UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජගත් වෙසක් උළෙලට වෙසක් පත් හතරක් එළිදැක්වේ

ජගත් වෙසක් උළෙලට වෙසක් පත් හතරක් එළිදැක්වේ

ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, ඒ නිමිත්තෙන් රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී නව වෙසක් පත් හතරක් එළිදැක්වීම පසුගිය 20 වැනිදා සිදුවිය.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි නා හිමියෝ පැමිණි සිටි පිරිස එහිදී පංචසීලයේ පිහිටු වූ අතර අනතුරුව අනුශාසනාවක් පවත්වමින් මෙවර වෙසක් උත්සවය ශ්‍රී ලාංකික අපට ඉතා වැදගත් අවස්ථාවක්. මේ වෙසක් පත්වල ධම්මපදයේ උපුටාගත් ඉතා මනරම් ගාථා රත්නයන් සටහන් කොට තිබීම පිළිබඳව මාගේ සතුට ප්‍රකාශ කරනවා. ලංකාවේ ඓතිහාසික වෙහෙර විහාර හතරක පින්තූර මේ වෙසක් පත්වලට යොදා ගැනීම ඉතා වැදගත් යැයි පෙන්වා දුන්හ.

රාජ්‍ය පරිපාලන කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා - මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය අපේ රටේ පවත්වන්නට අවස්ථාව උදා වී තිබෙනවා. වෙසක් දිනය නිමිත්තෙන් බෞද්ධ ජනතාව නියෝජනය කරන නායකයන් අපගේ රටට ගෙන්වා මෙවර වෙසක් සැමරුම සිදු කරනු ලබනවා. නිර්මල බුදු දහම පවතින ප්‍රධාන රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දහම මේ ලෝකයේ යහපත, ලෝක සාමය සඳහා යොදා ගත හැකි ආකාරය ලෝකයාට කියා දෙන්න අද අපගේ රට කටයුතු කරනවා යැයි පැවසීය.

එම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා ඇතුලු තවත් විශාල පිරිසක් සහභාගි වූහ .

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]