UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහර පසුගියදා (09) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික වටදාගෙය අසලින් ආරම්භ විය. චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා විසින් මංගල හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර ආරම්භ විය. පොළොන්නරුව සොළොස් මස්ථානාධිපති වෙඬරුවේ උපාලි අනු නා හිමියන් ඇතුළු මහ සඟරුවන සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පොළොන්නරුව දිසා ලේකම් රංජිත් ආරියරත්න මහත්වරු ඇතුළු සැදැහැවතුන් එම අවස්ථාවට එක්ව සිටියහ. පෙරහර ඇරඹීමට පෙර ආගමික වතාවත්වල නිරතවූ අයුරු.

 

 

උඩරට අමරපුර නිකායේ උපසම්පදාව ජුනි 23-24

උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ උපසම්පදා පුණ්‍යෙීත්සවය ජුනි මස 23-24 දිනයන්හි පේරාදෙණිය, ගන්නෝරුව ශ්‍රී මහා බෝධි සීමා මාලකයේදී සිදුකෙරෙන බව ජ්‍යෙෂ්ඨ කාරක සභික මාතලේ විද්‍යානන්ද පරිවේනාධිපති ශාස්ත්‍රවේදී බටුගොඩ සංකිච්චායන හිමියෝ සඳහන් කරයි. උපසම්පදා අපේක්ෂක සාමණේර ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිදුකරනු ලබන ධර්ම පරික්ෂණ විභාගය ජුනි 23 දින පේරාදෙණිය සුබෝධාරාමයේදී පැවැත්වේ. උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාතේ අනුනායක රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති නාහිමියන් ප්‍රධාන උපාධ්‍යායන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන උපසම්පදා විනය කර්ම කටයුතුවලට, මහනුවර, මාතලේ කෑගල්ල, ගම්පහ, අනුරාධපුරය , පොළොන්නරුව, කුරුණෑගල යන ප්‍රදේශවල සාමණේරයන් වහන්සේලා සහභාගි වෙති.

ඉතිරිය»

 

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]