UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

ජීවිතය සැපවත් කරන අරපිරිමැස්ම

බුදුන්වහන්සේ දේශනා කළ ධර්ම දේශනා අතර ලෞකික ජීවිතයෙහි සාර්ථකත්වය උදෙසා වදාළ එක් මාතෘකාවක් නම් අරපිරිමැස්මයි. මෙය බෞද්ධ සම්ප්‍රදායෙහි ඉතා ඉහළින් අගැයීමට ලක්වූවක් බව බෞද්ධ සාහිත්‍ය පරිශීලනය කිරීමෙන් මැනවින් ප්‍රකට වෙයි. අධිපරිභෝජනවාදී හා තරගකාරී ආර්ථික ක්‍රමයක් තුළට තල්ලු වී ගොස් සිටින ලෝකවාසීන් අරපිරිමැස්මෙන් තොරව යන ගමන කොතැනින් නිමාවේදැයි සිතා ගැනීමට පවා බැරි තරම් ය. බුදුන් වහන්සේ තම ශ්‍රාවකයින්ට යථාලාභ සන්තුෂ්ටිය අදාළ කරගත් අල්පේච්ඡ ජීවිතයක් නිර්දේශ කරන අතර එවැනි බෞද්ධ ජීවන ක්‍රමයක් මත මිනිසා පමණක් නොව ගහකොළ, සතා සීපාවා මෙන්ම ජලය, භූමිය වැනි පරිසර සාධක ද නොනැසී ආරක්ෂා වෙයි.

විශේෂයෙන් ම අරපිරිමැස්ම පිළිබඳ බුදුන් වහන්සේ තම භික්ෂු ශ්‍රාවකයින්ට වදාළ කරුණු අතිශයින් ම වැදගත් වේ. මේ පිළිබඳ සුවිශේෂ සිදුවීම් රැසක් බෞද්ධ සාහිත්‍යයේ ද නො අඩුව දක්නට ලැබේ. එයින් එක් අවස්ථාවක් නම් භික්ෂූන් වහන්සේගේ සිවුර සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ හා කොසොල් මහ රජතුමා අතර ඇතිවන සංවාදය. මෙකී කතා පුවත ධම්මපදට්ඨ කතාවේ පහත පරිදි සඳහන්ව ඇත.

ඉතිරිය»

 

ඉල් මස අමාවක පෝය

ඉල් මස අමාවක පෝය නොවැම්බර් 28 වන දා සඳුදා අපරභාග 03.20 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපරභාග 05.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා සඳුදාය.

මීළඟ පෝය දෙසැම්බර් 07 වන දා බදාඳාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]