UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජන්ම සමරුවට පින්කම්

ජන්ම සමරුවට පින්කම්

බත්තරමුල්ල පන්නිපිටිය පාර සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රඥා ප්‍රභා සංවිධානය, පාරමී සංවිධානය, උපස්ථායක සභාව, ඉංගී‍්‍රසි හා සිංහල මාධ්‍ය දහම් පාසල මෙහෙයවීමෙන් පෙබරවාරි මස 04 සහ 05 දෙදින තුළ සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි දී පින්කම් මාලාවක් සිදු කෙරේ.

ධම්මික හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ සිට වසර හතක් පුරා ප්‍රඥා ප්‍රභා සංවිධානයේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද ලේ දන් දීමේ මහා පුණ්‍යකර්මය මෙම වර්ෂයේත් පෙබරවාරි 04 වන දින පෙරවරු 9 සිට දවල් 2 දක්වා සුදස්සනාරාම සදහම් සෙනසුනේදී සිදු කෙරේ.

පෙබරවාරි 05 වන දින ධම්මික හිමියන්ගේ සහභාගිත්වයෙන් මහරගම අපේක්ෂා (පිළිකා) රෝහලට ඖෂධ ද්‍රව්‍ය ප්‍රදානයක් ද සිදු කෙරේ. එදිනම සවස සදහම් සෙනසුනේදී අඩු ආදායම්ලාභීන් උදෙසා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ද සිදු කරන අතර, රාත්‍රී 7ට මිරිස්සේ ධම්මික හිමියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් විශේෂ ආශිර්වාද පින්කමක් සුදස්සනාරාම සදහම් සෙනසුනට සහ සම්බන්ධ සියලු සංවිධාන හා සැදැහැවතුන්ගේ එකමුතුවෙන් සිදු කෙරේ.

 

නවම් මස පුර අටවක

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]