UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සුව සෙත සලසන වස්සාන සමය

බොහෝ දෙනාට ඇහුම්කන්දීම ප්‍රජාතන්ත්‍රවාදයෙහි සැබෑ ලක්ෂණයයි. ගෞතම බුදුරදුන් ලොව පහළ වූ මුල්ම ප්‍රජාතන්ත්‍රවාදී ශාස්තෘවරයාණන් ය. සාධාරණ හා යුක්තිගරුක යැයි හැඟුණහොත් අන් මත ගරු කොට සැලකීම බුදුරදුන්ගේ සිරිත ය. තත් කාලීනව පැවැති බොහෝ අරුත් සුන් ආගමික ක්‍රමවේදයන් යථාර්ථවාදී හා ආර්ය දර්ශනයට අනුගත කොට, දෙලොව සුව සලසන ක්‍රියාවලියක් ලෙස සංස්කරණය කොට සමාජ ගත කිරීමට උන්වහන්සේට සිදු විය. බුදුරදුන් අනුදත් “පෙර හා පසුවස් විසීම” යැයි වස් විසීම් දෙකකි. පෙර කී පරිදි බුද්ධ ප්‍රඥප්තියට අනුව ඇසළ පෝදාට පසුදා වස් එළඹීම සාම්ප්‍රදායික චාරිත්‍රයයි. යම් සාධාරණ හේතු මත එදිනට වස් විසීමට නොහැකි වූ යතිවරුන්ට නිකිණි පෝදා වස් විසීමට අනුදත්හ. මෙය “පසුවස්” නම් වේ. මෙලෙස ශාසනික වැදගත්කමකින් යුත් වස් විසීමේ චාරිත්‍රය ලංකාවට පැමිණියේ බුදුසසුන පිහිටුවාලීමෙන් පසුවය. ඒ අනුව මිහිඳු මා හිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිසක් ‘අරිට්ඨ’ මහ රහතන් වහන්සේ ප්‍රධාන 56 ක් වු රහතන් වහන්සේලාත් දෙවන පෑ තිස් රජුගේ ඇරයුමින්, එතුමා විසින් ඉදිකර දෙන ලද “අටසැට ලෙන්වල” වස් එළිඹියහ. මෙය ලක්දිව සිදුවු ප්‍රථම වස්සූප ගමනයයි. මේ දක්වා මෙම උතුම් චාරිත්‍රය වසර දහස් ගණනක් මුළුල්ලෙහි බොදුනුවන් විසින් පරපුරින් පරපුරට නොසිඳ පවත්වා ගෙන එනු ලැබේ.

ඉතිරිය»

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 02 වනදා අඟහරුවාදා පූර්ව භාග 04.10 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 02 වනදා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 08 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]