UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ අපවත් වෙති

සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරයේ නායක කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ 2015-11-08 දින අලුයම අපවත් විය. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේදී පැවැත් වීමට තීරණය කර තිබේ.
(2015-11-08 13.10)

ඉතිරිය»


 

සසුන් කෙත එකලු කළ යතිවරයාණෝ

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය හෙබවූ සම්භාවනීය සංඝපීතෘන් වහන්සේ නමකවූ අතිපූජනීය මාදුළුවාවේ සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම රට දැය සමයට සිදුවූ බලවත් පාඩුවෙකි. සිංහල ජාතියත්, ලංකා සම්මා සම්බුද්ධ ශාසනයත් පරිහානිය කරා යාහැකි කිනම් ප්‍රශ්නයක් උද්ගතවුවද ඒ සෑම අවස්ථාවකදීම අභීතව පෙරට පැමිණ ක්‍රියා කළ යතිවරයන් වහන්සේ නමක ලෙස ශ්‍රී සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැඳින්විය හැකිය.

ඉතිරිය»

නරකට ඇදී ගිය සිත සැපතට වැඩී ගිය මඟ

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන සමයෙහිදී සිදුවු එක්තරා සිදුවීමක් මෙසේය. එකල ඉතාම දුප්පත් මනුෂ්‍යයෙකු ජීවත්වූ අතර මේ පුද්ගලයා දුප්පත් නිසාම සමහර වේලාවට ඇතැම් පුද්ගලයන්ට බැලමෙහෙවරකම් කරමින් තමන්ගේ ජීවනෝපාය සකස් කරගනු ලැබුවා. තවත් අවස්ථාවක නඟුලක් රැගෙන රෙදි කඩකින් සිරුර වසාගෙන නඟුල යොදා ගනිමින් සී සෑම ආදි කටයුතුවල යෙදී එයින් ලැබෙන ආදායමෙන් ජීවත් වුණා.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අට මහා කුසල් අතර පළමු පින්කම

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මේ කාමාවචර ලෝකයේ අපට සිදු කරන්නට පුළුවන් අටමහා කුසල් පිළිබඳව සඳහන් කළා. සැමදා පින් වර්ධනය වෙන පින්කම් අටක්. 1. කඨින සිවුරක් පූජා කිරීම, 2. අට පිරිකරක් පූජා කිරීම, 3. ආවාස ගෙයක් තනවා සඟසතු කර පූජා කිරීම, 4. බුදු පාමොක් මහ සඟනට සඟසතු කර දන්දීම, 5. බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම, 6. සඟසතු කර හෝ බුද්ධ පූජා වශයෙන් හෝ කෙත්වතු පිදීම, 7. බුදු පිළිම තැනවීම (ධාතු චෛත්‍ය විහාර මන්දිර මලසුන් හා බෝධි රෝපණය ද මීට අයත් වේ.) 8. වැසිකිළි තනවා සඟසතු කර පිදීම යන කරුණු අටයි.

ඉතිරිය»

වර්තමානයේ දී මාර්ගඵල ලැබිය නොහැකිද?

මෛත්‍රී බුදුන් දැක නිවන් පැතීම වරදක් නොවන අතර හුදෙක් එය අතෙහි සිටින කුරුල්ලා අතහැර අත්තේ සිටින කුරුල්ලන් පැතීම වැනි ක්‍රියාදාමයකි. මන්ද? බුදුවරයන් වහන්සේ නමක් පහළ වීමට ඉතා දිගු කාල පරාසයක් ගත වේ. එය විටෙක කල්ප ගණනකින් මත්තෙහි සිදුවෙන ක්‍රියාවලියකි. කල්පයක් යනු ඉතා දීර්ඝ කාලයකි.

ඉතිරිය»

 

 

බුදුරජාණන් වහන්සේ උරුවෙල කස්සප ජටිල තවුසාගේ ආශ්‍රමයට වැඩමවීම සිතුවම - සරත් නන්ද කුමාර

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]