UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

කළ යුතු දේ සුදුසු කල්හිම කරන්න


උට්ඨාන කාලම්හි අනුට්ඨහානො
යුවා බලි ආලසියං උපෙතො
සංසන්ත සංකප්ප මනො කුසීතො
පඤ්ඤාය මග්ගං අලසොන වින්දති

ශක්ති සම්පන්න තරුණ වියේ සිටියද, උත්සාහයෙන් ක්‍රියා කළ යුතු කල්හි උත්සාහවත් නොවන්නා වූ කුසීත පුද්ගලයා ප්‍රඥාවෙන් ලැබිය යුතු ආර්ය මාර්ගය නොලබන්නේ ය.  මෙම ගාථාව දේශනා කිරීමට හේතුවක් වූයේ දෙව්රම් වෙහෙරේ ජීවත් වූ එක්තරා භික්ෂුවකි. උන්වහන්සේ නමින් පධානකම්මිකතිස්ස නම් වේ. සම්බුද්ධ දේශනාව ඇසූ උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ පන්සිය නමක් සමඟ පැවිදි උපසම්පදාව ලැබූ සේක. අනෙක් සියලු දෙනා තමාට අභිමත යම් කමටහනක් ලබාගෙන බවුන් වැඩීම සඳහා වනගත වුව ද මෙම භික්ෂුව බුදුන් වහන්සේ වැඩ වාසය කරන දෙව්රම් වෙහෙරෙහිම උන්වහන්සේට උපස්ථාන කරමින් වැඩ සිටියහ.  අනෙක් භික්ෂූන් වහන්සේ පන්සිය නම වස් කාලය අවසන් වූ වහාම බුදුන් වහන්සේ බැහැ දැක්කාහ. උන්වහන්සේ අර්හත් භාවයට පත්ව සිටියහ. බුදුන් වහන්සේද උන්වහන්සේ සමග ඉතා කුළුපගව සාකච්ඡාවේ යෙදී සිටින අයුරු දැක උන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය. ‘මෙපමණ කලක් මා මෙහි වාසය කළද මා සමඟ මෙවැනි ආකාරයට කුළුපග වීමක් ඇති වූයේ නැත. මුන් වහන්සේලා සමග කුළුපගව කථිකා කරන්නේ මොවුන් උන්වහන්සේ වදාළ මාර්ගයේ ගමන් කර ඇති නිසා වන්නට ඇත. යනුවෙන් සිතා උන්වහන්සේද වහා එතැනින් පිටත්ව ගොස් භාවනා කොට අර්හත් භාවයට පත් වූ සේක. මෙම සිදුවීම හේතු පාදක කරගෙන ඉහතින් වූ ගාථාව දේශිතය.

ඉතිරිය»

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]