UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෙන තුළ ධර්ම ශාලාව

 

කැබැල්ලෑලෙන පුරාණ රාජමහා විහාරය

පැරැණි ඉදිකිරීම් ශෛලිය වෙනස් නොකොට ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන ඓතිහාසික කැබැල්ලෑලෙන පුරාණ රාජමහා විහාරය ඉතා දුර්ලභ ගණයේ පුණ්‍ය භූමියකි. නීල හරිත තුරුලතා පිරිවරාගත් සිත් වසඟ කරවන පරිසරයක පිහිටි මෙම විහාරස්ථානය පිහිටා තිබෙන්නේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දාගම ග්‍රාම නිලධාරී වසමේය. ගහ කොළ මැදින් දිවෙන විහාරස්ථ මාර්ගයේ ගමන් ගන්නා කෙනෙකුට විහාර භූමියට පිවිසෙත් ම නෙත ගැටෙන්නේ පෙර රජ දවස සිට පැවත එන කන්ථුක සෑයයි. යූපස් නමින් ද එය හැඳින්වේ. කැබැල්ලෑලෙන පුරාණ රජමහා විහාරයෙහි ඓතිහාසික වටිනාකම තවත් ඉහළ නංවන්නේ එහි යෝධ ගල් කුලක් යට ඉදිකර ඇති ලෙන් සමූහයයි. පළමු ලෙන තුළ රජ දවස සිට පැවත එන ගම්භාර සිද්ධ සූනියම් දේවාලය අදට ද දකින්නට ලැබේ. ඊළඟ ලෙනෙහි බොහෝ පිරිසකට එකවර නේවාසිකව සිටිය හැකි ධර්මශාලාවකි. ඒ තුළින් පිවිසෙන ලෙනක විහාර ගෘහයකි. එහි සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ ඔත් පිළිමයක් ද වේ.

ඉතිරිය»

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]