UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 සෙයියු කිරියමා මහ නා හිමි ගුණසමරු පින්කම් මාලාවක් ජපානයේ කියොතෝ නුවර

 

ජපානයේ අගොන්ශු නිකායේ මහානායක, කීර්ති ශ්‍රී සාමදූත අතිගරු සෙයියු කිරියමා මහ නා හිමි ගුණසමරු පින්කම් මාලාවක් ජපානයේ කියොතෝ නුවර අගොන්ශු විහාරස්ථානයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි අද්දර පතිරණගේ මහතාගේ අධීක්ෂණය පරිදි සංවිධානය වූ එම පින්කම් මාලාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාකඳුරේ සිරිරතන, ඌරුමුත්තේ සුගතානන්ද, බෝපිටියේ විජිත, කැකුණාවෙල වනරතන, තාරපේරියේ සරණසිරි, හැව්ඕවිට ගුණානන්ද, ලේල්වල සමිත, මැදගොඩ අභයතිස්ස, ඌරුගමුවේ අස්සජී, පිටිගල කෝලිත යන හිමිවරු ද අගොන්ශු සමලේකම් සුනිමල් චන්ද්‍රසිරි, එම්.පී.පී. මුණසිංහ යන මහත්වරු ද, ඒ.පී. නිහාල් ශාන්ත, පී. සුගතපාල, ජී.එම්.කේ. එල්. කරුණාරත්න යන නර්තන ශිල්පීහු ද එක් වූහ. දූත පිරිස අගොන්ශු නිකායේ අභිනව මහානායක ෆුකද සෙයිඅ හිමි සමඟ ඡායාරූපයේ වෙති.

 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]