UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පොලොන්නරුව ගිරිතලේ අග්‍රබෝධි විහාරස්ථානයේ අග්බෝ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානය පසුගිය 09 වැනි දා සිදු කරන ලදී. එම සිසුන් සඳහා පානදුර, පරත්ත, චිත්තභාවනා මධ්‍යස්ථානයෙන් පාසල් බෑග් හා සුදුරෙදි තොගයක් පරිත්‍යාග කරන ලදී. චිත්තභාවනා මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයේ දී දහම් පාසලේ දක්‍ෂම ශිෂ්‍යාව ලෙස සම්මාන ලැබූ ජී.එච්. සිතාරා නිමන්ති ශිෂ්‍යාව සිරිකර නාහිමියන් අතින් ත්‍යාග ලැබූ අවස්ථාව. අග්‍රබෝධි විහාරාධිපති, දහම් පාසලේ ප්‍රදානාචාර්ය, අධ්‍යාපනපති වරදිවෙල ධම්මාරාම නාහිමියෝ ද මෙහි වෙති.

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය බත්තරමුල්ල චිත්ත විවේකාශ්‍රමයේ දී


1970 දී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් පුරාවිද්‍යාඥයින් විසින් කපිලවස්තු දාගැබ පතුලටම කැනීම් කරන ලද අවස්ථාවේදී තිලෝගුරු අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු සහිත ශෛලමය කරඬුව හමු වූ අතර එහි තිබූ සර්වඥ ධාතු වලින් කොටසක් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉන්දීය රජයේ මැදිහත් වීම මත මනා ආරක්ෂක විධිවිධාන යටතේ ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ප්‍රදානය කරන ලදී. එකී කපිල වස්තු සර්වඥ ධාතුන් වහන්සේලා මැයි මස 19 වෙනිදින වෙසක් පුන් පොහෝ දිනයේදී චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයට වැඩමකරවා සැදැහැවත් බෞද්ධ පින්වතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දීමට විහාර කාර්ය සාධක සමිතිය කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

වෙසක් පුර අටවක පෝය

 මැයි මස 11 වන දා ඉරිදා අපර භාග 09.37 ට ලබයි.
12 වන දා සඳුදා අපරභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 12 වන දා සඳුදා ය.

මීළඟ පෝය මැය මස 19 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]