UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිකර පූජාවයි අනුසස් ලැබීමයි : පිදුමෙන් ලැබෙයි අනුසස්

පිදුමෙන් ලැබෙයි අනුසස්

නිවන් සැපත පැතීම ම උතුම්ම සැපතයි. ඒ සඳහා ම උත්සුක වීම නැණවතාගේ ලක්ෂණයයි. සසර දිගු ගමනේ දුක සැප දෙක ම උරුම ය. තම ශක්ති පමණින් කළ පින්බලෙන් දුක් දුරුවෙයි. සැප පතාම නොව දුකෙන් නිදහස්වීමට උත්සුක වෙමු.

සැරයටි පිදීමේ අනුසස්

පුත්තා මය්හං බහූ හොන්ති – තාසෝ මය්හං න විජ්ජති
අප්පසය්හෝ සදා හෝමි - සබ්බාරක්ඛේහි රක්ඛිතෝ
ඛලිතං මං න ජානාමි – අභන්තං මානසං මම

සෑම ආත්මභාවයක දී ම යහපත් කීකරු දරුවෝ වෙති. කවර නම් වූ කරුණක් නිසාවත් තැතිගැනීමක් නම් නොවේ. සෑම කල්හි ම අනුන් විසින් පීඩා නො කළ හැක්කේ වෙමි. පින විසින් සකලාරක්ෂාවෙන් ම ආරක්ෂා කරන ලද්දේ වෙමි. තමාගෙන් අන්‍යයන්ට වරදක් නොවීම. තමාගේ සිත නොපෙළෙන එනම් පසුතැවිලි ස්වභාවය ඇති නොවීම.

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සඟරුවනට සැරයටි පූජා කිරීමෙන් අනුසස් හයක් කර්මයට අනුරූප ව ලබන්නෙක් වූයෙමි.

පහන් පිදීමේ අනුසස්

කර්මයට අනුරූපව අනුසස් තුනක් බුදුරජාණන් වහන්සේ ට මෙන් ම මහා සංඝ රත්නය වෙනුවෙන් පහන් දල්වන භාණ්ඩ පූජා කිරීමෙන් ලබන්නෙක් වෙමි.

උසස් කුල ඇත්තෙක් ව ඉපදීම. සියලු ශරීරාංග මනාව මෙන් ම ප්‍රියශීලි පෙනුමෙන් යුත් සිරුරක් ලැබීම. නුවණැත්තේ යි සම්මත එනම් ප්‍රඥාවෙන් යුත් වහා කරුණු වටහා ගන්නා කෙනෙකුවීම.

කරඬු පිදීමේ අනුසස්

උපනුපන් ආත්මභාවයන්හි දී පින විසින් ම ආරක්ෂාව සැලසීම. ලෙඩ දුක්වලින් තොර සැපයෙන් යුක්තවෙමි. මහත් යසස් ඇත්තෙක් වෙමි. අනන්‍යයන් විසින් සිදු කරන්නා වූ විපත් නැත්තේ වෙමි. සියුමැලි වූ වෙමි. රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය, සතුරු බිය ආදී සියලු අන්තරායයන්ගෙන් මිදුණේ වෙමි. සැප පහසුකම් සහිත සුඛෝපභෝගී නිවාස ලැබීම. සැප පහසු වාහන ලැබීම. මෙම වස්තූන් ජලයෙන්, භූමිකම්පාවෙන්, ගින්නෙන්, සොරුන්ගෙන්, නියඟයෙන් විනාශ නොවේ. බිය නැත්තේ වෙමි. නිර්වාණාවබෝධයට උපකාර වේ.

අසුන් (පුටු) පිදීමේ අනුසස්

උසස් කුලයක ඉපදීම. විශාල භව බෝග ඇත්තේ වෙමි. සියල්ලන් විසින් ම ගරු කරන්නෙක් වෙමි. කීර්තිරාවය පැන නැඟේ. සකලවිධ ආසන පහසුකම් ලැබීම.

මෙට්ට පිදීමේ අනුසස්

සම වූ ශරීර ඇත්තේ වෙමි. ගරු කරන ලද්දේ වෙමි. මෘදු වූ ශරීර ඇත්තේ වෙමි. මනා වූ දැකුම් ඇති ශරීර ඇත්තේ ද වෙමි. ඥානය මෙන් ම පිරිවර බලය ද ලබන්නෙමි. සැප පහසු, රන් රිදී කෙඳි මිශ්‍ර කොට වියන ලද්දා වූ විසිතුරු ඇතිරිලි ලබන්නෙක් වෙමි.

භාජන පිදීමේ අනුසස්

රනින්, මිණියෙන්, පළිඟුවෙන්, පියුම්රාමිණියෙන් කරන ලද්දා වූ භාජන ලබන්නෙක් වෙමි. භාර්යාවෝ, දාස දාසීහු, ඇත් අස්, රිය පාබල සේනා, පතිවත් ඇත්තා වූ ස්ත්‍රීහු සෑම කල් හි ම ලබන්නෙක් වෙමි. විද්‍යා ද, මන්ත්‍රයන් ද, විවිධ ආගමයන් ද සියලු ශිල්ප ද උගත්තෙක් වෙමි.

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය විෂයයෙහි පාරිභෝගික භාජනයන් පිදීමේ අනුහසින් කර්මයට අනුරූප අනුසස් තුනක් ලබන්නෙමි.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 02 වනදා අඟහරුවාදා පූර්ව භාග 04.10 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 02 වනදා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 08 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]