UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාථ දේවාල භූමියේ පැවැති හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට සහභාගි වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එහි පත්තිනි දේවාලයේ ඓතිහාසික වැල්බෝධිරාජයාණන් වහන්සේ වටා ඉදිකළ අභිනව රන්වැට විවෘත කිරීම සඳහාද එක්විය. එම ඓතිහාසික බෝධින් වහන්සේ සුරක්ෂිත කොට ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර කරනු වස් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහා නා හිමියන්ගේ අනුශාසනා පරිදි ජයන්ති සිරිසේන මහත්මියගේ සහ චතුරිකා සිරිසේන මහත්මියගේ දායකත්වයෙන් එම රන්වැට ඉදිකර තිබේ. එහිදී සුබ නැකතට අනුව ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහානාහිමියන් විසින් ජනාධිපති තුමා වෙත හිසතෙල් ගැල්වීම සිදුකළ අතර නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, යන මහත්ම මහත්මීන් ද දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු බස්නායක නිලමේවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

 

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය උත්කර්ශවත් අන්දමින් පවත්වනවා - ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් තිබෙන බව ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රකාශ කළහ. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් එසේ ප්‍රකාශ කළේ ඉකුත් (20) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති හමුවකට සහභාගි වෙමිනි. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය සඳහා අනුග්‍රාහකත්වය සපයන රජයේ සහ පෞද්ගලික ආයතන එහිදී අදාළ චෙක්පත් කිරින්දේ අස්සජි හිමියන්ට ලබාදෙන ලදී. එම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, රංජිත් මද්දුම බණ්ඩාර, ෆයිසර් මුස්තාපා ඇමැතිවරුන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂක (ක්‍රම සම්පාදන) එස්.ඒ.සී. එන්. ජයතිලක මහතා සහභාගි වූහ. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙසේද පැවසූහ. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය ආරම්භ කළේ ඉතා කුඩාවට. වර්තමානයේ මෙම වෙසක් මංගල්‍ය නැරඹීම සඳහා විශාල ජනතාවක් සහභාගි වෙනවා. මෙය ඉතාමත්ම විචිත්‍රත්වයෙන් යුත් උත්සවයක් බවට වර්තමානයේ පත්වෙලා. ගංගාරාම විහාරස්ථානයත්, අග්‍රාමාත්‍ය කාර්යාලයත් ඒකාබද්ධවයි මෙය පවත්වන්නේ.

ඉතිරිය»

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]