UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරිපාර්ශ්වයේ අභිනව මහා නාහිමියන්ට සහ අනුනාහිමිවරු දෙනමට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවයෙන්...

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට එම පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ද (06) ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැත්විණි.

ඉතිරිය»

දොළොස් නෙතින් පිදුම් ලබන කදිරපුර වරුණ 

ජූලි මස 17 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වෙන කතරගම ඇසළ මහ පෙරහර මංගල්‍යය

ලක්දිව ජනවාස වූයේ විජයාවතරණයත් සමඟය. විජය රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් වු පණ්ඩුවාසදේව රජ සමයේ දඹදිවින් පැමිණි භද්දකච්චායනා කුමරියගේ සොහොයුරෙක් වූ රෝහණ විසින් රෝහණ ජනපදය පිහිටුවේය. රෝහණ ජනපදය සමීපයේ පිහිටි මාගම සහ කතරගම යන ඊට සමගාමීව ජනාවාස වු රාජධානි දෙකකි. වර්තමාන කතරගම යන පොදු ව්‍යවහාරයේ පවතින මෙකී නාමය පූර්වයේ ‘කාචරගාම' ලෙසත් ව්‍යවහාර වන්නට විය. හෙළයේ මහා අතීත කථාව වන මහාවංශයේ යථෝක්ත නාමය යෙදී ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කලණ මිතුරන් හා උතුමන් ඇසුර උතුම්ය

අපගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා කල්‍යාණ මිතුරන්ගේ ඇසුර ඉතාම වැදගත් වේ. මනුස්සයන් වූ අපට හුදකලාව ජීවත් වීමට නොහැකිය. එබැවින් යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය අවශ්‍ය බව සනාථ වේ. මිනිස් ජීවිතයේ වටිනාකමක් ඇත්තේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් සලසා ගත් විටය. එම දියුණුව වෙත ගමන් කිරීමේ දී නිවැරැදි මාවතට යොමු කළ හැක්කේ කල්‍යාණ මිත්‍රයන්ට පමණි.

ඉතිරිය»

ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය මහා විහාරය

මහින්දාගමනය ලෙසින් සිංහල ව්‍යවහාරයේ ප්‍රකට වූ ඒ අසිරිමත් සිදුවීම මීට වර්ෂ 2325 ඉහතදී පොසොන්පුර පසළොස්වක දිනයේ දී සිදුවූ බව දීපවංස, මහාවංස සහ සමන්ත පාසාදිකා ආදී අපේ පුරාණ ග්‍රන්ථවල ඉතා පැහැදිලි ලෙසින් සඳහන් වී ඇති කරුණකි. අනුරාධපුරය මධ්‍යගත කරගෙන ඒවන විට පණ්ඩුකාභය රජතුමා විසින් නගර නිර්මාණය කරන ලද බවද එතුමාගේ පුත් මුටසිව රාජ යුගය වනවිට මහාමේඝ උයන වැනි උයන්ද අනුරාධපුරයේ තිබුණි.

ඉතිරිය»

 

මරඟනන් පැරැදවීම සිතුවම සරත් නන්ද කුමාර

 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]