UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත් වී වදාළ බ්‍රාහ්මණවත්තේ සීවලිතිස්ස අනු නාහිමි

අපවත් වී වදාළ බ්‍රාහ්මණවත්තේ සීවලිතිස්ස අනු නාහිමි

බළපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි ඉදිරිමුණි බේබි සිඤ්ඤෝ සිල්වා හා ලද්දු එමිනෝනා මහෝපාසිකාවට දාව 1936 මාර්තු 03 වෙනිදින පවුලේ බාලයා වශයෙන් උපත ලද මේ පින්වත් කුමරු ඇක්මන් සිල්වා නම් විය.පහළොස් වෙනි විය දක්වාම පාසල් අධ්‍යාපනය හදාරා පින් සිත් ඇතිව ශ්‍රද්ධාවෙන් සසුන්ගත වන්නට දෙමාපියන් සමග කතිකා කර ගත්හ.

දක්ෂිණ ලංකාවේ උගත් ශ්‍රේෂ්ඨ පඬිවරුන්ට තෝතැන්නක් වූ අම්බලන්ගොඩ රන්දොඹේ මහා චේතිය විහාරය, යාපනයේ නයිනතීවු නාගදීප රජමහා විහාරය යන උභය විහාරාධිපති අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස අරමපුර මහා නිකායේ මහ නා හිමියන් සමීපයෙහි 1951 මැයි 21 වෙනිදින පැවිදි වන්නට හැකිවන්නේ නා හිමියන්ගේ නැන්දණියගේ පුත්‍රයෙකු නිසාවෙනි. මුන්වහන්සේගේ පැවිදිභාවයේ ඓතිහාසික බවක් ඇතිවන්නේ බුදුන් දෙවන වරට වැඩි නාගදීප රජමහා විහාරයෙහි පැවිදිවීම සිදුවූ නිසාය.

යාපනය වඩිඩුක්කෝඩිඩෙයි දෙමළ මහා විද්‍යාලයට ඇතුළත්ව දමිළ භාෂාවෙන් පාසල් අධ්‍යාපනය ලබමින් තම ගුරු දේවයන් වහන්සේගේ සෙවණේ උගත මනා බණ දහම් සම්පූර්ණ කර ගත්තේය. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් විය. එහි උසස් අධ්‍යාපනය ලබා කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් වන්නට තරම් වාසනාවන්ත විය.රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා ලෙසින් 1959 ජුලි 21 වනදින බළපිටිය මාදු නදී උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.

1962 දී කැලණි විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියද එම සරසවියෙන්ම ශාස්ත්‍රපති උපාධිය පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිය ලබා ගැනීමෙන් උන්වහන්සේගේ බුද්ධි ප්‍රභාවය කෙතරම්ද කියා අපට අවබෝධ කරගත හැකිය. මුන්වහන්සේගේ දෙමළ භාෂාව චතුර ලෙස භාවිතා කිරීමේ දක්ෂ හැකියාව නිසාත්, උන්වහන්සේගෙන් රටට වන ජාතික ආගමික ශාසනික සේවය නිසාත් ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලය මගින් ආචාර්ය උපාධියක් ලබාගන්නට තරම් දක්ෂයෙකු විය.පාසල් ගුරුවරයෙකු ලෙස ලංකාවේ විවිධ ප්‍රදේශවල සේවය කළ උන්වහන්සේ කැලණිය ධර්මාලෝක මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවය කොට දහස් සංඛ්‍යාත පාසල් සිසුන්ගේ නුවණැතස පාදා පාසල් දිවියෙන් විශ්‍රාම ගන්නා ලදී.

මුන්වහන්සේගෙන් සිදුවූ සේවය මෙරට පමණක් නොව පිටරටවල වෙසෙන බෞද්ධ අබෞද්ධ ජනතාවට ලබා ගැනීමට හැකිවූයේ යුරෝපයේ මෙන්ම ආසියාවේද රටවල් විස්සකට අධික සංඛ්‍යාවක සංචාරයේ යෙදෙන්නට වූ නිසාය.විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් වශයෙන් සුපතළ නාහිමියෝ දෙමළ බසින් බුදුබණ ගුවන්විදුලියේ පළමුවරට දේශනා කළ භික්ෂුන් වහන්සේ නම වන්නට භාග්‍යවන්ත විය.

ස්වනිකායට පමණක් නොව ලාංකීය තෛ‍්‍රනිකායික භික්ෂූන් වහන්සේගේ ගෞරවයට පාත්‍ර අප නාහිමියන් සිදුකළ සේවයේ අගය අපමණය. අපවත් වී වදාළ බ්‍රාහ්මණවත්තේ සීවලිතිස්ස නා හිමියෝ සසුනට හා රටට සිදුකළ සේවයේ තරමේ ප්‍රමාණය මැනිය හැක්කේ සිරිධම්ම නම් ශික්ෂාකාමී උගත් බුද්ධිමත් තරුණ යතිවරයන් වහන්සේ දෙස බැලීමෙනි.අපවත් වී වදාළ අමරපුර මූලවංශික මහා භික්ෂු වංශයේ අනුනායක ධුරන්ධර බ්‍රාහ්මණවත්තේ සීවලි තිස්ස නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ සේක. උන්වහන්සේට නිවන්සුව ලැබේවායි පතමු.

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]