UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහානා හිමි, 08.00-09.00 ධර්මානුශාසනාව කිහිඹියේ විජිත හිමි , 09.00-10.00 ධර්මානුශාසනාව – ශාස්ත්‍රපති ගලගම ශාන්තජීව හිමි, 10.00-11.00 භාවනාව සහ අනුශාසනාව :– ගම්පහ පාසාදික හිමි, 11.00-11.15 බුද්ධ පූජාව – කුරුණෑගල චරණධම්ම හිමි

පස්වරු 12.15-01.00 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරි කඹුරුගමුවේ මහානාග හිමි , 01.00-02.00 ධර්ම සාකච්ඡාව, මීගොඩ සුඛිත හිමි, 02.00-02.30 අනුශාසනාව ඥානසීහ හිමි, 03.00-04.00 භාවනාව සහ අනුශාසනාව ශාස්ත්‍රපති වේරදුවේ මහින්ද හිමි, 04.00-05.00 ගිහිදේශනය– ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගාමිනි රත්නශ්‍රී මහතා 05.00-06.00 ධර්මානුශාසනාව ආචාර්ය දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 06.00-06.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව , සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා


කොළඹ 07 ශ්‍රී සම්බෝධී විහාරය

පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව ශ්‍රී සම්බෝධී විහාරයේ විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව 8.00 – 9.00 ධර්ම දේශනාව නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12. 30 – 2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව කථිකාචාර්ය අළුබෝමුල්ලේ ධම්මාලංකාර නා හිමි, පල්ලේගම සෝමරතන නා හිමි, මෙහෙයවීම නීතීඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නා හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව කෝරළයාගම සරණතිස්ස හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව මහරගම පදුම හිමි.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

පෙරවරු 6.30 උපොසථ ශීලයෙහි පිහිටුවීම, සම්බුද්ධ පූජාව ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනා ජදුරේ සුනීත හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදා දීම, හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව, පස්සර මුල්ලේ දයාවංශ හිමි, 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 1.30 ධර්ම දේශනාව මුරතුවෙල සීවලී හිමි, 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මරදන්කඩවල ධම්ම සෝභන හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව වෙරළුගොල්ලේ උදයනන්ද හිමි.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ පෝදා පින්කම් පැවැත්වේ. හොරපාවිට ගුණසිරි, දෙහිගස්පේ සිරිවිමල, අරන්වෙල අමිත, ගම්මැදගම චන්ද්‍රජෝති, පාතේගම සංකිච්ච, හදුගල සමිඳු, ජුලම්පිටියේ සෝමින්ද, ජුලම්පිටියේ සුසිත, යන හිමිවරු පින්කම මෙහෙයවති. ධර්මාචාර්ය නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන්, දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන සම්මාන සභාපති දොස්තර එස්.පී. කුලරත්න මැතිතුමාගේ තෙමස් ගුණ සැමරුම, බුදුසරණ පත්‍රය බෙදාදීම පී.ඒ. ගාමිණී මහතා ගේ ප්‍රධානත්වයෙනි.


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත අමාදම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය

‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ ග්‍රන්ථය ඇතුළු බෞද්ධ ග්‍රන්ථ රැසක් සම්පාදනය කර සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් රචිත ‘අමා දම්රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය -25’ ග්‍රන්ථය මේ මස 27 වැනිදා උදේ 10.00 ට පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේදී දොරට වඩී. දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘විස්තරාර්ථ ධම්ම පදය -25’ ග්‍රන්ථයෙන් භික්ඛු වර්ගයට අදාළ ගාථා විසිතුනක් පිළිබඳව විස්තර කෙරේ.


වේරගොඩ වෙහෙරහේන රජමහා විහාරය

පල්ලෙවෙල වේරගොඩ වෙහෙරහේන පුරාණ විහාරස්ථ ශ්‍රී දේවරක්ෂිත දහම් පාසලේ වාර්ෂිකව සිදු කෙරෙන සිසු සහතික පත් හා ත්‍යාග ප්‍රදාන උළෙල ලබන නොවැම්බර් 01 දා පෙරවරු 10.00 ට එම විහාරස්ථ ධර්මශාලාවේදී පැවැත්වීමට නියමිතයි. මීරිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මාන්ගෙදර ධම්මාරාම හිමියන්ගේ මුලිකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගාමිණී තෙන්නකෝන් මහතා ඇතුළු විශාල පිරිසක්ද සහභාගිවීමට නියමිතයි. විහාරාධිපති කිඹුල්පැටියාවේ ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවය පැවැත්වේ.

මීරිගම සමූහ - විනිල් කරුණාරත්න


උයන්වත්ත වාලුකාරාම මහා විහාරය

බඹරැන්දේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි පසළොස්වක පෝදා දවස පුරා පින්කම් පැවැත්වේ. රොටුඹ සෝමරතන, විටියල තුසිතරතන, තවලම සුමනරතන, ගාල්ලේ නන්දරතන, අලුත්වැව රතනසාර, කාම්බෝජයේ ධම්මරුචි, දබෝගල සමිතරතන යන හිමිවරු පින්කම මෙහෙයවති.


ගල්පාතදී බුදුසරණ බෙදාදීමක්

රුවන්වැල්ලේ ගල්පාත පාරේ ගෙදර විසූ වසර 09 කට පෙර අභාවයට පත් ඒ.පී. ගුණවර්ධන (කරුණාරත්න) ආදරණීය පියාණන්ට පින් පිණිස සිය දරුවන් විසින් බුදුසරණ පත්‍ර මෙම පුන් පෝදා උවසු උවැසියන් හට ගල්පාත ශී‍්‍ර සුමංගලාරාම විහාරයේදී බෙදා දෙනු ඇත.


කලංනායක සිරිසදහම් ආශ්‍රමය

කලංනායක සිරි සදහම් ආශ්‍රම මහා විහාරස්ථානයේ ඉදි කෙරුණු චෛත්‍යරාජයාණන් වහන්සේගේ ගර්භ නිදන් කිරීමේ පුණ්‍යමහෝත්සවය මේ මස 25 වැනිදා දවස පුරා පැවැත්වේ.


ගම්පහ පාසාදික හිමියන් පවත්වන දහම් වැඩසටහන්

අත්තනගල්ල බෝපාගම මිගදාය තපෝවනයේ ප්‍රධාන අනුශාසක ගම්පහ පාසාදික හිමියන් විසින් නොවැම්බර් මස සෙනසුරාදා දිනවලදී පවත්වනු ලබන භාවනා වැඩසටහන් මෙසේය.

නොවැම්බර් 07 පන්නිපිටිය – මාකුඹුර පුරාණ විහාරස්ථානය (උදේ 8.00 සිට සවස 4.00 දක්වා) 14 කඩවත – පහළ බියන්විල පුෂ්පාරාම විහාරස්ථානය (උදේ 8.00 සිට දහවල් 11.30 දක්වා) 28 මහරගම නාවින්න සිරි ජයතුංග යෝගාශ්‍රමය (උදේ 8.00 සිට සවස4.00 දක්වා)


කතරගම ශ්‍රී බෝධිරාජ විහාරය

කතරගම , කඳසුරිඳුගම, රජමාවත ශී‍්‍ර බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති කිරින්දේ රතනාලංකාර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් මෙවරත් වස් කාලසීමාව තුළ පින්කම් සංවිධානය කර තිබේ. සතිපතා සෑම බදාදා දිනකම සවස බෝධිපූජාව හා සෙත් පිරිත් දේශනයෙන් පසුව ධර්මානුශාසනාව ඔක්තෝබර් 26 දා විහාරස්ථ දායක සභාවේ සභාපති ඩබ්ලිව්. පී අමරසේන මහතාගේ මඟපෙන්වීමෙන් ,සම්මානනීය දායකත්වය දරන මාලඹේ පදිංචි කේ.ආර්. පුෂ්පකුමාර මහතාගේ අනුග්‍රාහක දායකත්වයෙන් කෝට්ටේ කල්‍යාණී සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක රාජකීය පණ්ඩිත දර්ශනපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් විසින් රාත්‍රී 7.00 ට පවත්වනු ලබන ධර්මදේශනාවකි.


කැලණි රාජමහා විහාරය

පෙරවරු 06.00-06.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදි රන්දිලිගම මහින්ද හිමි 08.00-9.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 09.00-10.00 ධර්මදේශනාව බොරැල්ලේ සිරිසුමන හිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි. 11.00-11.30 දිවා බුද්ධ පූජාව මාඋස්සාගොල්ලේ මුදිත හිමි.

පස්වරු 02.00-03.00 විශේෂඥ වෛද්‍ය විද්‍යා දේශනය ,03.00-4.00 ධර්මදේශනාව පුංචිහේනේගම සිරිනිවාස හිමි , 04.00-05.00 පිරිත් දේශනය මහසඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා 05.00-06.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-07.00 ගිලන්පස බුද්ධපූජාව ජ්‍යෙෂ්ඨකථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි 07.00-08.00 ධර්ම දේශනාව ඇල්ලගොඩ නන්දරතන හිමි.


බෙල්ලන්විල රාජ මහා විහාරය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව බොරලැස්ගමුවේ පේමරතන හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත දර්ශනපති මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 9.00 – 9.45 ධර්ම දේශනාව මාදුළුවාවේ සෝභිත හිමි, 10.00 -11.00 ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, 11.00 – 11.30 බුද්ධ පූජාව පැවැත්වීම ශාස්ත්‍රපති ඌරුපැලැව්වේ හේමාරාම හිමි, පස්වරු 1.00 – 2.00 විශේෂ දේශනය මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා 2.30 – 4.00 ධර්ම සාකච්ඡාව බෙල්ලන්විල රාජ මහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමි, පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන් විහාරාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි, හැව්ලොක් සිටි සාමවිහාරාධිපති අතපත්තුකන්දේ ආනන්ද හිමි, වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා, මහාචාර්ය ජී. ආරියපාල පෙරේරා මහතා, පී. වීරතුංග මහතා, 4.30 – 5.30 ධර්ම දේශනාව මාවරලේ භද්දිය හිමි, 6.30 – 7.00 බෝධි පූජාව, රාත්‍රී 7.00 – 8.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ 2 වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකින් අභාවයට පත් වූ නවීන් රන්දුල වනිගසිංහ පුතුගේ පස්වස් පූර්ණ පින්කම වෙනුවෙන් ‘නවීන් රන්දුල වනිගසිංහ පදනම’ විසින් මෙම වැඩසටහන් සංවිධානය කර ඇත.


අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ වප් පුන් පොහොය වැඩසටහන මේ මස 27 වැනි දින දවස පුරා ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නා හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී කුඩාඇලගමුවේ ඥානසිරි හිමි පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති.

පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව 8.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මැදමහනුවර ධම්මසිරි හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය ආචාර්ය රවීන්ද්‍ර මුදලිගේ මහතා 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 දහවල් බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව භාණක පණ්ඩිත අංකුඹුරේ රේවත නාහිමි පස්වරු 1.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත අත්තරගොඩ පියධම්ම හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 2.45 දම්සභා මණ්ඩපය, ආචාර්ය දිවුලපැලැස්සේ විමලනන්ද හිමි, ආචාර්ය මහින්ද හේරත් මහතා ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 4.00 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි 5.00 බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පින්කම් රැසක් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන් පස කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍ය වටා පැළඳවීම සඳහා වැඩම කර පැළඳවීමේ කාංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනාව චෛත්‍ය මළුවේ පැවැත්වේ. පෝදා බත් දන්සැල කිරිවෙහෙර ප්‍රධාන වාහල් දොරටුව අබියස දානශාලාවේ පැවැත්වේ.

විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර සවස කිරිවෙහෙර විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීමට අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධීකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. කිරිවෙහෙර 3 වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක් පැවැත්වන අතර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවක් පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

ඊ.එච්. සෝමපාල, කතරගම විශේෂ


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණසීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ආටිගල සිද්ධත්ථ හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ ධම්මරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය මහාචාර්ය අසංග තිලකරත්න මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 4.15 – 5.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි,

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 අභිධර්ම දේශනය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව පන්විල සරණ හිමි මාගම සුජාත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මහියංගනයේ ධම්ම සිද්ධි හිමි ඕපනායක ධම්මවිරාග හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව වෑවල සෝමධම්ම හිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත බොරලැස්ගමුවේ පේමරතන හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමි, 5.00 - 6.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව වැලිකල පඤ්ඤාතර හිමි, 7.30 – 9.45 ධර්ම දේශනය ගම්පහ සිරි සීවලී හිමි, 10.00 – 11.30 ධර්ම සාකච්ඡාව පිටිගල ධම්මවිනීත හිමි, පස්වරු 1.00 – 3.00 ධර්ම දේශනය හත්තක ජිනරතන හිමි, 3.15 – 6.00 ධර්ම දේශනය ගලමඩ සම්බුද්ධාලෝක හිමි, 6.15 – 7.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත් වූ බෝධි පූජාව (පටිගත කළ එකකි) 7.15 – 9.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.15 සිට රූපවාහිනී තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00-6.30 උපෝසථශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය , තලල්ලේ සිරිමහින්ද නාහිමි. 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි. 8.00-9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි. 9.15-10.15 ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි. 10.30-11.00 ට දහවල් සම්බුද්ධ පූජාව. තලල්ලේ සිරිමහින්ද නාහිමි. 12.15-12.45 සෙත්පිරිත් දේශනය 2.15, 3.15 ධර්ම දේශනය යටිහලගල විජිතරතන හිමි. 3.30-4.30 ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30-5.30 ධර්ම දේශනය සෙවනගල අජිත හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද හිමි. 6.45-7.45 දක්වා ගිලන් පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00-9.00 ට රාත්‍රි ධර්මදේශනය (පටිගත කරන ලද දේශනයක්)


තලවතුගොඩ – සංඝමිත්තාරාමය

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පුජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පුජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පැවැත්වේ. පෙ.ව. 8.00 සිට 9.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි 9.00 ධර්ම දේශනාව 10.00 ශාස්ත්‍රපති ආදළුවාවේ විජිත රංසි හිමි , 10.00 සිට 11.00 භාවනාව දසසිල් මාතාව 11.00 දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 සිට 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣානය පැවැත්වේ. 1.00-2.30 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී බඹරැන්දේ වජිරනන්ද හිමි. 3.00-4.00 ධර්ම දේශනාව කොට්ටාවේ සුධීර දසසිල් මාතාව 4.00 – 5.00 ධර්ම දේශනාව අචාර්ය දිවුරුවෙල විනීත හිමි සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පුජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම වප් පුර පසළොස්වක පොහොය දිනයෙහිදී සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථනයෙහි වප් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. විශේෂ ගුණ සමරු ධර්ම දේශනා මාලාවේ මෙදින ධර්ම දේශනය කොටියාගල සීවලී හිමියන් විසින් පැවැත්වේ. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ සුමනනන්ද, දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහැර පෙරවරු 6.30 -7.30 දක්වා උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පුජාව පැවැත්වීම ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි. 8.00-9.00 ධර්ම දේශනාව පරිවේනාචාර්ය ශාස්ත්‍රවේදී ගෝණදෙනියේ සුමනරතන හිමි 9.30-10.30 ජාතක කථා දේශනාව පරිවේනාචාර්ය ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී නිමල් අමරවංශ මහතා, 10.30-11.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 11.00-12.00 දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුදීර හිමි, 12.15-12.30 “බුදුසරණ පුවත්පත” බෙදාදීම

දායකත්වය :– බුරුතගොල්ල ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය. 12.30-2.00 දක්වා වප් පුර පොහෝ දින පිළිබඳ දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා .2.00-3.00 ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා 3.00-4.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත හකුරුවෙල සිරිධම්ම හිමි 4.00-5.00 මහපිරිත් දේශනාව සහිත ‘මහාසමය සූත්‍ර දේශනාව’ ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා 5.00 ට සිල් පවාරණය සිදුකිරීම ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, 6.30 ට අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාමය

පෙරවරු 6.00-7.00 කිරිපිඬු පූජාව සීල සමාදානය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 08.00-8.30 භාවනාව, 8.30-9.30 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 9.30-10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 10.30-11.00 දෙතිස් ව්‍යංජන සහිත සම්බුදු පූජාව .

පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව 1.00-2.30 ධර්ම සාකච්ඡාව මහකෙළියේ ලොකු ස්වාමින් වහන්සේ සමඟ දිගන සුගතවංශ හිමි, 3.00-4.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 4.00-5.00 ධර්ම දේශනාවකි 5.00-5.30 සිල් පවාරණය සහ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.


කොබවක ශ්‍රී සුමනරාමය

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 27 වන දින කොබවක, ශී‍්‍ර සුමනාරාම මහා විහාරස්ථානයේදී ධර්ම දේශනාවක් සහ ධර්ම සාකච්ඡාවක් පැවැත්වේ. පෙරවරු 9.00 ට ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ වීදාගම පඤ්ඤාසෝම හිමියන් විසින් සවස 2.30 ට ධර්ම සාකච්ඡාව මෙහෙයවන්නේ දීයකඩුව කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්ය පේමරත්න ගමගේ මහතා විසිනි. මෙයට අමතරව දවස පුරා දාන, සීල, භාවනා වැඩසටහන් පැවැත්වේ. සවස 6.00 ට ගිලන්පලස බුද්ධ පූජා, බෝධි පූජා පින්කමකි.

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]