UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් විත්ති

සිත නිවන ලෝකය (බෞද්ධ විද්‍යා ග්‍රන්ථය)

කර්තෘ – චාමික මුණසිංහ

ප්‍රකාශකයෝ – සාහිත පොත් පියස

අග්ගමහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහා නා හිමියන් සමඟ මාධ්‍යවේදී ශාස්ත්‍රපති චාමික මුණසිංහ විසින් පුවත්පත් සාකච්ඡා ඇසුරෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත.

කොළඹ 10, අංක 717/1 හි සාහිත පොත් පියස නවතම ප්‍රකාශනයක් වන මෙහි සක්වළේ ශක්තිමත් දේ කුමක්ද? සිත නිවන ලෝකය, සසර පැවැත්ම හා ජීවන රටා, සසර දකිමු ආදි පරිච්ඡේද 20 ක් තුළ මාතෘකා 80 ක් ඔස්සේ මෙම ග්‍රන්ථය ඔබ අතට පත් වේ.

 

 

 

 

 

 

 

****

දැවෙන තැවෙන තාරුණ්‍යයට දහම

කර්තෘ – පි‍්‍රයන්ත නවරත්න

ප්‍රකාශකයෝ – කර්තෘ ප්‍රකාශනයකි

වත්මන් සමාජයේ කල්‍යාණ මිත්‍රයන්ට වඩා ඇත්තේ පාප මිත්‍රයන් ය. එනිසා අපේ තරුණ පරපුර පාප මිත්‍රයන්ගේ ග්‍රහණයට හසුව තමාගේ අනාගතය විනාශ කර ගනිමින් සිටියි. මේ තත්ත්වයෙන් මුදවා ගනු පිණිස තරුණ පරම්පරාව ඉලක්ක කොට මෙම කෘතිය රචනා කළ බව කතුවරයා කියයි. සිහියත් නැති සිත, සිත දුවන අත, තරුණයාට දහම් අකැප ද? ආදි මාතෘකා අටක් ඔස්සේ මෙම ග්‍රන්ථය පෙළ ගැස්වී ඇත.

 

 

 

 

 

 

 

****

“නිවන් මග උදම් වැකි” (ථේර ගාථාට්ඨ කථා)

කර්තෘ – හලලියේ කරුණාතිලක

ප්‍රකාශකයෝ – සාහිත පොත් පියස

හලලියේ කරුණාතිලක ලියූ “නිවන් මග උදම් වැකි” (ථේර ගාථාට්ඨ කථා) ග්‍රන්ථය දොරට වැඩීම මේ මස 22 දා උදේ 10.00 ට කොළඹ 10, අංක 717/1 ස්ථානයේ පිහිටි “සාහිත පොත් පියස” දහම් පොත් ප්‍රදර්ශනාගාරයේ දී පැවැත්වේ.

“නිවන් මග උදම් වැකි” කෘතියේ මහ රහතන් වහන්සේලා ලැබූ නිවන් සුවය නුවණින් විමසා කළ පී‍්‍රති උදාන වාක්‍යයන් සිය අතීත කථා හා ගලපමින් පෙළ ගස්වා ඇත.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 02 වනදා අඟහරුවාදා පූර්ව භාග 04.10 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 02 වනදා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 08 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]