UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බුදු දහමේ පණිවුඩය ලොවට ගෙන යෑමට බෞද්ධ සිනමාවට කළ හැකි මෙහෙවර සුවිශාලයි

බෞද්ධ සිනමා ඉතිහාසය 1952 තිර ගත වූ ‘සිරිසඟබෝ’ චිත්‍රපටය දක්වා ඈතට දිව ගියද, අපේ රටේ බෞද්ධ චිත්‍රපටයන්හි එතරම් පොහොසත් නිර්මාණ කලාවක් දැකිය නොහැකිය. බෞද්ධ සාහිත්‍යයේ එන චරිත සහිත සිනමා පට, ජාතක කතා ඇසුරින් කරන ලද හා බෞද්ධ තේමා ඇසුරින් කළ චිත්‍රපට ලෙස අංශ කිහිපයකින් බෞද්ධ සිනමාව නිර්මාණය වී ඇති ආකාරය පැහැදිලිය. ‘සිරිසඟබෝ’ ඉතිහාසයෙන් ගත් චරිතයක් වුවද ඔහු පිළිබඳව ගෙතී ඇති සියලු කතා බහ බෞද්ධ ස්වරූපයක් ගන්නා නිසා එය මුල්ම බෞද්ධ සිනමා කෘතිය ලෙස සැලකිය හැකිය. එහෙත් සිරිසඟබෝ වාණිජමය වශයෙන් මෙන්ම කලාත්මක බව අතින්ද සාර්ථක වූයේ නැත. 1964 වසරේ තිරගතවූ ‘පටාචාරා ‘ , 1978 වසරේ නිෂ්පාදිත, ‘කුණ්ඩලකේශී’ 1981 නිර්මාණය වූ ‘අජාසත්ත’ ආදී සිනමා පටයන්ට විෂයය වී ඇත්තේ බුද්ධ කාලීන භාරතීය සමාජයේ ජීවත් වූ චරිතය. ඒ අතරින් ‘අජාසත්ත’ බොක්ස් ඔෆිස්’ වාර්තා තැබූ සිනමා කෘතියකි. මේ එකදු චිත්‍රපටයක් හෝ කලාත්මක අගයක් ඇති ඒවා ලෙස හඳුන්වා දිය නොහැකි වුවද ‘අජාසත්ත’ වාණිජමය වශයෙන් ඉතා සාර්ථක විය. පිය , පුතු සම්බන්ධය අනුවේදනීය ලෙස ඉදිරිපත් වී තිබීම ඊට හේතු වන්නට ඇත. එහෙත් ‘පටාචාරා’ චරිතය ඊට වඩා අනුවේදනීය වුවද වාණිජමය වශයෙන් සාර්ථකත්වයක් ලැබීමට නොහැකි විය.

ඉතිරිය»

 

ඉල් මස අමාවක පෝය

ඉල් මස අමාවක පෝය නොවැම්බර් 28 වන දා සඳුදා අපරභාග 03.20 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපරභාග 05.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා සඳුදාය.

මීළඟ පෝය දෙසැම්බර් 07 වන දා බදාඳාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]