UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙහිදෙණියේ ශ්‍රී සිද්ධාර්ථ රතනසාර නා හිමි ගුණ සමරුවට පින්කම්

දෙහිදෙණියේ ශ්‍රී සිද්ධාර්ථ රතනසාර නා හිමි ගුණ සමරුවට පින්කම්

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මැණික්දිවෙල ගනේමළුව පුරාණ විහාරය, වල්ගම්පාය රාජ මහ විහාරයන්හි අධිපතිව වැඩ විසූ දෙහිදෙණියේ ශ්‍රී සිද්ධාර්ථ රතනසාරාභිධාන නාහිමියන්ගේ ගුණසමරු වර්ෂ පූර්ණ පින්කම ජූනි 17 වනදාට යෙදී ඇත.

තුම්පනේ පළාතේ ගලගෙදර දෙහිදෙණිය ග්‍රාමයේ දී 1951 ජූලි 30 වෙනිදා උපත ලබා දෙහිදෙණිය පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා 1966.11.28 වෙනි දින මල්වතු මහා විහාරයේ අනුනායක පදවිය හෙබවූ මැණික්දිවෙල පේමරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් කුළුගම්මන රජමහා විහාරයේ දී පැවිදිබිමට ඇතුළත් වූ දෙහිදෙණියේ රතනසාර හිමියෝ මල්වතු මහා විහාරයේ සංඝරාජ පිරිවෙනින් හා පේරාදෙණිය සාරානන්ද පිරිවෙනින්, ධර්ම ශාස්ත්‍රය ලබා ගත්තේ ය. මල්වතු මහා විහාරයේ දී 1971 මැයි 17 වෙනිදා උපසම්පදාව ලබා 1973 – 1988 වර්ෂයන්හි ශ්‍රී දළදා සමිඳු තේවා සිදුකරමින් දළදා සමිඳු තේවා චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධව දැනුමක් ලබාගත් මල්වතු මහා විහාරයේ ජ්‍යෙෂ්ඨ නාහිමි නමක් විය. 1979 මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවට පත් වූ දෙහිදෙණියේ රතනසාර නා හිමියෝ, 1985, 1986 යන වර්ෂවල පිළිවෙලින් යටිනුවර වල්ගම්පාය අභයරාජ පිරිවෙන් රජමහා විහාරයේ භාරකාර ධුරයටත් මැණික්දිවෙල ගනේමළුව රජමහා විහාරාධිපති ධූරයටත් පත්වූහ.

ආධිපත්‍ය දැරූ විහාරස්ථානවලවල වත්මන් ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් විශාල ශාසනික මෙහෙවරක් ඉටු කළ අතර ඒ සෑම සිද්ධස්ථානයක්ම අංග සම්පූර්ණ පුදබිම් බවට පත් කිරීමට රතනසාර නාහිමියන් ගත් උත්සාහයේ ප්‍රතිඵල ලැබී ඇත.

දෙස් විදෙස් බෞද්ධ රටවල් රැසක ධර්මදූත සංචාරය කළ දෙහිදෙණියේ රතනසාර නාහිමියන්ට පින් අනුමෝදන් කරන වර්ෂ පුර්ණ පින්කම කුළුගම්මන රජමහ විහාරාධිපති අකිරියේ ගුණරතන නාහිමි ප්‍රධාන මල්වතු මහා විහාර වාසී අස්මඩලේ ආනන්ද, ඇකිරියේ සද්ධානන්ද හිමිවරුන්ගේ සහ සතර පේරුවේ දායක දායකයින්ගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]