UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවරට අයත් ශ්‍රී විජයාරාම රජ මහා විහාරස්ථානයේ ධාතු මන්දිරය රන් ආලේප කර නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි මේ. එම පිළිම වහන්සේ විහාරාධිපති අමුණුමුල්ලේ ජිනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි උඩහමුල්ලේ මෙත්තානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් හේවාගම මහතා සහ විශ්වනී හේවාගම මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් නිර්මාණය කරවන ලද අතර ඉකුත් දා (1 ) ධාතු මන්දිරයට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය පැවැත්විණි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඉකුත් දා (28) අනුරාධපුරයේ දී ආගමික වතාවත් රැසකට සහභාගිවිය. ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අනතුරුව රුවන්වැලි මහා සෑය වෙතද අනතුරුව සාරානන්ද පිරිවෙන, මිරිසවැටි රජ මහා විහාරය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානවලටද ගොස් ආගමික වතාවත්වලට සහභාගි විය. ග්‍රාමීය කර්මාන්ත ඇමැති පී. හැරිසන් මහතාද එම අවස්ථාවන්ට එක්විය.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් අනුරාධපුර මහා විහාරයේ දී පසුගියදා (28) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැහැදුටු අවස්ථාව. අනුරාධපුරයේ සංචාරක ව්‍යාපාරය තවත් දියුණු කිරීම සඳහා පුරාවිද්‍යා කැණීම් සිදුකර ඉතිහාසය ගැන වැඩිදුරටත් කරුණු සෙවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පල්ලේගම හේමරතන නා හිමියන්ද, අනුරාධපුර සාරානන්ද පරිවේනාධිපති ගිරාඹේ ආනන්ද නාහිමියන් එම පිරිවෙනේ දී ද බැහැ දැක උන්වහන්සේගේ ද සුවදුක් විමසූහ. එම අවස්ථාවට ඇමැති පී. හැරිසන් මහතා සහ කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියද සහභාගි විය.

 
 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]