UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙසක් මිහිර සංදර්ශන රථ චාරිකාව

කොළඹ බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වන වෙසක් මිහිර සංදර්ශන රථ චාරිකාව මැයි 12දා සිට මැයි 18 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. වෙසඟේ සුන්දරත්වය බෞද්ධ ආකල්ප හා බුදුගුණ ඇතුළත් ගී වාදනය කෙරෙමින් පුරා දින හතක් බොහෝ ප්‍රදේශවල එම රථ චාරිකාව සංචාරය කිරීමට නියමිතය. මේ සඳහා රාජ්‍ය ආයතන කිහිපයක සහ පෞද්ගලික ව්‍යාපාරික ආයතන කිහිපයක අනුග්‍රහය ලැබී ඇත. පහත සඳහන් ප්‍රදේශවල රිය පෙරහර සංචාරය කරන විට සර්වඥ ධාතු කරඬුවට හා බුද්ධ ප්‍රතිමා වහන්සේලාට මල් පූජා කොට ගෞරව උපහාර දැක්විය හැකි බව ශාන්ති පදනම, වෙසක් මිහිර කමිටුව බැතිමතුන් වෙත දන්වා සිටී.

සංචාරය කරන ප්‍රදේශ මෙසේය

මැයි 12 දින - කොටුව, මරදාන, දෙමටගොඩ, කොටිකාවත්ත, රාජගිරිය, පිටකෝටටේ, නුගේගොඩ, පැපිළියාන

මැයි 13 වනදා - මහරගම , බොරලැස්ගමුව , පැපිළියාන, අත්තිඩිය, ගල්කිස්ස, අළුත්ගම,

මැයි 14 වනදා - අම්බලන්ගොඩ, කහව, මීටියාගොඩ, බද්දේගම, කරාපිටිය, ගාල්ල, අකුරැස්ස, තෙලිජ්ජවිල, මාතර , දික්වැල්ල, වැවුරුකන්නල

මැයි 15 වනදා - බෙලිඅත්ත, තංගල්ල, නෝනාගම, අම්බලන්තොට, ඇඹිලිපිටිය, උඩවලව, කහවත්ත, පැල්මඩුල්ල, රත්නපුරය, ඇහැලියගොඩ

මැයි 16 වැනිදා - අවිස්සාවේල්ල, තල්දූව, රුවන්වැල්ල, කොටියාකුඹුර, ගලිගමුව, කෑගල්ල, නුවර, ගලගෙදර , මාවතගම

මැයි 17 වනදා - කුරුණෑගල, නාරම්මල, ගිරිඋල්ල, මිරිගම, පස්යාල, නිට්ටඹුව, යක්කල, ගම්පහ, ඉඹුල්ගොඩ.

මැයි 18 වනදා - කඩවත, කිරිබත්ගොඩ, දළුගම, කැලණිය, බියගම, කඩුවෙල, මාලබේ, අතුරුගිරිය, ගොඩගම, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, බත්තරමුල්ල, රාජගිරිය, නාරාහේන්පිට

වෙසක් පුර අටවක පෝය

 මැයි මස 11 වන දා ඉරිදා අපර භාග 09.37 ට ලබයි.
12 වන දා සඳුදා අපරභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 12 වන දා සඳුදා ය.

මීළඟ පෝය මැය මස 19 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]