UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කොටහේනේ පදිංචි ඇම්.පිරිස් මිය (56) වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින් ඇයට “ඒ හෝ ඕ පොසිටිව් හෝ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ලංකා රෝහලේ වෛද්‍ය සුජිත් සෝමසිංහ මහතා නිර්දේශ කර ඇත. දෙදරු මවක් වන ඇයට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වේ නම් දුරකථන අංක 0777 571131 හෝ 072 4600383 වැඩි විස්තර දැන ගත හැක.


බොරලැස්ගමුව අංක 24 සාම මාවත පදිංචි පී.ජේ.බී. අරුණ සංජීව (41) දරණු වකුගඩු රෝගයකින් පෙළෙන බව දන්වා ඇත. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට දන්වා ඇත. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන 0777 318310 හෝ 077 6667377 දුරකථනයට දන්වන ලෙස අරුණ සංජීව මහතා ඉල්ලා සිටී. තවද වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඒ සඳහා ආධාර බොරලැස්ගමුව කොමර්ෂල් බැංකුවේ 8142014994 ගිණුම් අංකයට බැර කරන ලෙස ඉල්ලීමක් කරයි.


“ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති රෝගියෙකුට ඉක්මණින් බද්ධ කිරීම සඳහා වකුගඩුවක් අවශ්‍ය බව දන්වා සිටියි. පරිත්‍යාගශීලීන් වේ නම් (සුරේන්ද්‍ර ජයසිංහ) 0112 925 472 දුරකථනයෙන් විමසිය හැක.


වත්තල, එඬේරමුල්ලේ නො. 521/01 පදිංචි (37) එම්.ඩි. අනුරාධා නිරෝෂනී දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වේ නම් 0717264278 දුරකථනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


හලාවත, කොක්කවිල පදිංචි සුමතිපාල ජයසිංහ (70) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත. ඔහුට “බී පොසිටිව් හෝ නෙගටිව්, ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු දන්වා ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 077 82 74 789 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


අක්මාවෙන් කොටසක් ඉල්ලයි

පානදුර, අරුග්ගොඩ පදිංචි ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය අලෙවි විධායකවරයෙකු ලෙස සේවය කරන නිශාන්ත දමිත් පෙරේරා බොරළුගොඩ මහතා දරුණු අක්මා රෝගයකින් පෙළෙන බැව් දන්වා ඇත. ඔහුට හැකි ඉක්මණින් අක්මාවකින් කොටසක් බද්ධ කළයුතු බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජානක ඩී. සිල්වා ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිවර්ධන විශේෂඥ වෛද්‍ය මදුනිල් නිරිඇල්ල යන මහත්වරුන් නිර්දේශ කර ඇති බවද කියයි. එය ඉන්දියාවේ චෙන්නායි ග්ලෝබල් රෝහලේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා විශාල මුදලක් වැයවන අතර “බී හෝ ඕ” වර්ගයට අයත් අක්මාවක කොටසක් බද්ධ කිරීමට සිදුව ඇත. එම වර්ගයේ අක්මාවක කොටසක් හෝ මුදලින් ආධාර කළ හැකි පරිත්‍යාගශීලියෙකු ඇත්නම් දුරකථන අංක 071 2318111 හෝ 077 8691960 ඔස්සේ දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කරයි. ලබාදෙන මුදල් ආධාර සම්පත් බැංකුව, පානදුර ශාඛාව (1026 547 866 17) හෝ ලංකා බැංකුව, ලේක්හවුස් ශාඛාව 431 9653 යන ගිණුම් අංකයන්ට බැරකළ හැක.


අක්මාවෙන් කොටසක් ලබා ගැනීම

ගාල්ලේ පදිංචි රවින්ද්ර ලියනගේ (43) එක් දරු පියෙකි. ඔහු උපතේ සිට පවතින අක්මාවේ දුර්වලතාවයකින් පෙළෙන බව දන්වා ඇත. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් ලේ වර්ගය ඇති 50 අඩු, උස අඩි 5 1/2-6 අතර දියවැඩියා රෝගයෙන් නොපෙළෙන අයෙකුගේ අක්මාවෙන් කොටසක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කෙරේ. වැඩි විස්තර 0714176400 (ජනක) දැනගත හැක.


ශෛල්‍යකර්මයට ආධාර ලබා ගැනීම

වහමල්ගොල්ලෑව යාය 05 අංක 854 හි පදිංචි තරුෂ්ක පසිදු බණ්ඩාර අවුරුදු 03 ක ළදරුවෙකි. ඔහු දරුණු හෘද රෝගයෙකින් පෙළෙන බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව දන්වා ඇත. ඉන්දියාවේදී එම ශෛල්‍යකර්මය කළ යුතු බවද කියයි. දරුවාගේ පියා නොමැති අතර මව දැඩි අසරණභාවයකට පත් වී ඇති බව කියයි. ඔබගේ මුදල් මැදවච්චිය හැටන් නැෂනල් බැංකුව කේ.පී. විශාඛා කුමාරි (මව) නමින් ඇති ගිණුම් අංක 143020043685 ගිණුමට බැර කළ හැක. වැඩි විස්තර 0715976398 දුරකතනයෙන් විමසිය හැක.


දෙහිවල, දුම්රියපල පාර අංක 29 හි පදිංචි රෝහණ විතානගේ (49) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව දන්වා සිටියි. ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 0775450865 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


ශ්‍රී පුර, අභයපාර පදවි, අංක 1364 හි පදිංචි කේ.ඒ.එස්. ජයම්පති නමැති අය (36) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව දන්වා ඇත. ඔහුට “ඕ පොසිටිව්” රුධිර ගණයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය බී. අන්වර් සදාන් මහතා නිර්දේශ කර ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 077 8653442 හෝ 072 9145368 දන්වන ලෙස ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා මුදල් ගිණුම් අංක 9917683 (ලංකා බැංකුව) ගිණුමට බැර කළ හැක.


අංක. 697/3 එක්සත් මාවත, ගොංගිතොට, වත්තල යන ලිපිනයේ පදිංචි (අවු. 23 ක්) පී.චතුර සාරංග කුමාර යන තරුණයා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බව කියයි. ඔහුට වකුගඩුවක් බද්ධ කළයුතු බව මාලිගාවත්තේ ජාතික වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර පි‍්‍රයන්ත හේවාගීගන මහතා නිර්දේශ කර ඇති බවද දන්වයි. ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙක් වෙතොත් 077 1270742 දුරකථනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


වැලිගම, වනිගසිරි මාවතේ පදිංචි මාතර රාහුල විද්‍යාලයේ ආචාර්ය මංගල ප්‍රභාත් චන්ද්‍රනාථ වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඉක්මණින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නාලක හේරත් මහතා නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් වේ නම් 077 0495780 දුරකථනයට දන්වන ලෙස ද, ඖෂධ සඳහා එම්.පී. චන්ද්‍රනාථ නමින් සම්පත් බැංකුව, වැලිගම ශාඛාවේ ගිණුම් අංක 120954886615 බැර කරන ලෙසද ඉල්ලීමක් කෙරේ.

 


සෙවනගල කිරිඉබ්බන්වැව කුලතුංග බේකරිය බාරේ යන ලිපිනයේ පදිංචි ගීතිකා හෙට්ටිආරච්චි (33) එක්දරුමව දරුණු වකුගඩු ආබාධයකට ලක්ව ඇති බව කියයි. ඇයට බී පොසිටිව් (B+) වර්ගයේ හෝ ඕ පොසිටිව් (O+) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ මහ රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් ලබා දීමට කැමතියෙකු වෙත්නම් 077-5944822 හෝ 0475689909 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 


නාවලපිටිය,මීපිටිය,අංක 100 ච් හි පදිංචි එම්.පී.එන්.ප්‍රමුදිත දිල්ෂාන් (16) මෙවර අ.පො.ස.(සා.පෙ) විභාගයට පෙනී සිටින දරුවෙකි. ඔහුගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇතැයි වෛද්‍යවරු නිර්දේශ කොට ඇති බව කියයි. ඔහුට අවුරුදු 35-40 වයස් ඇති ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවටද වෛද්‍යවරු දන්වා ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 0752132383 හෝ 0766403962 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 


කළුතර, දොඩන්ගොඩ, පිළමිනාවත්ත, ශාන්ත පිළමිනාවත්ත අංක 310 හි පදිංචි ජී.කේ. රාජපක්ෂ (අවු. 28) එක්දරු පියා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා සිටියි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇති බවද කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන අංක 072 6766700 හෝ 072 8595 575 ට දන්වන ලෙස ද ඉල්ලීමක් කරයි.


කැලණිය සරසවියේ කලාවේදී උපාධි අපේක්ෂක (අවුරුදු 21) සිසුවෙකු දරුණූ වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකුවේ නම් දුරකතන 0776073482 හෝ 0712862250 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


අසාධ්‍ය රෝගියෙකුට වකුගඩුවක් අවශ්‍යව ඇති බව දන්වා සිටියි. “බී පොසිටිව්” වර්ගයේ අවුරුදු 50 ට අඩු අයෙකුගේ වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කෙරේ. වැඩි විස්තර 077 6445849 දුරකථනයෙන් දැන ගත හැක.


කොළඹ අයි.ඩී.එච් හි පදිංචි (59) හැවිරිදි නිහාල් ජේ. උඳුගොඩ මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව දන්වා ඇත. ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඔහුට අවශ්‍ය “ඕ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකථන අංක 071 7395921 දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කරයි.

 

 

    වප් පුර පසළොස්වක පෝය ‍

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග 9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]