UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරයෙන් පිදුම් ලද වරකාගොඩ ඥානරතන මහා නා හිමි

අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරයෙන් පිදුම් ලද වරකාගොඩ ඥානරතන මහා නා හිමි

ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක පදවියට බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහා නාහිමියෝ පත්වූහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංසත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් මහපදවියට පත්වූ ඥානරතන නා හිමියෝ පුරා දශක 6 කට වැඩිකාලයක් කසාවත දරමින් ජාතික, ආගමික හා ශාසනික වශයෙන් සුවිශාල මෙහෙවරක් කළ මහා යතිවරයාණන් වහන්සේ නමකි.

අභිනව මහනාහිමියෝ අස්ගිරි පාර්ශ්වයේ උරුලෑවත්තේ සඟ පරපුර නියෝජනය කරමින් පත්වූ දහවන මහ නාහිමියන් වන අතර මහ පදවියට පත්වීමට ප්‍රථම උන්වහන්සේ මාස 11 ක පමණ කාලයක් අනුනායක ධූරයේ කටයුතු කළහ.

අභිනව මහනාහිමියන් මෙම උතුම් පදවියට පත්වූ අපේ‍්‍රල් 07 දින විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂථාගාරයට රැස්ව සියලු දෙනා වහන්සේගේ සම කැමැත්තෙන් මහානායක ධුරයට ඥානරතන හිමියන් පත්කර ගනු ලැබූ අතර උන්වහන්සේ පදවියට පත්වීමෙන් පසු විජිණිපත පිළිගැන්වීම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඬරුවේ උපාලි නා හිමියන් විසින් සිදුකරනු ලැබූහ.

මහා නාහිමියන් පැවිදි දිවියට ඇතුළත්ව ඇත්තේද මෙයට වසර 61 කට පෙර අපේ‍්‍රල් 07 වැනිදාවකම වීම විශේෂිතය.

1942 මාර්තු මස 18 දින හාරිස්පත්තුව වරකාගොඩ දූල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසළ මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොළදෙණියේ දුක්ගන්නා රාළලාගෙ පිංචි අම්මා යන දෙපළට දාව එම පවුලේ තෙවැන්නා ලෙස උපත ලැබ ඇති මහනාහිමියෝ 1955 අපේ‍්‍රල් මස 07 දින අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී පැවිදි බිමට පිවිස ඇත.

1962 ජුනිමස 09 දින අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලැබ ඇති ඥානරතන හිමියෝ 1990 අස්ගිරි පාර්ශ්වයේ විංසත්වර්ගික කාරක සංඝ සභාව නියෝජනය කිරීමේ වරම් හිමිකරගෙන තිබේ. වසර 2006 දී උපාධ්‍යාය පදවියට පත් උන්වහන්සේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික ධුරයට පත්වූයේ 2009 වසරේදීය.

1970 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද ලත් මහානාහිමියෝ විනයධර, ධර්මධර හිමිනමකි. සඟ සසුනේ උන්නතිය වෙනුවෙන් චිරාත් කාලයක් සේවය කරන්නට අභිනව මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

 

 බක් පුර අටවක පෝය

අපේ‍්‍රල් 13 වනදා බදාදා අපරභාග 09.41 ට ලබයි. අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 9.29 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් 21 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]