UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ඉන්දියාවේ ධර්මදූත සේවය සඳහා භික්‍ෂූන් වහන්සේ පුහුණු කිරීම සඳහා ඉන්දීය මහා බෝධි සමාගම මගින් අන්ද්‍රා ප්‍රාන්තයේ ක්‍රිෂ්ණ දිස්ත්‍රික්කයේ බෞද්ධ පාසලක් නොබෝදා ඉන්දියාවේ මැති ඇමති වරුන්ගේ හා ඉහළ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් විවෘත කැරිණි.
අනතුරුව අන්ද්‍රා ප්‍රාන්තයට අයත් අමරාවතී නාගාර්ජුන කොණ්ඩ ඇතුළු පැරණි බෞද්ධ ආයතන කේන්ද්‍රකොට ගෙන ඉදිවෙන මහාබෝධි ආයතනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අන්ද්‍රා ප්‍රාන්තයේ ආණ්ඩුකාර පණ්ඩිත් නාරායන් දත් තිවාරි මහතාගේ මූලිකත්වයෙන් හයිද්‍රාබාද්හි ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්විණි. එහිදී ඉන්දීය මහාබෝධි සමාගමේ මහාලේකම් ආචාර්ය දොඩංගොඩ රේවත නාහිමියන් හා බරණැස ඉසිපතනයේ විහාරාධිපති ඉන්දීය මහාබෝධි සමාගමේ සහකාර මහාලේකම් ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන් විසින් ආණ්ඩුකාර තුමන්ට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ප්‍රදානය කළ අවස්ථාව. අන්ද්‍රා ප්‍රාන්තයේ පොලිස්පති බෞද්ධ නායක අන්ජනා රෙසිඩ් ඉන්දීය බෞද්ධ කොංග්‍රසයේ සභාපති ආචාර්ය සත්‍ය නාරායන් බෝධි, අන්ද්‍රා මහාබෝධි අරමුදලේ සභාපති එස්. සෙල්වයියා මහත්වරුද සේයාරුවේ වෙති.

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරස්ථානයට තායිලන්තයෙන් පරිත්‍යාගවශයෙන් ලැබුණූ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේලා 28 නමක් අට විසි බුදු කුටි තුළ තැන්පත් කිරීම එම විහාරාධිපති ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි පසුගිය මැදින් පෝයදා එම විහාරස්ථානයේදී සිදු කැරිණි. විහාරාධිපති නාහිමියන් හා විහාරවාසී පණ්ඩිත කැබිලියපොළ ධම්මාලංකාර හිමියන් සමග සිල්සමාදන් වූ උවසු උවැසියන් ඒ සඳහා පෙළ ගැසී සිටි අයුරු .

 

බක්පුර පසළොස්වක පෝය

    බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 28 වැනි දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]