UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජගත් සම්බුදු තෙමඟුල සිරිලකට

ජගත් සම්බුදු තෙමඟුල සිරිලකට

සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව රටවල් අනූවක් පමණ නියෝජනය කරමින් ආරාධිත හත්සිය පනහකට අධික බෞද්ධ රාජ්‍ය තාන්ත්‍රික පිරිසකගේ සහභාගිත්වයෙන් ලබන 12,13,14 යන දිනයන්හි කොළඹ දී සහ මහනුවර දී පැවැත්වෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකදී ඒ මහතා එම අදහස් පළ කළේය. ඒ අනුව ලබන 12 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ආරම්භක උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍රමෝදි මහතා සහභාගි වන අතර 14 දා මහනුවරදී පැවැත්වෙන අවසන් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනිය බිධ්‍යාදේවි භණ්ධාරී මැතිණිය සහභාගි වේ

පසුගිය වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 13 වැනි සම්මේලනයේ මුඛ්‍ය දේශනයේ ඉදිරිපත් කළ කරුණක් වූයේ ථෙරවාදී සම්බුදු දහම, ත්‍රිපිටකය ලේඛනාරූඪ කොට ආරක්ෂා කළ රටක් ලෙස ශ්‍රී ලංකාවේද ජාත්‍යන්තර වෙසක් දින උත්සවය පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙසය. ඒ අනුව සියලු දෙනාගේ ඒකමතික තීරණය මත මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල ලංකාවේ පැවැත්වෙනු ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් උපදෙස් පරිදි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව වසර 2500ට අධික බෞද්ධ ඉතිහාසයක් සහ සංස්කෘතියක් හිමි රටක් ලෙසත්, ථෙරවාදී බුදු දහමේ මූලස්ථානයක් වශයෙනුත් අප රට ලත් මහත් භාග්‍යයක්ද වනු ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, ජනමාධ්‍ය අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු විවිධ අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සම්බන්ධ වීමෙන් වෙසක් දින උළලෙහි වැඩකටයුතු සංවිධානය කෙරෙනු ඇත.

උළෙල හා සමගාමීව විශේෂ දියවන්නා වෙසක් කලාපයක් ද පැවැත්වේ. බෞද්ධයා මාධ්‍ය ජාලය මඟින් දේශීය අනන්‍යතාව සංස්කෘතිය ඉදිරිපත්වන ලෙස සංවිධානය කළ පෙරහර නෙළුම් පොකුණ ඉදිරියෙන් වීදි සංචාරය කිරීමටද නියමිතය.

13 දින සියලු අමුත්තන් විශේෂ දුම්රියකින් මහනුවරට යාමට කටයුතු සැලසුම් කර ඇති අතර එම සමුළු නියෝජිත පිරිස වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් හා පෙරහරක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]