UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පින්බර වස්සානය

සෙනසුන් පිළියෙළ කොට වස් ආරාධනා කළ පසු එම ආරාධනාව පිළිගන්නා භික්ෂූන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කිරීමට වස් සමයේ ගිහි පින්වතුන් වඩාත් උනන්දු වෙනවා. වෙනත් කාර්යයන්ට වඩා මුල් තැනක් ලබා දෙනවා. වෙහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වඩ වඩාත් පින් සිදු කරගන්නා කාලයක් බවට පත්කර ගන්නවා. එහෙත් බුදුරජාණන් වහන්සේ ගිහි ජනතාව වෙනුවෙන් මේ කාලය පෙන්වා දුන්නේ භික්ෂූන් වහන්සේට දන්පැන් පූජා කිරීමෙන් කරන ආමිෂ පූජාවන්ට වඩා භික්ෂූන් වහන්සේ වස් වසවාගෙන උන්වහන්සේලා ඇසුරෙන් තමන් තුළ ගුණධර්ම දියුණු කර ගැනීමට යි. ඒ අනුව ඔවුන් බණදහම් දැනුම ද දියුණු කරගනිමින් සීලමය ප්‍රතිපදාවන් හා භාවනාවට යොමු වී ආශ්‍රවයන් හීන කරගැනුමට උනන්දු වීම වැදගත් කොට සලකා තිබෙනවා. ඇතැම් අවස්ථාවක සිවුපසයෙන් උපස්ථාන කිරීමේ අවශ්‍යතාවෙන් ම බුදුරජාණන් වහන්සේ වෙත ලැබුණු වස් ආරාධනා භාර නොගත් අවස්ථා ද තිබෙනවා. එපමණක් නොව බුදුරජාණන් වහන්සේ දවස සිට එම පිරිස් ද සීලභාවනා වඩමින් අධිගමයන්ට පවා පත් වූ බව අපේ බෞද්ධ කථාවන් හි සඳහන් වෙනවා. ඒ වගේ ම භික්ෂූන් වහන්සේ ද එක ම සෙනසුනක් කේන්ද්‍රකොට ගෙන කල් ගත කරමින් පිඬුපිණිස හැසිරීමෙන් පවා වැළකී’ ජනපදචාරිකාවෙන් ද තොරව කල්ගත කිරීමෙන් ලැබෙන විවේකය ප්‍රයෝජනයට ගනිමින් මෙම වස්කාලය තුළ සතියෙන් හෙවත් සිහියෙන් යුක්තව, ආශ්‍රව ධර්මයන් ක්ෂය කරමින් මාර්ගඵලයන්ට පත් ආකාරය ද අපේ ධර්ම සාහිත්‍යයෙහි විස්තර වශයෙන් සඳහන් වෙනවා. මේ නිසා මේ වස් කාලය ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම මහත් වූ පුණ්‍ය කාලයක් බවට පත් වී තිබෙනවා.

ඉතිරිය»

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]