UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන්

 මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන්
 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර දින පහක් පුරා පැවැත්විණි. සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය මගිනි. ඩයලොග් ආයතනය සහ ලංකා බැංකුව බැතිබර අනුග්‍රහය දැක්වූහ. මිහින්තලා පුදබිමේ දී විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි, නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී. හැරිසන් මහත්වරුන් සහ ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිතුමිය හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලේක්හවුස් ආලෝක පූජාව පළමු දින විවෘත කළ අවස්ථාව.
අමිල ප්‍රභාත් වනසිංහ
 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ දෙවන දිනය දා එම ආලෝක පූජාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, විදුලිබල හා බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහත්වරු සහ ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අතින් විවෘත කෙරිණි. මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි, උතුරු මැද පළාත් වාරිමාර්ග ඇමැති සරත් ඉලංගසිංහ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල, ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහත්වරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා බැංකුව සහ ඩයලොග් ආයතනයේ නිලධාරීහුද එම අවස්ථාවට එක්ව සිටියහ.
 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ සිවුවැනි දිනය (10) ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා, නීතිඥ සංජීව සෙනෙවිරත්න මහතා ඇතුළු ආරාධිත අමුත්තන් ද සේයාරුවේ වෙති.
 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ තෙවැනි දිනය දා (9) ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති ගාමිණී වනසේකර, ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ග්‍රේෂන් මුතුකුඩආරච්චි, ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස, මිහින්තලා ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහත්වරු සහ ලංකා බැංකුව, ඩයලොග් ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිහුද එම අවස්ථාවට එක්වූහ.
 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ පස්වන දිනය දා අනුරාධපුර දිසා ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා ප්‍රධාන මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රුක්මල් රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණු අවස්ථාව

 
 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]