UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැහැමෙන් ලොව දිනමු

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සරණයමි

ස්වාමීනි, ඔබ වහන්සේගේ වදන් කාරුණිකය. ඔබ වහන්සේ රාග, ද්වේශ, මෝහ නැති කළ සේක. සියලු පාපයන්ගෙන් මිදුණ සේක. සියලු දෙව් මිනිසුන්ගේ ආමිස පූජාව ප්‍රතිපත්ති පූජා සියල්ලට සුදුසු වන සේක. ඔබ වහන්සේ අනන්ත විමුක්ති ඇති සේක.අනන්ත විමුක්ති ඥාන දර්ශන ඇති සේක. අනන්ත සිල් ඇති සේක.අනන්ත කරුණා ගුණ ඇති සේක. මහා කාරුණික වූ ශාන්ති නායකයාණන් වහන්ස, ඔබ වහන්සේ රහසින්වත් පවු නොකළ සේක. මහා වීර්යය ඇති සේක. අනන්ත පාරමී පිරූ සේක. ධර්මයට උචිත වන ලෙස සමාජය හැඩගැන්වූ සේක. තථාගතයිනි, ඔබ වහන්සේ සියලු අභියෝග හමුවේ මහාමේරූ පර්වතය සේ නොසෙල්වුණ සේක. ධර්මය පතුරවාලු සේක. අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදු වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථී වන සේක. සත්ථාදේව මනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක, බහුජන හිතාය (බොහෝ ජනයාගේ හිතසුව පිණිස) බහුජන සුඛාය (බොහෝ ජනයාගේ සැපය පිණිස) ලෝකානුකම්පාය (ලෝකයට අනුකම්පා පිණිස) දම් දෙසූ සේක. කාමසුඛල්ලිකානුයෝගය,අත්තකිලමතානු යෝගය යන අන්තවලට නොවැටී උත්සාහයෙන් යුතුව මැදුම් පිළිවෙතට පිවිස බුද්ධත්වය ලබාගත්සේක.


සතුන්ට කරුණාව දක්වමු

බොදු දරුවන් වශයෙන් සත්ත්ව කරුණාව පිළිබඳව අප අසා ඇත්තෙමු.පෙර ආත්මයක නන්දිය මුවා ලෙස ඉපදුණු බෝසතාණෝ ගොඩ බිම සතුන්ට පමණක් නොව අහසෙහි පක්ෂීන්ටත් දියෙහි මාළුවන්ටත් අභය දානය ලබා දීමට කටයුතු කළහ. සතුන්ට කරුණාව දැක්වීමෙන් අපගේ සිත් තුළ මෙත් සිතුවිලි වැඩේ. සතුන්ගේ ආදරය අපටද ලැබේ. බුදුහිමියෝ අපට කියා දුන්නේ මේ ලොව සියලු සතුන්ට කරුණාව හා මෛත්‍රිය දැක්විය යුතු බවයි. අපි සුරතල් සතුන්ට මෙන්ම පරිසරයේ සිටින කුරුලු කිරිල්ලියන් ඇතුළු සියලු සතුන්ට ආදරය, කරුණාව දක්වමු. හිංසා පීඩා නොකරමු.

සුරතල් සතුන් රැකබලා ගැනීමෙන් අපගේ මනසද සැහැල්ලු වේ. හිංසා නොකළ විට නපුරු සර්පයන් පවා අපට හිරිහැර නොකර ඉවත යනු ඇත. කුරුලු ලෑල්ලට ආහර , පලතුරු දැමීම, ජල බඳුනක් තැබීම ආදියෙන්ද සතුන්ට කරුණාව, දැක්විය හැකිය.අපේ සුරතල් සතුන් ලෙඩ වූ විට රැකබලා ගැනීමද කළ යුතුය. අපි හැමෝම බොදුදරුවන් ලෙස සතුන්ට කරුණාව දැක්වීමට පුරුදු වෙමු.


මම භාවනා කරනවා


මිහිඳු දහම්

අරලිය මල් සුළඟෙ ලෙළෙන වා
බුදු බණ පද හිතට නැගෙන වා
අඹතලාව දුරට පෙනෙන වා
මිහිඳු සමිඳු හිතේ මැවෙන වා


අපේ පන්සලේ කඨින පෙරහර


අසරණයන්ට පිහිට වෙමු

අසරණයන් යනු කිසිවක් කර කියා ගැනීමට අපහසු අයයි. මහලු වූ විට, ලෙඩ වු විට බොහෝ දෙනෙක් තමන්ගේ වැඩ කටයුතු කරගැනීමට නොහැකිව අසරණ වේ. මේ අයට උදවු උපකාර කිරීම පුංචි අපට කළ හැකි ක්‍රියාවකි. අපේ බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවක සිරුර පුරා වණ වු භික්ෂූන් වහන්සේ නමකට කරුණාවෙන් පිහිට වූ සේක. උන්වහන්සේ බොහෝ අවස්ථාවන්හි අසරණයන්ට පිහිට වු සේක. පුංචි අපටද නිවසේදීම අසරණයින්ට, වැඩිහිටියන්ට පිහිට විය හැකිය.

අපගේ ආච්චි, සීයා, අපට රස බර කතන්දර කියා දෙති. ඔවුන් රෝගී වූ විට, වැඩ පළ කර ගත නොහැකි වූ විට නහවා කවා පොවා ආදරයෙන් රැකබලා ගැනීම යුතුකමකි. ඔවුන්ට පන්සල් යාමට, සිල්සමාදන් වීමට උදව් කළ යුතුය.

පාරේ යන එන විට බස් රියේ දී, දුම්රියේ දී ආබාධිත අය දුටු විට අත දීම යුතුකමකි. නොදුටුවා සේ ඉවත බලා ගෙන යාම සුදුසු නොවේ. සමහර අකාරුණික දරුවෝ මවුපියන් මහලු වු විට තැන තැන අතරමං කර යති. අපට ජීවිතය දුන්, කවාපොවා පෝෂණය කරන, හොඳ පුරවැසියන් වීමට උදවු කරන, හොඳ නරක කියා දෙන අම්මා, තාත්තා වයසට ගිය විට අමතක නොකළ යුතුය.

අසරණ අයට පිහිට වීම පින්කමකි. සැම ආගමකින්ම ඒ ගැන උගන්වා ඇත. කුඩා කල සිටම අපි අසරණයින්ට, වැඩිහිටියන්ට සැලකීමට පුරුදු වෙමු.


දහම් පාසල් හා පාසල් දරු දැරියන් සඳහා බුදුසරණ "දැහැමෙන් ලොව දිනමු" ළමා නිර්මාණ පිටුව වෙන් කර ඇත. ඔබ විසින්ම නිර්මාණය කළ ආගමික තේමාවන් සහිත රචනා, කවි සහ චිත්‍ර මේ ලිපිනයට යොමු කරන්න.

බුදුසරණ, දැහැමෙන් ලොව දිනමු

ලේක්හවුස් ආයතනය, කොළඹ-10.

 

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා පූර්ව භාග 9.16 ට ලබයි.
14 වන දා බදාදා පූර්වභාග 5.35 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා

 

මීළඟ පෝය දෙසැම්බර් 21 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]