UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

ශ්‍රී දළදා මාලිගාව

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පූජෝත්වය මේ මස 30,31 දෙදින තුළ පැවැත්වේ. මුළුතැන් බුද්ධ පූජාව සහ මහා කප්රුක් සහිත කඨින චීවර පූජාව සිදුකෙරෙන අතර සියක් නමකට අධික ගරුතර මහා සංඝරත්නය විෂයෙහි අටපිරිකර සහිතව පිරිනැමෙන අසදෘස සංඝගත දක්ෂිණාවකි. 30 වැනිදා සවස 7.15 ට ශ්‍රී දළදා සමිඳු උදෙසා පිරිනැමෙන ගිලන්පස බුද්ධ පූජාවකි. මෙදිනම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකි.

මහනුවර කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනි කොත්මලේ සුධර්මා සිල්මෑණියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර කඨින පින්කමේ දායකත්වය කොළඹ ග්‍රෙගරි මාවතේ අංක 47/3 දරන නිවසේ පදිංචි සංජීව වික්‍රමනායක මහතා සහ රොසෑන් විජේනායක මහත්මිය විසින් දරනු ලබන්නේය. කොළඹ ග්‍රෙගරි මාවතේ පිහිටි සංජීව වික්‍රමනායක මහතාගේ නිවසේ සිට පංචතූර්යනාද සහිත කවිකාර මඬුල්ල සහ පිරිත් සජ්ඣායනාව මධ්‍යයේ විසිතුරු රන් සිවි ගෙයක් සහිතව රථ පෙරහරකින් කඨින වස්ත්‍රය කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමයට වැඩමවා පසුදින අලුයම අලි ඇතුන් සහිත පංචතූර්යනාදය මධ්‍යයේ පෙරහරකින් කඨිනචීවරය ශ්‍රී දළදා මාලිගාවට වැඩමවා ගෙන අවුත් එදින කඨින චීවර වස්ත්‍රය සඟ සතු කොට පිළිගැන්වේ. එදින උදේ දවල් මහා කප්රුක් සහිත කඨින චීවරය සහ සංඝගත සපිරිකර දක්ෂිණාව සඟ සතුකර පූජා කෙරේ.

කොත්මලේ සුධර්මා සිල්මෑණියන් ශ්‍රී දළදා මාලිගාව මුල්කරගෙන සිදුකරන කඨින පින්කම් මාලාවේ’ පනස්වෙනි (50) කඨින මහා පින්කම 2015 සිදුකරන මෙම කඨින පූජෝත්සවය වේ.

කේ.බණ්ඩාරනායක
 


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ 59 වර්ෂයේ කඨින පූජා පින්කම් හා අපවත් වී වදාළ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපතිව වැඩ විසූ ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ දෙවර්ෂ පූර්ණ පින්කම ඔක්තෝබර් මස 30-31 යන දිනයන්හි පැවැත්වීමට කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනාව පරිදි කටයුතු සංවිධානය කර ඇත. ඔක්තෝබර් මස 30 දින සවස කිරිවෙහෙර චෛත්‍යයට මල්, පහන් ගිලන්පස පූජාව සවස 6.00 සිට රාත්‍රි 7.00 දක්වා අපවත් වී වදාළ ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් වෙනුවෙන් ධර්ම දේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද පැවැත්වේ.

කඨින පූජා පෙරහර ගම්මානවල ගමන්කර අලුයම 5.00 පමණ පාගමනින් නවනගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ අසලින් ගමන් ආරම්භ කර පූජා නගරයේ කතරගම මහාදේවාල මළුව හරහා කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණේ. විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව කඨිනානිසංශ ධර්ම දේශනාව හා මහා සංඝරත්නයට උදේ හීල් දානය පිරිනැමේ. දහවල් ශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් අටපිරිකර සමඟ මහාදානය පිළිගැන්වීම සිදුකෙරේ. කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමි කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන රත්මලානේ කේ.සී.ටී. ත්‍රී ස්ටාර් පැෂන් හවුස් ආයතනයේ අධිපති දේශබන්ධු උපාලි මෙන්ඩිස් මහතා අයිරා මෙන්ඩිස් මහත්මිය ප්‍රදේශවාසීන් විහාරස්ථදායක සභාව මෙම පින්කම් කටයුතු සංවිධානය කර ඇත. (ඊ.එච්.සෝමපාල - කතරගම විශේෂ)


අස්ගිරිය ගෙඩිගේ රාජමහ විහාරය

මහනුවර අස්ගිරිය මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රාජමහ විහාරයේ කඨින පින්කම නොවැම්බර් මස 3, 4 දිනවල ගෙඩිගේ විහාරාධිකාරී පොළොන්නරුව, සොළොස්මස්ථානාධිපති අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

නොවැම්බර් තුන්වෙනි දින සවස බෝධි පූජාවකි. හතරවෙනිදා දවල් කප්රුක් සහිත අස්ගිරි මා හිමි අනුනායක හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. කේ. බණ්ඩාරනායක


මීරිගම විද්‍යාවාස පිරිවෙන

මීරිගම, මිණීඔලුව, විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ 103 වැනි වරට පවත්වනු ලබන කඨින පින්කම මේ මස 24 සිට 28 දින දක්වා පැවැත්වේ. මෙයට සමගාමීව විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ නිතලව ශී‍්‍ර ඤාණේශ්වර නාහිමි, පිදුමේ රතන නාහිමි, නුගදෙණියේ ධම්මානන්ද නාහිමි, මකුලෑවේ විජය හිමිවරුන්ගේ ගුණ සමරු පින්කම්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. සැම දිනකම රාත්‍රි 7.30 ධර්මදේශනා පැවැත්වෙන අතර 24 වැනිදා තල්ගමුවේ සුධීරානන්ද හිමි, 25 වැනිදා අක්මීමන ධම්මපාල නාහිමි, 26 වැනිදා වරකාවැහැර ධම්මපාල නා හිමි, 27 වැනිදා උඩුදුම්බර කාශ්‍යප හිමි දම් දෙසුම් පවත්වති. 28 වැනිදා කඨින චීවර පූජාව පැවැත්වෙන අතර එහි දායකත්වය කඳන්ගමුවේ සුනිල් වික්‍රමසිංහ මහතා විසිනි. එදින දවල් සඟ සතු දානයෙන් පින්කම නිමාවට පත්වේ.


කොක්මාදුව ශ්‍රී පූර්වාරමාය

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින චීවර පූජා මහා පින්කම මේ මස 31 සිට ලබන මස 01වන දිනදී පැවැත්වේ. විහාරාධිපති වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක කැටවල ඉන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 31 වන දින සවස පිරිත් දේශනාව පවත්වා පසු දින සඟ සතු දානයක් සමඟ කඨින චීවර පූජාව සිදුකිරීමට විහාරස්ථ දායක පිරිස කටයුතු යොදා ඇත.


උතුරු කළුතර සුමිත්‍රාරාමය

උතුරු කළුතර සුමිත්‍රාරාමයේ වාර්ෂික කඨින චීවර පූජා පින්කම නොවැම්බර් 07, 08 දිනවල සිදු කැරේ. එයට සමගාමීව, නොවැම්බර් 07 දින සවස 5.30ට ගිලන්පස බුද්ධ පූජාව සහිත මල් පෙරහර පී. මාලනී මහත්මිය ඇතුළු දූ දරු පිරිසගේ ප්‍රධානත්වයෙන් එම නිවසින් පිටත් වේ. සවස 6.30ට ආශිර්වාදාත්මක බෝධි පූජාව පැවැත්වීම, රාත්‍රී 9.30ට සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව, අලුයම 2.00 එස්.එල්. ලාල් චන්ද්‍රසිරි මහතාගේ නිවසින් කඨින චීවරය රැගත් පෙරහර වීථි සංචාරය කිරීම, 6.45ට කඨින චීවරය සඟසතු කොට පූජා කිරීම, 7.00ට අෂ්ට පරිස්කාර සහිත සඟ සතු දානය පූජා කිරීම, නොවැම්බර් 08 දින පෙ.ව. 7.30ට කඨිනානිසංස දම් දෙසුම, බේරුවල මුල්ලපිටිය ස්වර්ණ බිම්බාරාම මහා විහාරාධිපති, අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පොහද්දරමුල්ලේ වජිරඥාණ හිමි.


පොළොන්නරුව ගල් විහාරය

ඓතිහාසික පොළොන්නරුව ගල් විහාරයේ කඨින පින්කම මේ මස 27, 28 දිනවල විහාරාධිපති, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

කඨින පින්කම ඓතිහාසික පොළොන්නරුව කිරිවෙහෙරේ තායිලන්ත බෞද්ධ දූත පිරිසගේ සහභාගීත්වයෙන් සිදු කරන මහා කප්රුක් පූජාව පිළියන්දල මඩපාත සෝමරත්න කොඩිතුවක්කු, දර්ශන කොඩිතුවක්කු යන මහත්වරු කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරයි. 27 සවස 6.30 ට බෝධිපූජාව, රාත්‍රී 8.30 – 9.30 දක්වා පිරිත් දේශනාව, රාත්‍රී 10.00 කඨින වස්ත්‍රය වැඩම කිරීම 28 උදේ 5.30 ට කඨින විහාරයට බාරදීම, උදේ 7.00 බුද්ධ පූජාව, 10.45 ට දිවා බුද්ධ පූජාව, 11.15 ට මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සාංඝික දානය, 12.30 ට පිරිකර පූජාව, 12.45 ට කඨින චීවර පූජා හා අනුශාසනාව. කේ. බණ්ඩාරනායක


මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය

පිළියන්දල, මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ කඨින පින්කම නොවැම්බර් 02 සිට 07 වැනිදා දක්වා පැවැත්වේ. විහාරාධිපති ගැටමාන්නේ හේමාලෝක නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් චන්දන සිල්වා, කමන්ති ගමගේ දෙපළගේ දායකත්වයෙන් සිදු කෙරේ. සෑම දිනකම රාත්‍රී 7 ට ධර්ම දේශනාවකි. 2 වැනිදා ගෝනදෙණියේ සුමනරතන හිමි, 3 වැනි දා වල්පොල ගෝතම හිමි, 4 වැනිදා දොළොස්වල උදිතධීර හිමි, 05 වැනිදා මාවරලේ භද්දිය හිමි, 6 වැනිදා තල්ගමුවේ සුධීරානන්ද හිමි, 7 වැනිදා පිටිගල විජිත නාහිමි දම් දෙසුම් පවත්වති. 8 වැනිදා කඨින චීවරය රැගත් පෙරහර පිටත්වේ. 9 වැනි දා සඟසතු දානයකි. 10 වැනිදා කඨිනානිසංඝ ධර්ම දේශනය ඉද්දමල්ගොඩ වජිරඤාණ හිමියන් විසින් පවත්වයි.


කතරගම පෙරගිරිගම බෞද්ධාශ්‍රමය

කතරගම පෙරගිරිගම බෞද්ධාශ්‍රමයේ (රූමස්සල පන්සල) කඨින පින්කම මෙම 29 වනදා විහාරාධිපති තල්අරඹේ සිරි සුදස්සි රූමස්සල නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. 1960 ඔක්තෝබර් 29 වනදා කොග්ගල ආරණ්‍යයේදී අධිසිල් ලද රූමස්සල නාහිමියන් පැවිදි බිමට පත්ව සැට වසරක්ද වන අතර දැනට හැත්තෑපස්වන වියේ පසුවෙති. තල්අරඹේ සිරි සුදස්සි රූමස්සල නාහිමියන්ට දිගාසිරි පැතීමත් එම පින්කම මගින් සිදු කෙරේ. එදින ශතාධික සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට පින්කම් කමිටුව අපේක්ෂා කරනු ලැබේ.


මිනුවන්ගොඩ රාජමහා විහාරය

මිනුවන්ගොඩ රාජමහා විහාරයේ කඨින පින්කම මේ මස 30,31 දිනයන්හි පැවැත්වේ. 30 සිකුරාදා දින රාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා පසුදින උදෑසන කඨින චීවර පූජාවක් දවල් සාංඝික දානමය පින්කමක්ද රාත්‍රී කඨිනානිසංඝ ධර්ම දේශනාවක්ද පැවැත්වේ. මිනුවන්ගොඩ රාජමහා විහාරාධිපති මකද්දල චන්ද්‍රාලෝක සහ විහාරාධිකාරි හැවන තැන්නේගම සීලරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම සිදු කෙරේ.


ශ්‍රී සම්බෝධි විහාරය

කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කඨින පින්කම විහාරාධිපති ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 28වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. 27වැනි දා රාත්‍රී 6 සිට 9.30 දක්වා පිරිත් දේශනාව ද, 28 වැනි දා අලුයම සුදත් තෙන්නකෝන් මහතාගේ දායකත්වයෙන් කඨින චීවර පෙරහර ද පැවැත්වේ. උදෑසන 7ට කඨින පුණ්‍යමහෝත්සවය සිදු කෙරේ.


බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්ඛාරාමය

බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්ඛාරාමයේ 33වන කඨින පින්කම විහාරාධිපති ඇල්ලේකෝනේ සංඝරක්ඛිත නා හිමියන්ගේ සහ මඩුපොත සරණතිස්ස හිමිවරුන්ගේ අනුශාසනා පරිදි කුසුමා අමරසිංහ මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් නොවැම්බර් 07වැනි දා දක්වා පැවැත්වේ. 25වැනි දා හෑගොඩ විපස්සි හිමියන් හා 31වැනි දා බොරැල්ලේ අතුල හිමියන් විසින් රාත්‍රී 7ට දම් දෙසුම් පවත්වති. නොවැම්බර් 1වැනි දා සවස 6.30ට අටවිසි බුද්ධ පූජාවකි. කඨිනානිසංස ධර්ම දේශනාව සවස 4ට මාවරලේ භද්දිය හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.


පිළියන්දල සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 28 වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. සැම දිනකම රාත්‍රි 7.00 ට ධර්මදේශනා පැවැත්වේ. 28 වැනිදා පුහුල්වැල්ලේ විනයසිරි හිමි, 29 වැනිදා ගොම්බද්දල දමිත හිමි, 30 වැනිදා මකුරුප්පේ සෝමාලංකාර හිමි, 31 වැනිදා අතුරුගිරියේ ධම්මවිභාවි හිමි, 01 වැනිදා වැල්ලම්පිටිය විනයවංශ හිමි, 02 වැනිදා ඇත්කඳුරේ සුමනසාර හිමි, 03 වැනිදා මාකඳුරේ පඤ්ඤාසාර හිමි, 04 වැනිදා කුකුල්පනේ සුදස්සි හිමි, 05 වැනිදා ගම්පහ මහානාම හිමි, 06 වැනිදා මැදමහනුවර සමිතසිරි හිමි. 08 වැනිදා බිබිලේ සද්ධාරතන හිමි, දම් දෙසුම් පවත්වති. නොවැම්බර් 07 වැනිදා සවස 3 ට කඨින පෙරහර පවත්වන අතර එහි දායකත්වය අග්‍රා චතුරානි සහ චමීර ප්‍රනාන්දු විසිනි. 08 වැනිදා දවල් මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන දානයෙන් පින්කම නිමා වේ.


ඵල්ලක්කල සිරි සම්බුද්ධාලෝක විහාරය

ඵල්ලක්කල කටුලන්ද සිරි සම්බුද්ධාලෝක විහාරයේ කඨින පින්කම නොවැම්බර් 6 – 7 දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 06 වැනිදා අටවිසි බෝධීන් වහන්සේ රෝපණය කිරීම හා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ සම්බුද්ධාලෝක විහාරස්ථානයට වැඩමකරවීම, සවස 5 ට බෝධි ප්‍රාකාරය සහ අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීම එදින රාත්‍රී 7 ට හඹරවත්තේ අමරවංශ නා හිමියන් පවත්වන අටවිසි බෝධි පූජාව, රාත්‍රී 8.30 සිට සෙත් පිරිත් දේශනය, 7 වැනිදා අලුයම ලලිත් අමරසූරිය මහතාගේ දායකත්වයෙන් කඨින චීවර පෙරහර පැවැත්වීම, දවල් සඟසතු දානය පිරිනැමීමෙන් පින්කම අවසන් බව විහාරාධිපති වතුරුගම පඤ්ඤාවාස නා හිමි හා විහාරාධිකාරී වැලිකඩමුල්ලේ ධම්මරතන හිමි දන්වා සිටියි.


කළුබෝවිල හත්බෝධි විහාරය

දෙහිවල කළුබෝවිල හත්බෝධිය විහාරස්ථානයේ කඨින පින්කම මුල්කරගෙන පින්කම් රාශියක් සිදු කිරීමට විහාරස්ථ දායක සභාව සමඟ බෝධිරාජ කුළඟන සමිතිය කටයුතු යොදා ඇත. ඒ අනුව නොවැම්බර් 01දින දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අරමුණූ කරගෙන ඖෂධ පුජාවත් 02දා කළුබෝවිල පදිංචි කෙවින්ද සිල්වා මහතා සහ ක්‍රිෂෝමණි ජයවීර මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් විහාරස්ථානයේ බිතුසිතුවම් කර එය විවෘත කිරීමත්, 03දා උඩුදුම්බර සෝභිත, 04 දා කැලණියේ අජිත, 05දා ගලිගමුවේ ඤාණදීප හිමිවරුන් පවත්වන ධර්ම දේශනාත් 06දා සර්ව රාත්‍රික පිරිත් දේශනාවත් 07 දින කළුබෝවිල ආසිරි මාවතේ පදිංචි එම්.ඩබ්. තිලකරත්න මහතාගේ හා ඒ.ඩී. තිලානි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කඨින පින්කමත් එදින රාත්‍රි සියඹලාගොඩ ධම්මින්ද හිමියන් කඨිනානිසංස ධර්ම දේශනාවත් පැවැත්වේ.


වෙන්නාවත්ත ශ්‍රී කල්‍යාණිවංශිකාරාමය

වෙන්නාවත්ත ශ්‍රී කල්‍යාණිවංශිකාරාමයේ කඨින පින්කම නොවැම්බර් 01 වැනි දා දක්වා පැවැත්වෙයි. විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි බිනෝයි වික්‍රමසුරේන්ද්‍ර මහතාගේ දායකත්වයෙන් පින්කම සිදු කෙරේ. සෑම දිනකම සවස 7.00 ට දම් දෙසුමකි. 26 වැනිදා බෝමිරියේ සිරිනන්ද හිමි, 27 තලකිරියාවේ රාහුල හිමි, 28 මාකඳුරේ පඤ්ඤාසාර හිමි, 29 නාරන්බැන්දේ ආනන්ද සාගර හිමි, 30 මඩිගේ සුගතසිරි හිමි, 31 හේ කහගොල්ලේ සෝමවංශ හිමි, දෙසුම් පවත්වයි. කඨිනානිශංස දේශනාව නෙළුවාකන්දේ ඤාණානන්ද හිමියන් විසින් පවත්වයි.


පිළියන්දල ශ්‍රී සද්ධානන්ද විහාරය

පිළියන්දල බංගලාවත්ත ශ්‍රී සද්ධානන්ද බෞද්ධ විහාරස්ථානයේ කඨින පින්කම නොවැම්බර් 15 දින අලුයම කඨින පෙරහර ආරම්භ වේ. සියම්මහ නිකායේ ඌව පාර්ශවයේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක ආචාර්ය ඇටම්පිටියේ සද්ධානන්ද නා හිමිගේ අනුශාසනාව පරිදි විහාරස්ථ දායක සභාව විශාඛා කුලඟන සමිතිය දහම් පාසල සහභාගීත්වයෙන් කැස්බෑව තොරවිල එන්.එස්. බේකරි සමූහ ව්‍යාපාරයේ අධිපති නිශාන්ති විජේසිංහ මහතා හා එම මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වේ.


ඇල්ලකන්ද ආරණ්‍යසේනාසනය

වැලිපැන්න ,ඇල්ලකන්ද ආරණ්‍යසේනාසනයේ වාර්ෂික කඨින පින්කම නොවැම්බර් මස 7 වෙනි දින පිරිත් දේශනය සහ 8 වන දින හීල් දානය පිරිනැමේ. එදිනම නව මුළුතැන්ගෙය සඟසතු කොට පූජා කෙරේ.


දෙමටගොඩ ශ්‍රී සාම විහාරය

දෙමටගොඩ ශ්‍රී සාම විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 29වැනි දා සිට 31 වැනිදා දක්වා විහාරාධිපති කොටියාගොඩ අත්ථදස්සි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ගල්කිස්සේ පදිංචි රංජිකා කරුණානායක හා චාන්දනී ජයතිලක මහත්මියගේ දායකත්වයෙන් සිදු කෙරේ. සෑම දිනකම සවස 6.30ට සම්බුද්ධ පූජවද රාත්‍රී 7ට ධර්ම දේශනාව ද පැවැත්වේ. 29 වැනිදා වීරපානේ සීලවංශ හිමි, 30වැනි දා රාජකීය පණ්ඩිත කොරසේ මහින්ද නාහිමි දෙසුම් පවත්වති. 31වැනි දා කඨින පෙරහර පවත්වන අතර එදින දවල සංඝගත දක්ෂිණාවකින් පින්කම නිමාවට පත්වේ.


අයගම මානෙල් ගල්ලෙන වනසෙනසුන

අයගම ගවරගිරියේ මානෙල්ගල්ලෙන වන සෙනසුනේ කඨින පූජා මහා පින්කම මේ මස 31 සහ නොවැම්බර් 01 දෙදින තුළ සිදු කෙරේ. 31 දින පස්වරුවේ කඨින චීරව පෙරහර පුදක්ෂිණා කෙරෙන අතර එදින පස්වරු 4.00ට තෙසැත්තෑඥාන පූජාවක් පැවැත්වේ. නොවැම්බර් 01 දින උදේ 9.00ට කඨින චීවරය වැඩම කරන පෙරහර ආරම්භ වන අතර දවල් 11ට දානයෙන් පසුව සහ කඨින චීවර පූජාව පැවැත්වේ. දවල් 12.30ට කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වේ. කඨින පූජාවේ ප්‍රධාන දායකත්වය පොරඹ එස්.ඩබ්ලිව්. එන් විජේසිරි මහතායි .


පුස්වැල්ගොල්ල ශී‍්‍ර සුදර්ශනාරාමය

බදුල්ල කැන්දගොල්ල පුස්වැල්ගොල්ල ශ්‍රී සුදර්ශනාරමයේ කඨින පින්කම නිමිත්තෙන් 29 වෙනි දින දවල් 50 නමකට අධික මහා සංඝරත්නය සංගගත දක්ෂිණාවක් පැවැත්වීමට ලුණුගල නන්දසාර හිමියන් ඇතුලු දායක සභාව සංවිධානය කොට ඇත.


පොල්ගස්වත්ත සුමනාරාම විහාරය

දැරණියගල පොල්ගස්වත්ත ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 28 සිට 31 හා නොවැම්බර් මස 01 යන දිනයන්හිදී පැවැත්වීමට විහාරාධිපති ගෝනගමුවේ විජිතධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]