UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය 28 වන දා

ශ්‍රී මහා විහාර වංශාලංකාර විමල කීර්ති ශ්‍රී ධම්මාලෝක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමිපාණන් වහන්සේට ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුම් මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනිපත ප්‍රදානය පෙබරවාරි මස 28 වන දින පස්වරු 3.00 ට ශ්‍රී ජයවර්ධනපුර ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පැවැත්වේ.

ඉතිරිය»

හෙළයේ නිදහස් සටනේ ආරම්භය හා වාරියපොල සුමංගල මා හිමි

මේ දිනය අපේ ජාතිය පිළිබඳවත්, වසර දෙදහස් ගණනක උදාර මානව ශිෂ්ටාචාරයක් හා සංස්කෘතියක් උරුමව සිටි ශ්‍රී ලංකාව පිළිබඳවත් ඓතිහාසික වූවක් ම විය. මේ දින සිංහල ඉංගී‍්‍රසි දෙපක්ෂය ම නියමිත වේලාවට උත්සවශ්‍රීයෙන් ගිවිසුම අත්සන් කොට සිංහල, ඉංගී‍්‍රසි, ධ්වජ එක්වර එසවීමටත් යුහුසුලුව සංවිධානය වූහ. කලින් ඇති කර ගත් නියමයක්ව අනුව ඩොයිලි විසින් සිංහල, ඉංගී‍්‍රසි ධ්වජ ඔසවනු පිණිස සූදානම් වන ලෙස මහනුවර මඟුල්මඩුව ඉදිරිපස පෙළ සැදී සිටි සිංහල ඉංගී‍්‍රසි සෙන්පති දෙපළට නියම කරන ලදී. එදා එහි එක් පසක කොඩි සහ තුවක්කු අතට ගත් සිංහල යුද්ධ සේනාව ද අනික් පසින් ආයුධ සන්නද්ධ ඉංගී‍්‍රසි යුද හමුදාව ද පෙළ ගැසුණහ. තව මොහොතකින් නියමිත වේලාවට ඉංගී‍්‍රසි ධ්වජය කන්ද උඩරට නිල්වන් අහසෙහි ලෙළ දෙන බව හොඳින් ම දැන දැනත්, නො ඉවසිලිමත් භාවයෙන් ක්‍රියාත්මක වූ එක් දඩබ්බර ඉංගී‍්‍රසි සෙනවියෙක් වහා ඉංගී‍්‍රසි රාජකීය ධ්වජය අහසට නඟාලීය. මේ වන විටත් ඉංගී‍්‍රසි, සිංහල දෙපක්ෂය විසින් ගිවිසුම අත්සන් කොට නො තිබීම නිසා එසේ ඉංගී‍්‍රසි කොඩිය එසවීම නිත්‍යානුකූල ද නොවිය. එහෙත් අවුරුදු දෙදහස් තුන්සීයක් නිදහස්ව නිවහල්ව ජීවත් වූ ශ්‍රේෂ්ඨ වර්ගයාටත්, වර්ගයාගේ අතිනිර්මණ ආගම ධර්මයටත්, ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනටයත් කරන ලද මේ අව

ඉතිරිය»

ධර්ම දේශනාව:

සරු දෙය ලබන්නා

අද ධර්ම දේශනාව වශයෙන් මා තෝරාගත්තේ ධම්මපදයේ යමක වග්ගයේ එන 11 සහ 12 ගාථා දෙකයි. එහි සරල අදහස වන්නේ, නිසරු දේ සරු වශයෙන්ද සරුදේ නිසරු වශයෙන්ද දකින තැනැත්තා සරු දෙයක් නොලබයි. සරු දෙය සරු වශයෙන්ද නිසරු දෙය නිසරු වශයෙන්ද දකින්නා සරු දෙයම ලබයි.

ඉතිරිය»

මුනි සිරිපා පහස ලද මහියංගණ පුදබිම

බුදුරජාණන් වහන්සේ එදා ප්‍රථම වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මහියංගන දාගැබ ඉදිවන ස්ථානයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඇසූ සමන් දෙවියන් සෝවාන් වී වැඳ පුදා ගැනීමට පූජා වස්තුවක් ඉල්ලා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශධාතු මිටක් සමන් දෙවියන්ට ලබා දුන් සේක. සමන් දෙවියන් විසින් එම කේශධාතු නිදන්කොට ඉඳුනිල් මාණික්‍යයෙන් සත් රියන් දාගැබ කරවන ලදී. ඉන්පසු බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව සරභූ තෙරුන්වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ මෙම දාගැබෙහි ම නිදන් කොට දොළොස් රියන් උසට මේදෝ වර්ණ පාෂාණයෙන් දාගැබ කරවන ලදි

 

ඉතිරිය»

 

සිදුහත් කුමරු උයන්ක්‍රීඩාවට පිටත්ව යෑම සිතුවම - සරත් නන්ද කුමාර

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]