UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ කොඩිය නිවැරදිව භාවිතා කරමු

බෞද්ධ කොඩිය නිවැරදිව භාවිතා කරමු

බුදුන්වහන්සේට ඇති වන අතිමාත්‍ර පී‍්‍රති සහගත අවස්ථාවන්හිදී බුදු සිරුරින් නික්මෙන ෂඩ් වර්ණ රශ්මි මාලාවන් පදනම් කරගෙන බෞද්ධ ජනතාවගේ අතිමහත් ගෞරවයට පාත්‍ර වී ඇති බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත. 1885 අප්‍රේල් 17 දින වර්ණ හයකින් යුත් බෞද්ධ කොඩිය ශ්‍රී ලංකා බෞද්ධයන්ගේ කොඩිය ලෙස පිළිගෙන ඇති අතර, 1885 අප්‍රේල් 28 වන දිනට යෙදුන වෙසක් පුර පසළොස්වක දිනයේ දී ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩිය ඔසවන ලදී. එලෙස අප රටේදී භාවිතයට පත් බෞද්ධ කොඩිය 1956 වර්ෂයේ කොළඹ දී පැවැත් වූ ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේ දී ලෝක බෞද්ධ ප්‍රජාවගේම කොඩිය වශයෙන් ඒකඡන්දයෙන් සම්මත විය. 1987 දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිගත වූ බෞද්ධ කොඩිය එහි දැක්වෙන ප්‍රමිති පිරිවිතර අනුව නිර්මාණය විය යුතු ය.

ශ්‍රී ලංකා ප්‍රමිති 802 ඞ 1987 අනුව බෞද්ධ කොඩියේ සැලසුම

3.1. කොඩියේ හැඩය සෘජු කෝණාස්‍රාකාර විය යුතු ය.

3.2 කොඩියේ පළල හා දිග අතර අනුපාතය 2.3 විය යුතු ය. දිග මැනිය යුත්තේ කොඩිය එසවීමට යොදා ඇති කොපුව ඇතුළත් නොවන ලෙසය. කොඩිවල ප්‍රමාණ සඳහා නිර්දේශිත මානප්‍රමිති පිරිවිතරයේ ‘අ’ පරිශිෂ්ඨයේ දැක්වේ.

3.3 කොඩිය සමාන සිරස් තීරු හයකින් යුක්ත විය යුතු ය. කොඩිය ඔසවන කෙළවරේ සිට තීරුවල පිළිවෙල විය යුත්තේ නීල (නිල්), පීත (කහ), ලෝහිත (රතු), ඕදාත (සුදු), මාංජේෂ්ඨ (රතු මිශ්‍ර කහ) යනුවෙනි. ප්‍රභාස්වර ලෙස හැඳින්වෙන හය වන තීරුවෙහි මෙම වර්ණ පහ තිරස්ව එකක් යට එකක් පිහිටන සේ සමාන ප්‍රමාණවලින් මෙම පිළිවෙළටම තිබිය යුතු අතර, නීල වර්ණය උඩ කෙළවරෙහි තිබිය යුතු ය.

4.1 පියවි ඇසින් පරීක්ෂා කළ විට කොඩියේ වර්ණ හා මන්සෙල් ක්‍රමයෙන් දක්වා ඇති 1 වන වගුවේ සඳහන් අදාළ වර්ණ අතර දෘෂ්‍යමාන වන වෙනසක් නොතිබිය යුතු ය.

4.2 කොඩියේ වර්ණ පිළිබඳ මත භේදයක් ඇති වුන අවස්ථාවකදී එය වර්ණ මනින උපකරණයක් භාවිතයෙන් නිර්මාණය කළ යුතු ය.

5.0 නිර්මාණය

5.1 දාර, තීරු එකතු කර මැසීම හා කොපුව මැසීම ආදී යන්ත්‍ර මඟින් සිදු කරන සියලු මැසීම් සඳහා අගුල් මැස්ම යෙදිය යුතු ය. මිලිමීටර් 10 ක තිබිය යුතු මැහුම් ගණන 4 කට වඩා නො අඩුවිය යුතු ය.

5.2 කොඩියේ නිල් සිරස් තීරුව ඇති පැත්තේ කොපුවක් මසා තිබිය යුතු ය. මෙම කොපුවෙහි පළල සිරස් තීරුවක පළලින් තුනෙන් පංගුවක් නොඉක්ම විය යුතු ය.

5.3 එළිමහන් භාවිතය සඳහා නිෂ්පාදනය කරනු ලබන කොඩිවල කොපුව දෙකෙළවර ගිරිවර දෙකක් (කොඩිය ඔසවන්නට රඳවන කොටස්) තිබිය යුතු ය. මල නොබැඳෙන ද්‍රව්‍යයකින් ගිරිවරය සෑදිය යුතු ය.

ඉහත කරුණුවලට අමතරව බෞද්ධ කොඩිය තොග වශයෙන් හා නිෂ්පාදනය කරන අවස්ථාවලදී අනුගමනය කළයුතු ක්‍රමවේදයද ප්‍රමිති පිරිවිතරයේ සඳහන් කොට ඇත.

බෞද්ධ කොඩිය නිෂ්පාදනයේ දී නිෂ්පාදන ආයතන, බෞද්ධ කොඩිය අලෙවි කරන ව්‍යාපාරිකයන් හා භාවිතා කරන මහජනතාව ඉහතින් දක්වන ලද ප්‍රමිත පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. එමෙන්ම එම ප්‍රමිතීන් අනුවම බෞද්ධ කොඩිය නිර්මාණය කළ යුතු අතර පහත දැක්වෙන අව භාවිතාවන්ගෙන් වැළකිය යුතු ය.

බෞද්ධ කොඩිය මත සංකේත, අකුරු, වචන, වගන්ති, සිතුවම් මුද්‍රණය නොකළ යුතු ය.

දන්සැල් පැවැත්වීමේ දී බෞද්ධ කොඩිය වැරදි ලෙස භාවිතා නොකළ යුතු ය.

පදික වේදිකා ආදී විවෘත ස්ථානවල බෞද්ධ කොඩියට අගෞරව වන ආකාරයෙන් තබා වෙළෙඳාම් නොකළ යුතු ය.

දුර්වර්ණ වූ, පළුදු වූ, අවපැහැගැන්වූ බෞද්ධ කොඩි භාවිතා නොකළ යුතු ය.

බෞද්ධ කොඩියේ වර්ණ පිළිවෙල වෙනස්කර මුද්‍රණය නොකළ යුතු ය.

ඉහතින් දක්වන ලද ආකාරයන්ගෙන් හෝ වෙනත් කිසිදු ආකාරයකින් බෞද්ධ කොඩියට අගෞරව වන ලෙස බෞද්ධ කොඩිය භාවිතා කිරීමෙන් වැළකිය යුතු ය.

‘බෞද්ධ කොඩිය නිවැරදිව භාවිතා කරමු’ යනුවෙන් සම්බන්ධව නිෂ්පාදකයින් අළෙවිකරුවන් හා පොදු ජනතාව දැනුවත් කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා විසින් දැනුම් දී ඇත.


ඉහත කරුණුවලට අමතරව බෞද්ධ කොඩිය තොග වශයෙන් හා නිෂ්පාදනය කරන අවස්ථාවලදී අනුගමනය කළයුතු ක්‍රමවේදයද ප්‍රමිති පිරිවිතරයේ සඳහන් කොට ඇත.

බෞද්ධ කොඩිය නිෂ්පාදනයේ දී නිෂ්පාදන ආයතන, බෞද්ධ කොඩිය අලෙවි කරන ව්‍යාපාරිකයන් හා භාවිතා කරන මහජනතාව ඉහතින් දක්වන ලද ප්‍රමිත පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. එමෙන්ම එම ප්‍රමිතීන් අනුවම බෞද්ධ කොඩිය නිර්මාණය කළ යුතු අතර පහත දැක්වෙන අව භාවිතාවන්ගෙන් වැළකිය යුතු ය.

බෞද්ධ කොඩිය මත සංකේත, අකුරු, වචන, වගන්ති, සිතුවම් මුද්‍රණය නොකළ යුතු ය.

දන්සැල් පැවැත්වීමේ දී බෞද්ධ කොඩිය වැරදි ලෙස භාවිතා නොකළ යුතු ය.

පදික වේදිකා ආදී විවෘත ස්ථානවල බෞද්ධ කොඩියට අගෞරව වන ආකාරයෙන් තබා වෙළෙඳාම් නොකළ යුතු ය.

දුර්වර්ණ වූ, පළුදු වූ, අවපැහැගැන්වූ බෞද්ධ කොඩි භාවිතා නොකළ යුතු ය.

බෞද්ධ කොඩියේ වර්ණ පිළිවෙල වෙනස්කර මුද්‍රණය නොකළ යුතු ය.

ඉහතින් දක්වන ලද ආකාරයන්ගෙන් හෝ වෙනත් කිසිදු ආකාරයකින් බෞද්ධ කොඩියට අගෞරව වන ලෙස බෞද්ධ කොඩිය භාවිතා කිරීමෙන් වැළකිය යුතු ය.

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]