UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සඟරුවනට සිප්හලක් වන උඩුනුවර ශ්‍රී ශාසනෝදය පිරිවෙන

සඟරුවනට සිප්හලක් වන උඩුනුවර ශ්‍රී ශාසනෝදය පිරිවෙන


විහාර මන්දිරය

විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු පරිවෙනාධිපති හිමිවරු සමඟ සම්මාන සමඟ වැඩ සිටින හිමිවරුන්

ගම්පොළ රාජධානි සමයේ මෙරට ආගමික හා සංස්කෘතික හදබිම බවට පත් වූයේ උඩුනුවර පුරවරයයි. ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්ක දේවාලය හා විහාරස්ථානය එම පුරවරයෙහි පිහිටා තිබීම එයට හේතුවයි. මෙයට අමතරව තවත් ඓතිහාසික ස්ථානයක් වන උඩුනුවර අලපලාවල පිහිටා ඇත. ඒ මෙයට වසර 76කට පෙර ඉදිවූ උඩුනුවර ශ්‍රී ශාසනෝදය පිරිවෙනයි.

එය වටදෙනිය මහනුවර මාර්ගයේ අලපලාවල ගම්මානයෙහි රමණීය භූමි භාගයක පිහිටා ඇත. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආරම්භ යුගයට නෑකම් කියන අතර ආදි කර්තෘන් වහන්සේ වූයේ උඩුනුවර ජිනවංශ නා හිමිපාණන් වහන්සේය. ආරම්භක කෘත්‍යාධිකාරී ධූරය දරනු ලබන්නේ උඩුනුවර සීලානන්ද හිමියන් සහ ආරම්භක පරිවේණාධිපති යටිනුවර ඉන්දරත්න හිමිවරුන් විසිනි.

1940දී ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 15කි. එදා මූලික ගොඩනැගිල්ල වූයේ පොල් අතු පැළකි. 1956 දී පිරිවෙන් ශාලාව සහිතව දෙමහල් සංඝාවාසය, නේවාසික ශිෂ්‍ය කුටිවලින් සමන්විත ගොඩනැගිල්ලක් නිර්මාණය කරන ලදී. 2008 දී පරිගණකාගාරයක් ,2015 පුස්තකාලය, නැණසල තාක්ෂණික මධ්‍යස්ථානය පිහිටුවන ලදී. 2016 දී මහ පිරිවෙනක් ලෙස උසස් කළ අතර වසර 76 තුළදී පරිවෙණාධිපතිවරු දහඅටනමක් වැඩ සිටියහ. 2016 වන විට විහාරාධිපති කෘත්‍යාධිකාරි ලෙස අධ්‍යාපනවේදී දොළුවේ විමලරතන හිමියන්ගේ දැඩි කැපවීම, උත්සාහය මත මෙම පිරිවෙන දියුණුවට පත්විය. මෙහි පරිවේණාධිපති ශාස්ත්‍රපති දොඩන්දෙනියේ රතනවංශ හිමියෝ අනගි සේවයක් ඉටු කරති.

වසරක් පාසා ලේ දන්දීමේ වැඩසටහනක් ,පිණ්ඩපාත චාරිකා, පාසල්වල දාන, ශීල, භාවනා වැඩසටහන්ද මාම්පිටිය ප්‍රාදේශීය රෝහලේ සෙත් පිරිත් දේශනයක්ද, මාම්පිටිය මෙත් සෙවණේ මනෝ විද්‍යා උපදේශන සේවා, පාසල්වල විභාග සම්මන්ත්‍රණ පැවැත්වීම, දෛනික අධ්‍යාපන චාරිකා, ශිෂ්‍ය සාහිත්‍ය උත්සව, භාෂා දින සැමරුම් උත්සව,වෙසක්, පොසොන්, ඇසළ පොහොය දිනවල විශේෂ වැඩසටහන් පැවැත්වීම ආදී විවිධ කටයුතු යොදා ඇත.

‘ගුණ නැණ බෙලෙන් සපිරුණු සඟරුවන ගොඩනගමු’ යන දැක්ම යටතේ ලෝකාභිවෘද්ධිය සලසන සඟරුවනක් ලොවට දායාද කිරීමේ මෙහෙවර කරගත් මෙම පිරිවෙනේ 2016 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් භාෂා ශාඛාව මඟින් මෙහෙය වූ සඳහම් සිසිල ඵලදායිතා පිරිවෙන් තරගය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් පැවැත් විණි. සඟ බුහුමන් රාජ්‍ය සම්මාන උත්සවයේදී මධ්‍යම පළාත් පිරිවෙන් අතර තෙවන ස්ථානයට හිමි ලෝකඩ පදක්කම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අතින් ලබා ගන්නා ලදී.

දොඩන්දෙනිය රතනවංශ හිමි, හැපානේ සමිතරතන හිමි, කට්ටිගේ ධම්මදස්සි හිමි, ගනේගොඩපිටියේ රාහුල හිමි, මඬුගල්ලේ ජිනවංශ හිමි, මාවතුවෙල කමලජීව හිමි, ලියනවල විමලසිංහ හිමිවරු සහ එම්.සුබසේකර, බී.එන්. පද්ම කුමාර මහත්වරු ද මෙහි සේවය කරති.

 

ඉල් මස අමාවක පෝය

ඉල් මස අමාවක පෝය නොවැම්බර් 28 වන දා සඳුදා අපරභාග 03.20 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපරභාග 05.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා සඳුදාය.

මීළඟ පෝය දෙසැම්බර් 07 වන දා බදාඳාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]