UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර හක්මන පල්ලේවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද අටවිසි බුද්ධ මන්දිරය සහ ප්‍රතිසංස්කරණය කරන ලද විහාර මන්දිරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් පසුගිය (19) වැනිදා විවෘත විය. මෙම පුණ්‍ය උත්සවයට විහාරාධිපති වැලිහේනේ සාරානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය ප්‍රමුඛ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, මහින්ද යාපා අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ, මාධඡ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ. ජනාධිපතිතුමා සම්බුදු මැදුරේදී ආගමික වතාවත්වල නිරතවූ අවස්ථාව. ඡායාරූප - සුදත් සිල්වා

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්ෂීරපායාස බුද්ධ පූජාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය වසරක් පාසා පවත්වන ක්ෂීරපායාස බුද්ධ පූජාව මෙවරද මෙම 28 වෙනි දින උදෑසන, ජය ශ්‍රී මහා බෝසමිඳුන් අභියස සිදු කෙරේ. එම ක්ෂීරපායාසය කුඩ, කොඩි, සේසත් සමග පංචතූර්ය නාදය සහිත සැදැවතුන්ගෙන් සැදුම් ලත් මහා පෙරහරින් ගෙන ගොස් ජය ශ්‍රී මහා බෝසමිඳුන් වටා තුන් වරක් ප්‍රදක්ෂිණාකොට පූජා කිරීමට නියමිතය.

ඉතිරිය»

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]