UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක් : ඊර්ෂ්‍යාවෙන් දැවී ගැරහුමෙන් තැවේ

ඊර්ෂ්‍යාවෙන් දැවී ගැරහුමෙන් තැවේ

කාර්යාලයේ හෝ අහළ පහළ නිවෙස්වල හෝ අන්‍යයන් සතුටින් සිටින අවස්ථාවල ඔබ කලකිරීමකින් සිටින්න පුළුවන්. හිතට යමිකිසි නොමනාපයක් තියෙනවා නම්, අවංක සිතෙන් සිනහ වෙන්න බැහැ. සතුටින් ඉන්න බව පෙන්වන්න උත්සාහ කළත් එය කරන්න බැහැ. අන්‍යයන්ගේ සමහර ක්‍රියාදාමයන් දෙස බැලූවිට ම හිතට නැඟෙන ඊර්ෂ්‍යාව මෙබඳු සංසිද්ධිවලට හේතු වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාවෙන් දැවෙන්න එපා.

ගිනිකූරු ගැටීම නිසා ගින්දර හට ගන්නවා. නමුත් මුලින් ම දැවී යන්නේ ගින්න ඇති කිරීමට ප්‍රයෝජනවත් වූ ගිනිකූර ම නේ ද?යමක් සොරකම් කරන පුද්ගලයකු ගැන සිතමු. වරදෙහි ගැඹුර නැතහොත් ප්‍රමාණය අනුව එහි විපාක ලැබෙනතුරු ඔහුට තමා අනුන්ගෙන් ගත් යමක් ඉතිරි වෙනවා. නමුත් ඊර්ෂ්‍යාකාරයා ට එබඳු තාවකාලික ප්‍රීතියක් වත් තියෙනවා ද? හිතේ සුළු කලකට හෝ තිබුණ සැහැල්ලුකමත් නැතිවීම පමණයි. ලැබූ කිසිවක් නැහැ.

මෙසේ ඊර්ෂ්‍යාව ඇතිවන්නට බලපාන හේතු සාධක පිළිබඳ ව බොහෝ මනෝ විද්‍යාඥයන් කරුණු සොයා බැලුවා. නූගත්කම, කුසීතකම , ස්ව්‍යාර්ථකාමී බව ආදී වශයෙන් පුද්ගලයා තුළ කායිකව පවතින දුර්වලතාවයන් මේ සඳහා මහත් බලපෑමක් කරනු ලබන බව යි,එම අධ්‍යයනවලින් පැවසුණේ . තමා විසින් ම කළ යුතු ය යි ද, එය වෙන අයෙකු විසින් නො කළ යුතු ය යි ද සිතන කල්පනා කරන අය තුළ නිතර නිතර මෙම අවර ගතිය ජනිත වන බව ධම්මපදයෙහි සඳහන් වෙනවා.

සමහර මිනිසුන් තුළ යම් යම් ජීවන පුරුදු තිබෙනවා. මේ අවගුණය එම පුරුදු අතරට ඇතුළත් කරගෙන කටයුතු කරන අය නිතර ම ඉන්නේ නිමක් නැති කල්පනා ලෝකවල. එයට හේතුව තමයි අන්‍යයන්ට අයහපතක් කරන්නේ කොහොමද? කියා කල්පනා කරන්නට යාම. එසේ නැතිනම් අන්‍යයන්ට කැපූ වළෙහි තමා ම වැටීම. යම් කෙනකු අධ්‍යාපනයෙන් හෝ ආර්ථික වශයෙන් හෝ දියුණු වන විට තමාට වරදක් නැතත් ,හිතට මොකක්දෝ වෙනසක් දැනෙන අය ඉන්නවා. එම වෙනස තම සිතට සතුට සැනසුම ගෙන දෙයි නම් එබඳු සිතුම් පහළ වන්නේ පෙර සංසාරයේ යහපත් දේ් කර හුරු පුරුදු වුණු අයට. නොමනාප සිතිවිලි ඇවිදින් හිත පුරා නොමනාපය වපුරා නම් ඒවා ඇති වන්නේ සසර හුරු පුරුදු කළ පින්දහම් නැති අයට , ඔබ කෙබඳු ආකාරයේ කෙනෙක් ද? යන වග නිහඬ ව හුදකලා වෙලාවක මනසින් කල්පනා කර බලන්න.

කැඩපතක් ළඟට ගිහින් මෙය සිදු කරන්න හැකිනම් වඩාත් පලදායි වෙනවා. ඔබගේ ඇස් දෙක දිහා හොඳට බලන්න. ඔබ මොන වගේ කෙනෙක් ද? කියා මැනවින් පසක් වෙනවා. කාටත් ඒවා කියන්න යන්න එපා. අඩුපාඩු වශයෙන් යමක් තිබෙනවාය යි හැඟුණොත් එබඳු අඩුපාඩු හැකිතාක් අඩු කර ගන්න බලන්න. නැවත ද පෙර ක්‍රියාව ම කරන්න. සාමාන්‍යයෙන් ඊර්ෂ්‍යාවක් හිතට දැනෙන එක බරපතළ දෙයක් නොවෙයි. වැඩි වෙලාවක් මනස තුළ රැඳීසිටීමට එම සිතිවිල්ලට ඉඩ දෙන්න එපා. එය ඔබට අහිතකරයි. ඉක්මනින් පලවා හරින්න. මුහුණ සෝදන විට ඒ සමඟ ඉවතට දමන්න. ඊර්ෂ්‍යාව ඇතිවන්නේ ඇයි? එයට හේතු වූ කරුණු කාරණා සිතා බැලුවොත් ඔබගේ අනුවණකම ඉතා හොඳින් පසක් ෙවිවි. අනුවණකම වැඩි හිත්වල අකුසල බෝ වෙනවා. සමහර විට පැටවු ගහන අවස්ථාත් තිබෙනවා. අන්‍යයන් කෙරෙහි ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ලක් පැමිණියත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. එය සාමාන්‍ය දෙයක්. හැබැයි ටික කලක් හිතේ පවතිනවා, නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ ගැන විමසා බැලිය යුතුයි. එයට හේතුව එම සිතිවිල්ල සිත තුළ තිබෙනතාක් ඔබ ඔබගෙන් ම ප්‍රතික්ෂේප වන නිසාත්, කරන කියන කටයුතු අපිළිවෙළ වන නිසාත්, මෙයට පෙර තිබූ සැහැල්ලු මනස ඔබ තනිකර පලා යන නිසාත් ය.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 02 වනදා අඟහරුවාදා පූර්ව භාග 04.10 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 02 වනදා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 08 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]