UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අමාවක 2016.11.28

යහපතට හේතු වේ

බෞද්ධයා හිමිදිරි පාන්දර නින්දෙන් පිබිදුන මොහොතේ සිට නැවතත් රාත්‍රී නින්දට යෑම දක්වා දවසේ කිහිපවිටකදීම පන්සිල් සමාදන්වීම සාමාන්‍ය චාරිත්‍රයක් බවට පත්ව ඇත. සෑම විශේෂ සුබ කටයුත්තකදීම පවා එසේ පන්සිල් සමාදන් වෙයි. අවමඟුලක දී වුවද පන්සිල් සමාදන්වීම චාරිත්‍රයක් බවට පත්කරගෙන ඇත. දවසේ කීපවිටකදීම මෙසේ පන්සිල් සමාදන්විය යුතු දැයි වාද විවාද කරන අවස්ථාද නැත්තේ නොවේ. නිතර නිතර පන්සිල් සමාදන්වීමෙන් සුළු අතපසුවීමකින් පවා ඇතිවන අඩුපාඩු සිහියට නගා ගනිමින් නැවතත් සුචරිතවත් විය හැකිවේ. එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීම දුසිරිතෙන් වැළකීමට පහසු මඟකි.

හිමිදිරියේ දිනය ආරම්භ කරන්නේද රාත්‍රී නිදියහනට එක්වනුයේද බොහෝවිට පන්සිල් සිහිකරමිනි. ඒ අතර කාලය තුළදී පංච දුශ්චරිතයෙන් වැළකිය හැකි වෙතොත් ජීවිතයට එය මහත් ආධ්‍යාත්මික ශක්තියක් වනු නියතය. පංච දුශ්චරිතය නම් ප්‍රාණඝාතය,අදත්තාදනය, කාම මිථ්‍යාචාරය, මුසාවාදය හා සුරාපානයයි. ශිෂ්ට මනුෂ්‍යයා එම පංච දුශ්චරිතයෙන් වෙන් විය යුතුය. එසේ නොවුවහොත් දුසිරිතයට යොමු වූ අයෙක් බවට පත් වේ. සත්ත්වයකු බව දැන දැන ප්‍රාණියකු මරණයට පත් කිරීම ප්‍රාණඝාතයයි. එය වෛරය, ක්‍රෝධය මුල්වී සිදුකරන නපුරු ක්‍රියාවක් ද වෙයි. කවර අයෙකුට වුවද එබඳු දෙයින් වැළකී සිටිය හැකි වෙතොත් එය උසස් වටිනා ගුණයකි. ප්‍රාණියකු මරණයට පත් කිරීම පමණක් නොව ප්‍රාණියකු වෙත හිංසා පීඩා කිරීමද නපුරු දුදන ගතියකි. නපුරු සිත මුල්වී කැරෙන බැවින් එය අකුසලයකි. ප්‍රාණඝාතයෙන් ඈත්වීම සුචරිතයකි.

ලෝභය මුල් වී කරන දුසිරිතකි, අදත්තා දානය,අයිතිකරු නොදුන් දෑ ඔහුගේ අකැමැත්තෙන් රැවටීමෙන්, බලහත්කාරයෙන් අන් සතු දෑ බව දැන දැනම ගැනීම අදත්තාදානයයි.

රාගය මුල්වීමෙන් කෙරෙන දුසිරිතකි, කාම මිථ්‍යාචාරය . පිරිමියකු පර අඹුවන් කරා යාම, ස්ත්‍රියක පර පුරුෂයන් කරා යාමද දුසිරිතකි. ඉන් වැළකීම සුචරිතයකි.

මත්වතුර, මත්ද්‍රව්‍ය ආදියට පුුරුදු වුවහොත් ඔහුට කළ නොහැකි පාපයක් නැත. ඔහුගේ ආත්ම ගෞරවය තමා විසින්ම නැති කර ගන්නෙකි. ලජ්ජා බිය දුරු කර ගන්නෙකි. ධනය පරිහානියටම යොදවයි. මත් ද්‍රව්‍ය හෝ මත්වතුරට පුරුදුවීමෙන් ආරෝග්‍ය පරිහානියට පත්වේ. සුළු කලකින් රෝගියකු බවට පත්වේ. අන්‍යයන් සුවපත් කිරීමට ඇති ඖෂධ නිරපරාදේ එබන්ඳකු වෙත යෙදවීමට සිදුවේ. එබන්ඳක සමාජයේ අවමානයට ලක්වීමෙන් වැළකිය නොහැකිය. එබඳු දුසිරිතෙන් වැළකී සිටිය හැකි වෙතොත් සුසිරිතයට යොමුවේ.

පංච දුශ්චරිතයෙහි දැක්වෙන පස්වැන්න නම් වැරැදි වචන භාවිතයයි. බොරු කීම, කේලාම් කීමත්, ඵලකට නැති බස් දෙඩීමත්, ඇනුම් බැනුම් හා රළු බස්කීමත් ඊට අයත්ය. බොරුකීම ආදී කරුණු සතරම අපවිත්‍ර සිතින් වචනයෙන් කරන දුසිරිත් හතරකි. මෙසේ පංච දුශ්චරිතයෙන් වැළකීම පන්සිල් ආරක්ෂා කිරීම වේ. පංචශීලය ගිහි සමාජයේ නිත්‍ය ශීලයයි. එය කඩ නොකොට ආරක්ෂා කළ යුතු ප්‍රතිපදාවකි. පස් පවින් වැළකීම සමාජ යහපතට කෙතරම් ඉවහල් වන්නේදැයි බුද්ධිමත්ව විමසා බලා කටයුතු කළ විට එය සමාජයේත්, මානව වර්ගයාගේත් යහපතට හේතුවක් වනු ඇත.

 

ඉල් මස අමාවක පෝය

ඉල් මස අමාවක පෝය නොවැම්බර් 28 වන දා සඳුදා අපරභාග 03.20 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපරභාග 05.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා සඳුදාය.

මීළඟ පෝය දෙසැම්බර් 07 වන දා බදාඳාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]