UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කැරෙන රත්නපුර හිදැල්ලන වීරගොඩ ශ්‍රී මහා විහාරය

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කැරෙන

රත්නපුර හිදැල්ලන වීරගොඩ ශ්‍රී මහා විහාරය

සපරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිටි කෝරළය බද දකුණු උඩපත්තුවේ අමුණාගොඩ හෙවත් වීරගොඩ ගම්පියස වාසනාවන්ත ප්‍රදේශයක් වනු ඇතැයි එකල මෙහි ජීවත් වූ වැසියන් කල්පනා කළා විය හැකියි. මන්ද වර්තමානයේ එම භූමිය චිරප්‍රසිද්ධ පුණ්‍යභූමියක් වෙමින් පවතින බැවිනි. එය අද හඳුන්වනු ලබන්නේ රත්නපුර, හිදැල්ලන, වීරගොඩ ශී‍්‍ර මහා විහාරය ලෙසයි. වෙනත් විධියකින් හඳුන්වන්නේ නම් කොළඹ සිට මඩකලපුව දක්වා දිවෙන ඒ හතර මාර්ගයේ 95,96 කිලෝමීටර් කණු අතර මාර්ගය ආසන්නයේ පිහිටි විහාරස්ථානයයි.

සීතාවක රාජ්‍ය සමයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දෙල්ගමුව රජමහා විහාරයේ තැන්පත් විය. එම කාලසීමාව තුළ සපරගමු මහ සමන් දේවාලයට පෙරහැර කරවීම සදහා දෙල්ගමු විහාරයේ සිට සමන් දේවාලයට වැඩම කරවීමේ මාර්ගයේ හරි මැද අමුණාගොඩ ගම්මානයයි. එසේ දළදා වහන්සේ වැඩමවාගෙන ඒමේදී සහ යාමේදී දවල් බුද්ධ පූජාව තැබීම සහ ඒ සමඟ වැඩම කළ භික්ෂූන් වහන්සේ මෙන්ම පැමිණි නිලධාරින් දිවා භෝජනය ගෙන මොහොතක් විවේක ගත් ස්ථානය පසුව භික්ෂූන් වස් වසා වැඩ සිටි ස්ථානයක් විය. 19 වන සියවසේ මැද භාගයේ දී පමණ භික්ෂූන් වහන්සේ ස්ථිරව වැඩ සිටීමට අවස්ථාව සැලසී ඇති අතර, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ කොළඹ සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායකව වැඩ සිටි නාවින්නේ ශී‍්‍ර දේවානන්ද නාහිමියන් වර්තමාන විහාර සංඝ පරම්පරාවේ ආරම්භකයා විය. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයා ලෙස නැදිමාලේ ධම්මපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි විහාරාධිපති වහන්සේ වූහ. අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍ය කෝරළේගම සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේත්, බෝධිමළුවේ ආරියඤාණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත අධිපතිත්වයට පත් වූහ.

අනතුරුව විහාරාධිපති ධුරයට පත්වන්නේ වර්තමාන විහාරාධිපති, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සපරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය , අධ්‍යාපනපති, හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අමුතාගොඩ ඉන්දරතන නාහිමිපාණන් වහන්සේය.

තම ගුරුදේවයන් වහන්සේ ඇති කළ පදනම මත ක්‍රියාත්මක වූ වත්මන් විහාරාධිපතින් වහන්සේ සියලු විහාරාංගයන්ගෙන් මෙම පුණ්‍ය භූමිය සමලංකෘත කළහ. ප්‍රදේශයට, පළාතට පමණක් නොව ලෝකයේ සුවිසල් ප්‍රතිමා නෙළීමේ කලාවට සම්බන්ධ වෙමින් අඩි 84 ක් අහස උසට විහිදී ගිය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මෙහි ඉදිවී ඇත.

පරිත්‍යාගශීලී ව්‍යාපාරික ප්‍රජාවගේ සහ ප්‍රදේශවාසී බොදුනුවන්ගේ ධනව්‍යයනේ ඉදිවී ඇති මෙම සමාධි හාත්පස ප්‍රදේශය අශෝක ස්ථම්භයන්ට අනුව යමින් කුලුනු ප්‍රතිමාව 16 කින් සමන්විත වන අතර විශාල දිය පොකුණකින්ද යුක්තය.

2016 මැදින් පුර පසළොස්වක පොහෝදින පස්වරු 2.30 ට සියම් මහා නිකායේ කීට්ටේ පාර්ශ්වයේ අතිගරු මහානායක ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර මාහිමියන් වහන්සේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන අභිවන්දනය සඳහා නිරාවරණය කෙරෙනු ඇත.

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]