පවසා කරන්නේ ම, කිරීමට වෙහෙසෙන්නේ ම සංසාරයේ ඇද බැඳ තබන ආකාරයේ ක්‍රියාවලීන්ම ය.

ඔබ මෙතෙක් නොසිතුව ද, සිතා අතැර දැම්ම ද ඔබගේ බොහෝ වේදනාවන්ට, කණස්සල්ලට පත් අවස්ථාවන්ට, තමන් ගැන ම කලකිරුණු අවස්ථාවන්ට ලක් කර ඇත්තේ අල්ලා ගැනීමේ මෙම පුරුද්ද බව ඔබ දැන සිටියා ද? තවත් ඔබ මේ මිරිඟුව පසුපස ගමන් කිරීමට පි‍්‍රය කරනවා ද? මොහොතක් සිතන්න. මේ ලබාගත් දුලබ වූ මනුෂ්‍යාත්මය ප්‍රතිඵල දායක කර නො ගෙන ඔබ හිස් මිනිසෙකු සේ ක්‍රියා කරන්නේ නම්, එයින් ඔබට ලැබෙන වටිනාකමක් නැත. මන්දබුද්ධික නොවූ, වීර්ය කළ හැකි කදිම සිතක් ගතක් ඇති ඔබ නැවත නැවත සිතන්න. ලෝකයේ ඇති භෞතික අභෞතික වස්තූන් අත්හැරීමමයි සුදුසු. ඒවායින් ගෙන දෙන වේදනාව ඔබ නැවත නැවත සංසාරයේ ඇද බැඳ තබාලීමට සමත් නොවන්නේ යැයි ඔබට සහතික විය හැකි ද? හොඳින් සිතන්න. තර්ක බුද්ධියට හසුකර ගන්න. අත්හැරීමෙන් ලබන සැනසීම ඔබගේ සිත නිවීම පිණිස හේතුවාසනා වේවි. තෙරුවන් සරණයි.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 02 වනදා අඟහරුවාදා පූර්ව භාග 04.10 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 02 වනදා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 08 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]